Monday, 29 July 2019

රියලිටි ටිවි වැඩසටහන්

    රියලිටි ටිවි වැඩසටහන් යනු ද රුපවාහිනියේ ප්‍රදර්ශණය කෙරෙන තවත් වැඩසටහන් ෂානරයක් හෙවත් වර්ගිකරණයකි.මෙහිදි පිටපතකින් තොරව නාට්‍යානුරුපිව සහ ප්‍රහසනාත්මක අවස්ථා ඉදිරිපත් කිරිමට අපේක්ෂා කෙරේ.පිටපතකින් තොරව සහ සැලසුම් කිරිමකින් තොරව මෙවැනි අවස්ථා ඉදිරිපත් කෙරෙන්නේ ද යන්න පිළිබද දැන් විචාරකයෝ ප්‍රශ්ණ කරති. ඒ ඒ අවස්ථා පූර්වයෙන් සැලසුම් නොකරන ලද ආකාරයෙන් ඉදිරිපත් කිරිමට රියලිටි වැඩසටහන්වල නිෂ්පාදකයෝ වග බලා ගනිති.
     මෙහි තවත් ලක්ෂණයක් නම් වෟත්තිය නලු නිලියන් වෙනුවට සාමාන්‍ය පුද්ගලයන් යොදා ගැනිමයි. බොහෝ විට අවසානයේ ත්‍යාගයක් පිරිනැමෙන වැඩසටහනක් ලෙසින් මෙය ඉදිරිපත් කෙරේ. රියලිටි ටී වි වැඩසටහන්වල අතිතය 1948 වසර දක්වා අතිතයට විහිදි යයි. ඒ ඇලන් ෆන්ට් විසින් නිර්මාණය කරන ලද කැන්ඩිඞ් මයිකෝ‍රෆෝන් වැඩ සටහන පාදක කර ගනිමිනි.එහෙත් මෙම වැඩසටන් විශේෂයෙන් බිග් බ්‍රදර් සවයිවර් වැනි වැඩසටහන්වල සාර්ථකත්වය ඊට බලපැවේය. බිග් බ්‍රදර් රියලිටි වැඩසටහන ආරම්බ වන්නේ නෙදර්ලන්තයෙන් වන අතර මේ වන විට ලෝකයේ සැම කලාපයකට ම පාහේ මෙම වැඩ සටහන විවිධ වෙනස්කම් සහිතව හෝ රහිතව හෝ ව්‍යාප්ත වි තිබේ. නෙදර්ලන්තයේ වෙරොනිකා නාළිකාවේ 1999 වසරේදි මුලින් ම එම වැඩසටහන ප්‍රචාරය කෙරිණි.
      බිග් බ්‍රදර් වැඩසටහනේ දි සිදු කෙරෙන්නේ එම රුපවාහිනි වැඩ සටහනට සම්බන්ද සම්බන්ධ වන මිනිසුන් කණ්ඩායමක් එක් විශාල නිවසකට එකට වාසය කිරිම සදහා කිරිම සදහා ඉඩ සැලසිමයි. මෙම විශාල නිවසේ රදවනු ලබන පිරිස පිටස්තර ලෝකයෙන් වෙන් කෙරෙති. බොහෝ විට පුද්ගලයන් 12-16ත් අතර පිරිසක් තරගය සදහා සම්බන්ධ කර ගැනෙති. අවසානයේ දි මුලදි ත්‍යාගය ජයග්‍රහණය කිරිමට නම් විවිද කාල අවස්ථාවල දි පිටස්තර ලෝකයට යැමට ලැබුණු ුඅවස්ථාවල දි එයින් බේරි විශාල නිවසේ අවසන් පුද්ගලයා දක්වා රුදි සිටිමයි.මෙම තරගයේ නිති රිති හා සැලැස්ම රටින් රටට වෙනස් වන ලෙස සකස් කර ගෙන ඇත.
     රියලිටි වැඩසටහන් අතරින් වඩාත් මගින් ගේම් ෂෝ ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහන් ආකෟති ගණණාවක් ආවරණය කෙරේ.රියලිටි වැඩසටහන් ආකෟති ගණණාවක් ආවරණය කෙරේ. රියලිටි වැඩසටහන් අතරින් වඩාත් ජනප්‍රසාදයක් දිනා ගත් වැඩසටහනක් නම් ඇමර්කන් අයිඩල් වැඩසටහනයි. ඇමරිකන් අයිඩල් වැඩසටහනේ සිදු කෙරෙන්නේ නවක ගායන ශිල්පින් හා ශිල්පිනියන් අතරින් සුපිරි තරු තෝරා ගැනිමය්.කෙසේ වෙතත් මෙම ඇමරිකන් අයිඩල් වැඩසටහනට අවශ්‍ය සංකල්පය ලබා ගන්නේ බි්‍රතාන්‍යයේ ප්‍රචාරය කෙරුණු පොප් අයිඩල් වැඩසටහනෙනි.
     රියලිටි වැඩ සටහන් මගින් දිරි ගැන්වෙන්නේ දර්ශාස්වාදය නමැති ගුණය බව බොහෝ රියලිටි වැඩසටහන් මගින් ආවරණය කෙරෙන ප්‍රදේශ විමසිමේදි පෙනි යයි.සමාජය විවෟත විම නව වින්දනාත්මක ප්‍රවේශයන් කරා ගෙන ඒම ජනප්‍රිය සංස්කෟතියේ ඒජන්තයන් පිරිසක් වන රියලිටි වැඩසටහන් නිෂ්පාදකයෝ සිදු කරති. මේ තුළින් කිසිවක් පූජනිය නොවේ යන සංකල්පයට පාර කැපි තිබේ. කලින් සැලසුම් නොකළ තත්වයන් යටතේ මිනිසුන් හැසිරෙන්නේ කෙසේද යන්න නිරික්ෂණය කිරිම දර්ශාස්වාදයේ කොටසකි.සිනමාව ටෙලි නාට්‍ය ආදි වූ නිර්මාණවල දක්නට ලැබෙන්නේ බොහෝ විට තිර රචනයක් අනුව කෙරෙන රංගනයකි. එහෙත් රියලිටි වැඩසටහන්වලින් සැලසුම් නොකරන තත්වයන් යටතේ ක්‍රියා කරන ආකාරය නි්රික්ෂණය කිරිමේ ආශ්‍රව ත්‍රිව කරයි. රියලිටි වැඩසටහන් මගින් සියලුම ප්‍රේක්ෂයන්ට වැඩසටනේ ඕනම අවස්ථාවකදි තමන්ට සහභාගි විමට හැකි විමේ සම්භාවිතාව පිළිබද හැගිමක් ඇති කරයි. 

රූපවාහිනි නාට්‍ය කලාව

   ඈත අතිතයේ අතිතයේ සිටම මිනිසා කතා ඇසිමට ප්‍රිය කළේය. කතන්දර කිමට හා ඇසිමට මිනිසා තුළ සහජයෙන්ම පිහිටා ඇති නොනිත් ආශාව නිසා කතා කලාව බිහි විය. කතාවක් ඉදිරිපත් කිරිම හෝ ආඛ්‍යාතයක් ගෙන හැර පැම විිවිධ මාධ්‍ය ඉවහල් කරගෙන නොයෙක් ක්‍රමවලට සිදු කළ හැකිය.
     කතන්දර කිම සහ ඇසිම මානව ශිෂ්ටාචාරය ආරම්භයේම සිටම පවතින්නට ඇතැයි අනුමාන කළ හැකිය. මුලදි ශ්‍රව්‍ය ගෝචර ස්වරුපයෙන් පැවති කතා කලාව පසුව රග දක්වා පෙන්වනු ලබන රංග කලාවක බවට පරිවර්තනය විය. එතැන් පටන් ිමිනිසා කතන්දර රග දක්වනු බැලිමට රුචි කළේය.විිවිධ මාධ්‍ය උපයෝගි කරගෙන විවිධාකාරයෙන් රග දක්වන කතන්දර පොදුවේ හදුන්වනුයේ නාට්‍ය කලාව යනුවෙනි. වේිදිකාවක් මත රග දක්වනු විට ඒවා වේදිකා නාට්‍ය යනුවෙන්ද සිනමා තිරයේ රග දක්වනු විට රූපවාහිනි නාට්‍ය ටෙලි නාට්‍ය යනුවෙන්ද හදුන්වනු ලැබේ.
     එකම මූලයකින් උපත ලබා ඇති බැවින් වේදිකා නාට්‍ය වෟත්තාන්ත චිත්‍රපට හා රූපවාහිනි නාට්‍ය අතර යම් යම් සමාන ලක්ෂණ විද්‍යාමාන වේ.නව නලු රසය මැවෙන පරිදි කතා වස්තුව ගොඩ නැගිමේ සන්දර්භය අතින් බලන විට මෙම මාධ්‍ය තුනම පොදුවේ නාට්‍ය නැමැති කලා ප්‍රභේදය යටතෙහි ලා සැලකිමය හැකිය.නාට්‍ය රග දැක්විfමි අරමුණු හා නැරභිමේ විලාසය යුගයෙන් යුගයට කාලයෙන් කාලයට වෙනස් වි ඇත.මේ පිළිබදව නාට්‍ය කථිකාචාර්වරයෙකු මෙන්ම බි බි සි රූපවාහිනි ආයතනයේ වැඩසටහන් නිෂ්පාදකයෙකු වන ඬේවිඞ් සෙල්ෆ් මෙබදු අදහසක් පල කරයි.
       ‘ඇත අතිතයේ දෙවියන්ට පුද සත්කාර පිණිස ගෞරව දැක්විමේ මාර්ගයක් වශයෙන් නාට්‍ය යොදා ගැනුණි.ග්‍රික බැතිමතුන් එපිඩොරස් හෝ ඩෙල්පි අසලට රුස් වුනේ ඔවුන්ගේ දිව්‍යමය හා මිනිස් විරයන් පිළිබද කතා පුවත් රග දක්වනු බැලිමටය.පසු අවදියේ දි නාට්‍ය නැරඔිම තවදුරටත් වන්දනිය පුද පිලිවෙතක් නොවුණු අතර එය වරප්‍රසාද ලත් පංතියක සුඛෝපභෝගි ජිවිතයේ අංගයක් බවට පත් විය.සමාජයේ සුලු පිරිසක් අශ්ව කරත්තයකින් නගරයට ගොස් නාට්‍ය දර්ශණයක් නරඔා ප්‍රිතිය භුක්ති විදින්නාවූ ප්‍රභු සමාජයට පමණක් උරුම අංගයක් බවට නාට්‍ය කලාව පත් විය.
        නාට්‍ය කලාවේ අභිපා්‍රය අරමුණු බාවිතය හා නැරඔිමේ රටාව කාලයත් සමග පරිවර්තනය වි ඇති ඇති ආකාරය ඬේවිඞ් සෙල්ෆ්ගේ ඉහත කි ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වේ.නාට්‍ය කලාවේම තව ස්වරුපයක් ලෙස සැලකිය හැකි රුපවාහිනි නාට්‍ය කලාව වර්තමානයේ බොහෝ රටවල බෙහෙවින්ම ජනප්‍රිය කලාංගයකි.කේම්බි්‍රජ් සරසවියේ නාට්‍ය පිළිබද මහාචාර්වරයෙකු වු රේමන්ඞ් විලියම් පවසන ආකිරයට බි්‍රතාන්‍යය නාට්‍යකරණය වු සමාජයකි.
         රුපවාහිනියේ බ්හි විමත් සමග නාට්‍ය නැරඕමේ දෛනික ජිවිතයේ ගෟහ්‍ය අත්දැකිමක් බවට පත් වි ඇති ආකාරය මහාචාර්ය රේමන්ඞ් විලියම්ස් පෙන්වා දෙයි.දැන් බහුතරයක් මිනිසුන් සතියකට වැඩි පැය ගණනක් නරඔන්නේ සැම නිවසකටම ආයාසයකින් තොරව නොපවතින ප්‍රවාහයක් සේ නාට්‍ය ගලා එන බැවිනි.

වෙළඳ දැන්වීම් ආශ්‍රිතව ගොඩනැඟෙන කාන්තා ප්‍රතිරූපය


ධනේෂ්වර ආර්ථිකය තුළ අනිවාර්ය ලක්‍ෂණයක් වන්නේ භාණ්ඩ අලෙවිය පිළිබඳ තරඟයයි. භාණ්ඩ පිළිබඳ අවශ්‍යතාවය පාරිභෝගිකයා තුළ ඇති කිරීමට මෙයින් හැකියාව ලැබේ. මෙසේ නිෂ්පාදන හෝ සේවාවන් පාරිභෝගිකයා වෙත ගෙය යාම සඳහා එක්තරා කලාවක් අවශ්‍ය වේ. එය ප්‍රචාරණය ලෙස හඳුන්වා දිය හැකිය. මෙය පුද්ගලයන් රාශියකගේ එකතුවකින් නිර්මාණශීලීව සිදු වන්නකි.

භාණ්ඩ අලෙවිය සඳහා ප්‍රචාරණ විධි අනුගමනය කිරීමේදී එය වඩා ඵලදායී අන්දමට කිරීමට නිෂ්පාදකයා උනන්දු වේ. මෙහිදී කාන්තාව හා ඇගේ රුව භාවිත කිරීම තුළින් මෙම ප්‍රචාරණය වඩා කාර්යක්‍ෂමව කිරීමට බොහෝ විට උත්සාහ ගනී. කාන්තා රූපය ප්‍රචාරණයට උපයෝගී කර ගැනීම සමඟ එය කාන්තාවගේ සමාජීය ප්‍රතිරූපය ගොඩනැංවීම සඳහා ද බලපානු දැකිය හැකිය. මින් කාන්තාවන් පිළිබඳව සමාජය තුළ එක්තරා ලිංගිකව හැඟීම් දැනවීමක් දක්නට පුළුවන. කාන්තාව මෙවැනි තත්වයකට පත් කිරීම සඳහා ප්‍රයෝජනයට ගන්නා ප්‍රධානම සාධකය ඇගේ ශරීරයයි. කාන්තාවගේ ශරීර අවයව උලුප්පා දැක්වීම හේතු කොටගෙන මෙවැනි ආකල්ප ගොඩනැඟේ. ඒ තුළින් කාන්තාව රසාස්වාදය සඳහා යොදා ගැනෙන භාණ්ඩයක් බවට පත් කෙරේ. මෙම තත්වය ඇගේ සමාජ තත්වය කෙරෙහි ද ඊඨ අමතරව ඇය සමාජය තුළින් විශේෂයේනම පුරුෂයන්ගේ ප්‍රචණ්ඩත්වයට පත්වීමට ද මග හෙළි කරයි. කාන්තාව ලිංගික අවශ්‍යතාවයන් සඳහා යොදා ගැනෙන තැනැත්තියන්ය යයන මතය තහවුරු කිරීමට මෙවැනි මතවාද ඉවහල් වී ඇත.

කාන්තාවන් ප්‍රචාරණ කටයුතු වලදී යොදා ගැනීම පුවත්පත් ටෙලිනාට්‍ය හා දැන්වීම් පුවරු ආදිය තුළින් සිදු කරනු ලැබේ. වෙළඳ දැන්වීම් වලදී කාන්තාව මවක්, බිරිඳක්, පෙම්වත්යක් යනාදි තත්වයන් තුළ ඇගේ කාර්යය භාරයන් පිළිබඳ ඉස්මතු කොට දක්වති. උදාහරණ වශයෙන් කිරිපිටි දැන්වීම්, දරුවෙකුට තුවාලයක් සිදු වූ විට විෂබීජ නාශක යෙදීම වැනි මාතෘ ගුණය ඉස්මතු කිරීමට මෙම වෙළඳ දැන්වීම් වලින් උත්සාහ ගැනේ. ඒ තුළින් ව්‍යාපාරිකයාට පාරිභෝගිකයන්ගේ අවධානයන තම නිෂ්පාදන වෙතට යොමු කර ගැනීමට හැකියාව ලැබේ. අනෙක් අතට කාන්තාවගේ රූපය ශෘංගාරාත්මකව දැක්වීඹට ද වෙළඳ දැන්වීම් උපයෝගී කර ගනී. ඒ අනුව මෙය විකිණීම, සබන් අලෙවිය, ටයර් අලෙවිය යනාදි වෙළඳ දැන්වීම්වලදී කාන්තාවන්ගේ අඟපසඟ ප්‍රදර්ශනය කරති. මෙට්ට පිළිබඳ ප්‍රචාරණයේදී කාන්තාව නිදාගෙන සිටින දර්ශනයක් ඉදිරිපත් කරයි. අලෙවිය සඳහා ඇති මෙට්ටය ප්‍රදර්ශනය නොකොට කාන්තාවගේ රූපය පමණක් ප්‍රදර්ශනය කිරීම තුළින් මුදු, පහස පිළීබඳව පණිවිඩයක් දීමට උත්සාහ ගැනේ. සබන් දැන්වීමකදී කාන්තාවන් නාන කාමරයේ සබන් ආලේප කරන ආකාරය විනිවිද දකින ආකාරයට කැමරා කෝණ සකස් කොට ඇගේ සම සහ ශරීරය ප්‍රදර්ශනය කිරීමට උත්සාහ ගනී. ටයර් අලෙවියේදී ද කාන්තාවගේ අඩ නිරුවත් ඡායාරූපයක ඇගේ කලවා ප්‍රදේශය කේන්ද්‍ර කොට නරඹන්නාගේ අවධානය යොමු කර ගැනීමට උත්සාහ ගැනේ. මේ තුළින් කාන්තාවගේ රූපය ඉස්මතු කිරීමට කරනු ලබන ප්‍රයත්නයක් දක්නට පුළුවන.

කාන්තාව භාණ්ඩයක් ලෙස වෙළඳපොල තුළ ඉදිරිපත් වීම, පුරුෂයාට සාපේක්‍ෂව සිදුවේ. පිරිමින් කඩිසර වි්ශිෂ්ට ප්‍රතිරූපයකින් යුක්ත බව පෙන්වීමට උත්සාහ ගැනේ. ඊට සාපේක්‍ෂව කාන්තාව සියුමැලිකම, රූමත්කම, මෘදු මොලොක් වැනි ගුණාංග ඉස්මතු කිරීමට උත්සාහ ගැනේ.


ස්ත්‍රී පුරුෂ සමාජභාවය


ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන්නෙන් කාන්තාව හා පිරිමියා පිළිබඳවත්, ඔවුන් අතර ඇති සමාජයීය සහ සංස්කෘතිකමය සබඳතාවන් පිළිබඳවත් සමාජය විසින් නිර්මාණය කරන ලද මතවාදයන් යන්න අදහස් වේ. ස්ත්‍රීභාවය (Feminity) සහ පුරුෂභාවය (Masculinity)  යන්න ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව සංකල්පයේ මූලිකත්වය ගන්නා අතර, කාන්තාව සහ පිරිමියා විසින් සමාජය තුළ නිරූපණය කරන භූමිකාවන් ඒ හරහා නිරූපණය වේ. මෙය 1970 දශකයේ  සිට වර්ධනය වූ සංකල්පයකි. “ඈන් ඔස්ලේ” වැනි සමාජ විද්‍යාඥයින් විසින් ආරම්භ කරන ලද  මෙම විෂය පසුකාලීනව විවිධ ක්‍ෂේත්‍ර ඔස්සේ වර්ධණය විය. සමාජ නිර්මිතය සමාජයෙන් සමාජයට, රටින් රටට වෙනස් වේ. මානව වර්ග, ජාති, කුල, ප්‍රදේශ අනුව ද මෙම තත්වයන් සමාජ හා සංස්කෘතික වෙනස්වීම් අනුව සිදුවේ.ච එම නිසා ස්ත්‍රී පුරුෂ ලිංග භේදය මෙන් නොව ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනස්වන සුළු දෙයකි. මානව සමාජය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකින් යුක්තය. ඒ ස්ත්‍රී පුරුෂ වශයෙනි. පුරුෂයන්ට ලොව සෑම සමාජයකම අගය කිරීම සිදුවන්නේ පුරුෂයින් ශාරීරිකව හා මානසික වශයෙන් ශක්තිමත් එඩිතර, ඉක්මන් තීරණ ගත හැකි නායකත්වයක් සහිත බුද්ධිමත් තාර්කික කොටසක් ලෙසටය.

ස්ත්‍රී පුරුෂ සමාජභෘවය ආරම්භයේ සිට විද්‍යමාන වන එළැඹුම වූයේ එය පුරුෂාධිපත්‍යයට එරෙහි සංකල්පයක් ලෙසිනි. පුරුෂාධිපත්‍යය යන්න කවර සමාජ ක්‍රමයක සම්භවය වූ සංකල්පයක් ද යන්න නිශ්චිතව හඳුනා ගැනීඹට අපහසුය. පීතෘ මූලික සමාජයක පුරුෂයා කෙරෙහි ආධිපත්‍යය බල රටාවක් ගොඩනැඟූ බව පුරුෂාධිපත්‍යය සංකල්පයේ ඓතිහාසික මතවාද විමසුමට ලක් කිරීමේදී පැහැදිලි කෙරේ. මීට අමතරව මහාචාර්ය මෝටිමෝ වීලර්, දික්ෂිත් වැනි පුරාවිද්‍යාඥයින් මොහොන්දජාරෝ, හරප්පා ශිෂ්ඨාචාර ආශ්‍රිත කැණීම් ඇසුරෙන් මව් දෙවඟන සංකල්පය එම ශිෂ්ඨාචාර තුළ පැවති බව හඳුනාගෙන තිබේ. ඒ අනුව ඒවා පුරුෂාධිපත්‍ය සමාජ ක්‍රමයන්ට පෙර ක්‍රියාත්මක වූ ස්ත්‍රීය මූලික කරගත් සමාජ ක්‍රමයක් වශයෙන් විශ්වාස කෙරෙයි. ලෝකයේ බොහෝ නව මතවාදයන් ව්‍යාප්ත වූ සමයක ස්ත්‍රිත්වය පිළිබඳ නව්‍යවාදී දෘෂ්ටිකෝණයකින් විග්‍රහ කළ රසෑන් අයිස්ලර් ස්වකීය විග්‍රහයේදී අර්ථකථනය කරන්නේ ප්‍රේමය සහ සමාව පිළිබඳ ඉගැන්වෙන ආගමක් වශයෙන් ක්‍රිස්තියානි ධර්මය තුළින් හෝ පෘථිවිය මත ස්ත්‍රිත්ව සංකල්පය සාධාරණීකරණය කර නොමැති බවයි. ශුද්ධ වූ බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ ලෝකෝත්පත්ති කථාවේ ලෝකයේ මැවීම පිළිබඳ සංකල්පයේදී ගැහැණියට ද්විත්ව ස්ථානය ලබාදී තිබෙන බව අයිස්ලර්ගේ අදහසයි. පුරුෂාධිපත්‍යය සමාජ ක්‍රමය වඩ වඩාත් ස්ථාවරත්ම කාන්තාවගේ ස්ථානය මව් දෙවඟනගේ සිට උපයෝගීතා භාණ්ඩයක මුහුණුවර දක්වා විකාශනය විය. ජනමාධ්‍ය, වෙළඳ දැන්වීම්, සිනමාව ආදි මේ බොහෝ ක්‍ෂේත්‍රවල කාන්තාව උපක්‍රමික අරමුණු සහිතව භාවිත කෙරෙන්නක් බවට පත්විය. කාන්තාව සහ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ප්‍රථම වරට අවධානය යොමු වූයේ 1982 වසරේ පැරීසියේ පැවති කාන්තාව හා ජනමාධ්‍ය සමුළුවේදී ය. ජනමාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ කාන්තාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී ප්‍රධාන ලක්‍ෂණ 2 ක් හඳුනාගැනීමට පිළිවන. පළමුවැන්න කාන්තාවන් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ රැකියා ආශ්‍රිතව නියැලීමේ ප්‍රතිශතය අඩු වීමයි. දෙවැන්න එසේ වුවද ස්ත්‍රී රූපය මාධ්‍ය තුළ බෙහෙවින් දැකිය හැකි වීමයි.

වර්තමාන ලෝකය තුළ ප්‍රවෘත්ති, දැනුම සහ විනෝදාස්වාදය යන මානව සන්නිවේදන අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙහි ලා මූලිකම දායකත්වය ජනමාධ්‍ය විසින් සපයනු ලැබේ. ගැහැනිය සහ පිරිමියා සම්බන්ධයෙන් සමාජය තුළ පවතින මතවාද පැතිරවීමට සහ එු්වා ශක්තිමක් වීමට වැඩියෙන්ම බලපානු ලබන්නේ ජනමාධ්‍යයයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ජනමාධයේ හැසිරීම පුරුෂාධිපත්‍ය තුළ කාන්තාවට හිමි ද්විතීය ස්ථානය සාධාරණීකරණය කරන සහ එය ප්‍රචලිත කරන ආකාරයේ එකක් බව අතිශය පැහැදිලිය.

උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ සන්නිවේදන අධ්‍යයනාංශයේ ආචාර්ය ජුලියා ටී. වුඞ් ප්‍රකාශ කරන ආකාරයට ජනමාධ්‍යය ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ජනමතය හසුරුවන්නට දායක වන ආකාර 3 ක් ඇත.
1 කාන්තාව අවතක්සේරුකරණය කිරීම.
2 කාන්තාව සහ පුරුෂයාට සමාජයේ පිළිගත් මතය තුළ හිමි ප්‍රතිරූප දිගින් දිගටම ප්‍රචාරණය කිරීම.
3 කාන්තාව පුරුෂයාට වඩා අඩු වැදගත්බවින් පෙන්වීම.

ජීව විද්‍යාත්මකව ස්ත්‍රියට සහ පුරුෂයාට ලැබී ඇති ලිංගික වෙනස මත සමාජය විසින් දීර්ඝ කාලයක් තිස්සේ වෙනස් වූ සමාජ තත්වයන් මෙම දෙපක්‍ෂය සඳහා නිර්මාණය කර දී ඇත. සමාජය සහ සංස්කෘතිය මගින් මෙම බෙදීම් සිදු කර තිබෙන අතර, සෑම ඒකකයකදී මෙන් සෑම ස්ථරයකදී ම දක්නට ලැබේ. ස්ත්‍රින්ට සසහ පුරුෂයන්ට එකිනෙකට වෙනස් වූ ගති ලක්‍ෂණ, අනන්‍යතා, හැසිරීම් රටා, භූමිකා සහ වෘත්තින් පවා සමාජය විසින්ම නිර්මාණය කර දී තිබේ. ස්ත්‍රින්ට සහ පුරුෂයන්ට පවරා දී ඇති එම සමාජ සංස්කෘතික තත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවය ලෙස තවදුරටත් සරලව ගෙන හැර දැක්විය හැකිය. මෙය සමාජය විසින් නිර්මාණය කර දී තිබෙන අතර, ලිංගික බව මෙන් ස්වභාව ධර්මයෙන් ලැබුණු දෙයක් නොවේ.

ජීව විද්‍යාත්මකව ස්ත්‍රියට සහ පුරුෂයාට ලැබී ඇති ලිංගික වෙනස මත සමාජය විසින් දීර්ඝ කාලයක් තිස්සේ වෙනස් වූ සමාජ තත්වයන් මෙම දෙපක්‍ෂය සඳහා නිර්මාණය කර දී ඇත. සමාජය හා සංස්කෘථිය මගින් මෙම බෙදීම සිදු කර තිබෙන අතර, සෑම ඒකකයකදීඹ මෙන්ම සෑම ස්ත්‍රියකගේම එය දක්නට ලැබේ. ස්ත්‍රින්ට සහ පුරුෂයන්ට එකිනෙකට වෙනස් වූ ගත් ලක්‍ෂණ, අනන්‍යතා, හැසිරීම් රටා, භූමිකා සහ වෘත්තින ්පවා සමාජය විසින්ම නිර්මාණය කර තිබේ. ස්ත්‍රින්ට සහ පුරුෂයන්ට පවරා දී ඇති එම සමාජ සංස්කෘතික තත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවය ලෙස සරලව හඳුන්වා දිය හැකිය. මෙම සමාජ නිර්මිතය සමාජයෙන් සමාජයට රටින් රටට වෙනස් වේ. මානව වර්ගය, ජාතිය, කුලය, ප්‍රූදේශ අතරද මෙම සමාජ තත්වයන් සමාජ හා සංස්කෘතික වෙනස්වීම් අනුව සිදුවේ.

ස්ත්‍රී පුරුෂ බෙදීම තුළ ඔවුන්ට පැවරී ඇති වගකීම් ස්වභාව ධර්මයෙන් හිමි වී ඇති ප්‍රජනක කාර්ය මෙන්ම ගෘහාශ්‍රිත සියලු කාර්යයන්ද සමාජය විසින් ස්ත්‍රියට පවරා දී ඇත. ඒ අනුව,
1 ගේ දොර වැඩ කටයුතු
2 දරුවන් පෝෂණය කිරීම
3 රැක බලා ගැනීම.
4 මව්පියන් රැක බලා ගැනීම.

එයට වෙනස් ආකාරයට ගෘහයෙන් පිටත ආදායම් ඉපයීමේ කාර්යය පුරුෂයාට පවරා දී ඇත. ඒ අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු ලිංගිකත්වය පදනම් කරගෙන සමාජ විසින් කාලාන්තරයක් තිස්සේ විධිමත්ව නිර්මාණය කර දෙනු ලැබූ සමාජ සබඳතාවයක් ලෙස සරලව හැඳින්විය හැකිය.



සන්නිවේදනය යනු


සන්නිවේදනය යන්නෙහි පදානුගත අර්ථය වන්නේ අදහස් හෝ හැඟීම් වඩා හොඳින් ප්‍රකාශ කිරීම යන්නයි. යමෙක් තමන් සතුව තිබූ අදහසක්, හැඟීමක් හෝ දැනුමක් තවත් අයෙකුට හෝ කිහිප දෙනෙකුට, ඇතැම් විට ජනමාධ්‍යයක් යොදාගෙන දහස් ගණනක ජන කොටසකට එකවර දැනුම් දුන් විට එම දැනුම, අදහස හෝ හැඟීම ඒ සියලු දෙනාගේ පොදු අදහසක්, හැඟීමක් හෝ දැනුමක් බවට පත් වීඹ මෙහිදී සිදුවේ.

අද මුළු විශ්වයම එකම ගම්මානයක් බවට පත් කර ගැනීමේ ශක්තිය සන්නිවේදන මාධ්‍යයන්ට ලැබී තිබේ. එය වත්මන් ලෝකයේ තාක්‍ෂණික වර්ධණයේ ප්‍රතිඵලයක් ලෙස එක් අතකට සැලකිය හැකිය. අනෙක් අතට සන්නිවේදනය යනු මානවයාගේ මූලික අවශ්‍යතාවයකි. එය වඩාත් පහසු කර ගැනීමේ අරමුණින් තාක්‍ෂනික මාධ්‍යයන් යොදා ගත් බවද සිතිය හැකිය. මානව සමාජයේ අන්තර්ගත සම්බන්ධතාව ගොඩනැඟෙන හුයක් ලෙස සන්නිවේදනය හඳුන්වා දිය හැකිය. එසේම මනුෂ්‍ය සමාජයේ මූලිකන පෙළගැස්ම සන්නිවේදනය ඔස්සේ සිදුවන බව දක්නට ලැබේ. සන්නිවේදනය මිනිසාගේම අවශ්‍යතාවයකි. එබැවින් එහි හුදෙකලා පැවැත්මක් හෝ ගුප්ත ස්වභාවයක් ද දක්නට නොමැත. අප සන්නිවේදනය හැදෑරීම යනුවෙන් අදහස් කරන් නේ මිනිසා ගැන හැදෑරීමය. මිනිසා සමාජ කණ්ඩායම් සමඟ සම්බන්ධතා දක්වන ආකාරය තොරතුරු ලබාගන්නා ක්‍රම හා හුවමාරු කර ගන්නා ක්‍රම, ඉගෙනීම හා ඉගැන්වීම්, විනෝදය ලබාගැනීඹ යනාදී සියල්ල සන්නිවේදනය ක්‍රියාවකලිය හා ප්‍රතිබද්ධ වී ඇත.

මානව සන්නිවේදනය යනු කුමක්දැයි හඳුනාගැනීමට නම් අප විසින් ාජනයා එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය සොයා බැලිය යුතුය. මිනිසා එකිනෙකා හා සම්බන්ධතා ගොඩනඟා ගන්නේ සන්නිවේදනය මූලික කරගෙන ය. විශාල ජන පිරිසක් ඔවුනොවුන් අතර අදහස් හුවමාරු කර ගැනීමට ප්‍රයත්න දරනවා විය හැකිය. යමෙකු විසින් කියන කිසියම් දෙයක් යමෙකුට අවබෝධ කර ගත හැකි වන්නේ ඔවුනොවුන්ගේ ඇති අදහස්, ආකල්ප, මතිමතාන්තරවල සමීපතාවය අනුවය. එම නිසා සන්නිවේදනයේ ඇති මූලික ගති ලක්‍ෂණ ඉඳුරාවම වෙන් කොට දැක්වීම දුෂ්කර බව මහාචාර්ය විල්බර් ශ්‍රාම් දක්වා තිබේ. ඔහු දක්වන පරිදි සන්නිවේදනය යන්න මිනිසාගේ තෙවන ශ්‍රවණ ඉන්ද්‍රියයකි.

පුද්ගලයින් දෙදෙනෙකු අතර එක සමාන මනෝ වෘත්තියක් ඇති කරලීම සන්නිවේදනය බව මහාචාර්ය විල්බර් ශ්‍රාම් පැහැදිලි කොට ඇත. සන්නිවේදනයෙහි යෙදෙන පුද්ගලයන් අතර සමාජ පසුබිම, අත්දැකීම් පසුතලය සම තත්වයක පවතී නම් එකී කාර්යය වඩාත් පහසු වන බව ශ්‍රාම්ගේ නිර්වචනයෙන් පැහැදිලි වේ. මෙබඳු සමාජ තත්වයක් නොතිබුණද, සන්නිවේදනයෙහි යෙදීමට බාධාවක් නැත. එහෙත් ඉදිරිපත් කරන සන්දේශයෙහි අරුත නිසි පරිදි වටහා ගැනීමට ඇති බාධාව මේ නිසා උද්ගත වේ. එබැවින් ගැඹුරු සන්නිවේදන ක්‍රියාවලියක දී දෙපක්‍ෂය අතර සමානත්වයක් තිබීම වඩාත් ප්‍රතිඵලදායකය.

හැරල්ඞ් ඩී ලැස්වෙල් නමැති සුප්‍රකට දේශපාලන විද්‍යාඥයා පැහැදිලි කර ආකාරයට කිසියම් පුද්ගලයෙක් යම් කිසිවක්, කිසියම් මාධ්‍යයකින් යමෙකුට කිසියම් අර්ථයක් සඳහා කියනු ලබන දෙය සන්නිවේදනයයි. ලැස්වෙල්ගේ මේ විග්‍රහයෙහි විවිධ අඩු ලුහුඬූකම් ඇති බව පසුකාලීන සන්නිවේදන විද්‍යාඥයෝ පෙන්වා දී ඇත්තාහ. ලැස්වෙල්ගේ දේශපාලන කටයුතු අරමුණු කරගෙන මෙකී විග්‍රහය කර ඇති බව පෙනේ. කෙසේ වුවත් සන්නිවේදනයේ මූලික ලක්‍ෂණ හඳුනාගැනීමට ඔහුගේ විග්‍රහය උපකාර වන බව කිව හැකිය.

කාලය හා දුර ජයග්‍රහණය කර ගැනීමේ අවශ්‍යතාවය මිනිසාට ඈත අතීතයේ සිට ම දැනුණු බව පෙනේ. එහි ප්‍රතිඵලයක් ලෙස සංකේත අකුරු මුද්‍රණය හා තාක්‍ෂණික මාධ්‍ය යනාදිය බිහි විය. මෙම ඓතිහාසික වර්ධනය තුළ සන්නිවේදන ක්‍රියාවලියද පුළුල් වී ගිය බව පෙනේ. මිනිසා විසින් ජනමාධ්‍ය එනම්, පුවත්පත, ගුවන් විදුලිය, රූපවාහිනිය, සිනමාව, වීඩියෝ, පරිගණකය, අන්තර්ජාලය යනාදිය නිපදවා ගන්නා ලද්දේ සන්නිවේදනය හා ප්‍රතිබද්ධ වී පවතින සියලු සමාජ අවශ්‍යතා ඉටු කර ගැනීමේ අරමුණින්  යුක්තවය.

ජනමාධ්‍ය ප්‍රභවය වීඹට පෙර මානවයා විසින් විවිධ සංකේත, සංඥා යනාදිය අදහස් ප්‍රකාශනය සඳහා යොදා ගන්නා ලදී. විග්‍රහ කිරීමේ පහසුව සඳහා සන්නිවේදන විද්‍යාඥයන් විසින් මේ කරුණු කොටස් දෙකකට බෙදා තිබේ.

1 වාචික සන්නිවේදනය
2 අවාචික සන්නිවේදනය

වාචික සන්නිවේදනය යනු භාෂාව පදනම් කරගෙන කරනු ලබන සන්නිවේදනයයි. අවාචික සන්නිවේදනය යනු අභිනය, සංකේත, සංඥා යනාදිය යොදා ගෙන කරනු ලබන සන්නිවේදනයයි. මූලික වශයෙන් සංඥා ක්‍රම අවස්ථා තුනක් යටතේ විග්‍රහ කළ හැකිය.

1 ස්වභාවික සංඥා
2 මුද්‍රා සංඥා
3 සන්නිවේදන සංඥා


Tuesday, 23 July 2019

නවමාධ්‍ය භාවිතය

නවමාධ්‍ය භාවිතය

            වර්තමානය තුළ සෑම ක්‍ෂේතයක් තුළම නව මාධ්‍ය යොදා ගනී. සුනන්ද්‍ර මහේන්ද්‍රයන්ට අනුව නව මාධ්‍ය සදහා හුරු වීමට අකමැති බොහෝ දෙනාට අනාගතයේදි බොහෝ දේ අහිමි වන බව පවසයි. මේ තුළින් සමාජයට නව මාධ්‍ය තුළින් වන බලපෑම පහදයි. ලෝක සංවර්ධිත රටවල නව මාධ්‍ය භාවිතය ඉහළ මට්ටමක පවතී. 1960 දශකයේ දී පරිගණක විප්ලවීය කලාවන් හා මිශ වීම සමග වඩාත් ශක්තිමත් මාධ්‍යක් බවට පත් විය. 1980 දශකය තෙක් රූපවාහිනිය ගුවන් විදුලිය යන ජන මාධ්‍යවල විකාශන කටයුත ඇනලොප් තාක්ශනය සමග වෙනස් තත්වයක් ඇති විය. අද වන විට මේවා වෙනස් වී ඇත.                                           
    ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංදර්භය තළ සාම්ප්‍රද්‍රයික මාධ්‍ය භාවිතය ක්‍රමිකව යටපත් වෙමින් නව මාධ්‍ය භාවිතය ඉස්මතවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙී. විශේෂයෙන්ම නූතන තරුණ පරපුර නව මාධ්‍ය ප්‍රවාහයේ ප්‍රධාන පාරිභෝගිකයා බවට පත්ව තිබේ. විද්‍යූත් සංන්නිවේදනය විවිධ ක්‍රම මගින් මානව ලෝකය ඉදිරියට ගෙන යමින් සිටියි. තාක්ෂණය හෙවත් ඉලෙක්ටෝ‍රනික් තාක්ෂණය මෙහි මූලද්‍රව්‍ය ලෙෂ හැදින්විය හැක. ඒ අනුව අපි සියලු දෙනා විද්‍යුත් පවුලක සාමාජිකයින් වී සිටිමු. නුතන නව මාධ්‍ය සම්ප්‍රදාය නව මාධ්‍ය භාවිතයේ සුවිශේෂ ප්‍රවණතාවයක් වන්නේ එහි ඇති සමාජ මාධ්‍ය පැතිකඩයි.                                     
    තාක්ෂණය සන්නිවේදන අතික්‍රමණය කිරිමෙි වැදගත්ම පරිවර්තනය වන්නේ මිනිසාගේ කාලයේ හා අවකාශයේ පරිමාව මිනිසාට සුදුසු පරිදි කළමනාකරණය කර ගැනිමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගැනිමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගැනිමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර තිබිමයි. සාම්ප්‍රදායික මාධ්‍ය ග්‍රාහකයා ප්‍රචාරය වන වැඩ සටහන ඒ මොහොතේම නැරබිය යුතු හෝ වුවත් නව මාධ්‍ය ප්‍රවණතාවය තුළ ගා්‍රහකයාට තමන්ට පහසු විටක සහ තමන්ට අවශ්‍ය වේලාවක තමන්ට අවශ්‍ය මාධ්‍ය පටිතය පරිශිලනය කිරිමෙි හැකියාව ලැබි තිබෙි.එවන් පසුබිමක ශ්‍රී ලංකාවෙි නව මාධ්‍ය ප්‍රවණතා  සමාජයට කරන බලපෑම විමසා බැලිම ඉතා වැදගත් වන්නේය.                                                 
ම’ට දශක කිහිපයකට පෙර හෝ ඊට පෙර පැවති පුර්ව සාමිප්‍රදායික මාධ්‍ය පුද්ගල හා සමාජ ජිවිතය ඒකාබද්ධ කිරිමට ප්‍රමාණවත් කාර්යභාරයක් කළේය.පුර්ව සාමිප්‍රදායික මාධ්‍ය ලෙස සැළකිය හැකි බලි තොවිල් ශාන්තිකර්ම කෝළමි සොකරි වැනි සන්නාවේදනයන් හි නිර්මාණාත්මක ජිව ගුණය පැවතියා සේම ඒ තුළ පුද්ගල හා සමාජ ජිවිත ඒකරාශි කරන ස්වරූපයක් අන්තර්ගතව තිබුණි.                                                                  
නමුත් අද එම කාරණා වෙනස් විම කෙරෙහි නව මාධ්‍ය ප්‍රවණතා බරපතල ලෙස ඉවහල් වී ඇත. ඊට මුලිකවම හේතු වී ඇත්තේ කාලය හා අවකාශ ගා්‍රහකයාගේ කැමැත්ත පරිදි තෝරා තෝරා ගැනිමට විශාල වපසරියක් නිර්මාණය කර ගැනිමට සම්ප්‍රදායික මාධ්‍යයන්හි හැඩතලයන් සකස් කර ගැනිම කෙරෙහි නව මාධ්‍ය ප්‍රවණතාවයන්ට ඉහළ අගයක් හිමි වී ඇත. 

ජනප්‍රිය සංස්කෘතිය හා මාධ්‍ය

ජනප්‍රිය සංස්කෘතිය හා මාධ්‍ය
                      ජනපිය සංස්කෘතිය හා මාධ්‍ය යන තේමාව සමකාලින තත්වයක් තුළ ඉතා ගැඹුරු හා පුලුල් අධ්‍යන පරාසයක් බවට පත් වී තිබේ. ඊට හේතුව නම් මාධ්‍යයේ ඇති වී තිබෙන සංකිර්ණ හැසිරිම හා සිදු වී ඇති සංස්කෘතික විපර්යාසයයි. මෙහිදි සංස්කෘතියක් හුදු පල් වන එක් තැනක රුදි පවතින දෙයක් වශයෙන් තැනිය නොහැකිය. සංස්කෘතිය දිනෙන් දින වෙනස් වෙය. එය සංස්කෘතියේ ස්වභාවයයි.                                                                     
  සංස්කෘතිය යනු කුමක්දැයි යනුවෙන් කිසිවෙකුගේ හෝ විමසුවොත් ඊට පරිපුර්ණ පරිසමාප්ත පිළිතුරක් දිමට සමතෙකු නොමැත. එහෙත් සංස්කෘතිය යනු කුමක්දැයි හදුනා ගැනිමට පොදු සම්මතයකන් ගණනාවක් බුද්දිමතුන් අතර පවති. භාෂාව සංස්කෘතියේ අංගයකි. ඊට අමතරව අදහස් විශ්වාස ඇදහිම් තහංචි සංකේත ආයතන ආදිය සංස්කෘතියේ අංග වේ.
   
          ජනප්‍රිය සංස්කෘතිය ප්‍රචලිත කිරිමේ ගාමක බලවේගය වූයේ ජන මාධ්‍යයි. ජනප්‍රිය සංස්කෘතිය තරම් චිවේචනයට භාජනය වූ තවත් සංකල්පයක් නොමැති තරම්ය. ජනප්‍රිය සංස්කෘතිය තරම් ය.ජනප්‍රිය සංස්කෘතියට එල්ල වන ප්‍රධානතම චෝදනාවක් වන්නේ එය පරිභෝජනවාදය ප්‍රචලිත කරන දූෂිත ක්‍රමයක් බවයි. ජනප්‍රිය සංස්නුකෘතිය පිළිබද ශාස්තා්‍රලිය වශයෙන් හැදැරිමෙන් පසු සංස්කෘතිය හා පහත් සංස්කෘතිය වශයෙන් හැදැරිමෙන් පසු සංස්කෘතින් අතර තිබූ සිමා බිද දැමිමේ සංකල්පය ඉදිරිපත් විය. මේ අනුව සංස්කෘතින් අතර විභේදනය හුදු සෞන්දර්යාත්මක සහ බුද්ධිමය කරුණක් පමණක් නොව ඊට වැඩි වශයෙන් දේශපාලනික කරුණක් බව ශාස්ත්‍රඤයෝ පෙන්වා දෙන්නට වන්හ.
   
        මේ අනුව ජනප්‍රිය සංස්කෘතිය යන සංකල්පය පිළ්බද විමසා බැලිමේදි එය අධ්‍යන පරාසයක් වශයෙන් කරළියට පැමිණෙන්නේ 20වැනි සියවස අවසාන ආරම්භයත් සමගිනි.විශේෂයෙන් බටහිර ශිෂ්ටාචරය පදනම් කර ගනිමින් ජනප්‍රිය සංස්කෘතිය ජනිත වේ. එවක ප්‍රධාන ධාරාවේ සංස්කෘතිය නිල නොවන එක් වීමක් වශයෙන් ජනප්‍රිය සංස්කෘතිය මුල් ඇද ගත්තේය. ජනප්‍රිය සංස්කෘතියට අයත් අදහස් පර්යාවලෝක ආකල්ප ආදිය ගෝලිය වශයෙන් ප්‍රධාන ධාරාවක් ලෙස 20 වැනි සියවස අග භාගය වන විට සහ 21 වැනි සියවසේදි පෙරට පැමිණ ඇත.  

Monday, 22 July 2019

වෙළද ප්‍රචාරණයේ අවශ්‍යතාවය හා වැදගත්කම


   වෙළද ප්‍රචාරණය වත්මන් තරගකාරි ලෝක ආර්ථිකයේ අංගයක් බවට පත් වී ඇත. සියලු සමාජ සබදතා මූල්‍යමය වටිනාකම් මගින් මිනුම් කෙරෙන ආර්ථික රටාවක් තුළ වෙළද ප්‍රචාරණයට හිමි වී ඇත්තේ ප්‍රමුඛ ස්ථානයකි. ඒ පිළිබද කිසිම විවාදයක් නැත. ප්‍රචාරණය සතු මෙබදු සුවිශේෂත්වයක ප්‍රතිඵලය වී ඇත්තේ පවුල් පවුල් ඒකක හැටියට පමණක් නොව සමාජමය වශයෙන් වුවත් ස්වයං නිදහස් චින්තන අනුව කටයුතු කිරිම පාලනය කිරිමට පවා ඊට අවකාශ සැලසි තිබිමයි.
   නිදහස් වෙළදපොළ ආර්ථික රටාවක් මුල් කරගත් වත්මන් ආර්ථික රටාවක් මුල් කරගත් වත්මන් ආර්ථික ලෝකය තුළ භාණ්ඩ සේවා හා අදහස් අලෙවි කිරිම සදහා ප්‍රචාරණයේ ඇති වැදගත්කම පහත සදහන් බටහිර ප්‍රකාශ මගින්ද පැහැදිලිව කිය වේ. ‘කිසියම් ජාතියක ස්ථාවර බව හා සමෟද්ධිය මනින මිනුම් දණ්ඩ ප්‍රචාරණයයි. එය රුකියා කෙරෙහිද ජිවන ප්‍රමිතිය කෙරෙහිද බලපායි.’
    ‘අද ලොව වෙළද දැන්විම් වලින් තොරව මුදල් ඉපයිය හැක්කේ මුදල් අච්චුගසන සමාගම්වලට පමණයි.’මෙම ප්‍රකාශ වලින් නිදහස් වෙළද පොළ ආර්ථිකයේ ප්‍රචාරණයේ ඇති වැදගත්කම පැහැදිලි වේ.
   ආර්ථික සමාජිය හා සංස්කෟතික ක්ෂෙත්‍ර පවා ප්‍රචාරණයට ආධිපත්‍යයට යට වි තිබේ. ඒ ඒ ජන කොටස් වලට උරුම වු හා ආවේණික වු සංස්කෟතික හර පද්දතින් පවා පරිවර්තනයකට ලක් කරමින් නව සංස්කෟතින් බිහි කිරිමට ද වෙළද ප්‍රචාරණයට හැකි වි ඇත.
    මෙයින් පෙනෙන්නේ වෙළද ප්‍රචාරණයට සුවිශේෂ වු අසිමිත බලයක් එකතු වී තිබෙන බවයි. එම බලය නිරතුරුවම මනිනු ලබන්නේ පාරිභෝගිකයින් මිලට ගන්නා භාණ්ඩ හා සේවාවන් මගිනි. සියලුම වාණිජ විද්‍යුත් විකාශන වියදම් සදහාත් පුවත්පත් හා සගරා වියදම් සදහාත් මිල ගෙවනු ලබන්නේ ප්‍රචාරණ වෙළද දැන්වීම් මගිනි. එම සියලු වියදම් ද විකුණුම් සදහා ඉදිරිපත් කරන භාණ්ඩ හා සේවාවල විකුණුම් මිලට අන්තර්ගත කරනු ලබයි.විකුණුම් ලබා ගැනිමේදි ප්‍රසිද්දිය ලබා ගැනිමේ දි එක් මාර්ලුගයකි වෙළද දැන්වීම්”මෙය ඔක්ස්පර්ඞ් ඉංග්‍රිසි කෝශයේ ප්‍රචාරණය අර්ථ දක්වා ඇති ආකාරයයි. 
     පාරිභෝගික ජනතාව මෙන්ම පොදුවේ මහජනතාවටත් මුලු මහත් සමාජයටත් සියලුම ජාතින්ටත් දැන්විය යුතු කරුණක් පණිවිඩයක් ප්‍රචාරය කිරිමද ප්‍රචාරණ ක්‍රියාවලියට අයත් කාර්යයක් ලෙස වර්තමානයේ සැලකේ.අද ලෝකය පුරා ක්‍රියාත්මක වන වෙළද ප්‍රචාරණ විමර්ශණය කිරිමෙිදි පෙනෙන ලක්ෂණයක් නමි සන්නිවෙිදන මාධත්‍ මගින් නොයෙක් ආකාරයේ ලුහුඩු දැන්විමි ද ප්‍රචාරණය සදහා යොදා ගැනිමයි. වෙළද ව්‍යාපාර සදහා පමණක් නොවන වෙනත් විවිද සමාජ සේවා සංවිදාන සුභ සාදක සංවිධාන හා දේශපාලන පක්ෂ වල කටයුතු සදහාද ප්‍රචාරණය උපයෝගි කර ගන්නා ආකිරය පැහැදිලිව පෙනේ.ශ්‍රි ලාංකිය ප්‍රචාරන උපයෝගි කර ගන්නා ආකාරය පැහැදිලිවම පෙනේ.ශ්‍රි ලාංකිය ප්‍රචාරණ ක්‍රියාවල්ය තුළ ලුහුඩු දැන්විමි වශයෙන් මංගල යෝජනා ,,මෝටර් රථ වාහන විකිණිම හා ලබා ගැනිම නැති වු බඩු භාහිරාදිය පිළිබද දැන්විමි ආදිය පවතින අතර රුපවාහිනි මාධ්‍ය තුළ එම ලුහුඩු ප්‍රචාරණ දැන්වි තවමත් බහුල ලෙස විකාශනය නොකොර්
  එසේම භාණ්ඩ හා සේවා විකිණීම හැරුණු විට තම නිෂ්පාදන ආයතන වල ගෞරවය කිර්තිනාමය ඔප් නංවා ගැනිම සදහා ප්‍රචාරණය උපයෝගි කර ගනි. වෙළද ප්‍රචාරණය උපයෝගි කර  ගනි.වෙළද ප්‍රචාරණය උපක්‍රම ශිලිව සැලසුම් කරන ලද සුවිශේෂ වු පෙළභ විම්  ක්‍රමයකි . අප විචාරශිලි පරිභෝගිකයන් විමට නම් වෙළද ප්‍රදාරණය සත්‍ය වශයෙන්ම අප විසින් අවබෝධ කර ගත යුතු වුත් පිළි ගන්නා වුත් සැබැ බලවේගයක් බව පිළිගත යුතුය.                                                                                                   
.                                                                                                   

Saturday, 20 July 2019

චරිත තුනක් නව කතාව විචාරාත්මක ඇසින්.......

විසිවන සියවසෙහි මෙරට සාහිත්‍ය පුනරුදයෙහි ප්‍රමුඛ සාහිත්‍ය කරුවන් අතර කේ.ජයතිලකට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. 1960 දශකයේදී ආරම්භයේදී නව කතා රචනයට පිවිසි කේ.ජයතිලක මහතා නව කතා කේෂ්ත්‍රයේ උසස් සාහිත්‍ය කෘති ගණනාවක් රචනා කර ඇත. ඔහු විසින් පලකළ පලමු නව කතාව වන පරාජිතයෝ රසිකයන්ගේ ප්‍රසාදයට පාත්‍ර විය. අනතුරුව මේ ලේඛකයා තවත් නවකතා රුසක් පල කරන ලදි. ඉන්පසුව මෙම ලේඛකයා විසින් චරිත තුනක් දෙලොවට නැති අය අධිෂ්ඨාන, රාජපක්ෂ වලව්ව, පුංචි රාළගේ මරණය යනාදිය ජයතිලකයන්ගේ නිර්මාණ වන්නේය. මෙම නවකතා අතරින් චරිත තුනක් හා පුංචිරාළ ගැමි සමාජ පසුබිම් පාදක කරගෙන රචනා කරන ලද නිර්මාණ විය. ගැමියන්ගේ සිතුම් පැතුම් ජීවන ගැටලු ආදිය මේ නව කතා දෙක ඔස්සේ විවරණය විය චරිත තුනක් නව කතාවේ එකම පවුලේ සහෝදරයන් තිදෙනා අතර දක්නට ලැබෙන ගති ස්වභාවයන්ගේ විවිධත්වය කලාත්මකව ඉදිරිපත් කර ඇත. කතුවරයා ගැමි බස යෙදීමේදීත්, චරිත නිරුපණයේදීත් දක්වන කුසලතා මෙම නව කතාව ඔස්සේ මනාව පෙනේ. නව කතා කරුවකු හැටියට කේ. ජයතිලක සමාජයෙහි ආදරය දිනාගෙන ඇත්තේ ඔහු මෙරට සෑම නවකතාකරුවකුටම වඩා අව්‍යාජ අයුරින් ගැමි ජන ජීවිතය පිළිබඳ සජීවමාන අත්දැකීම් නව කතාව සඳහා වස්තු විෂය කරගෙන ඇති හෙයිනි. චරිත තුනක් නව කතාවට පසුබිම් කරගෙන ඇත්තේ කේ.ජයතිලක නැමති ලේඛකයාට උපන්ගම හා එහි සමාජ පරිසරයම බව පෙන්. එය තෙත් කලාපයට අයත් සියනෑ කෝරළයේ ගමක් වන කන්නිමරයි. කේ.ජයතිලක 18 විය තෙක්ම තම ගමෙහි ජීවත් වූ අයෙකි. එහෙයින් ඔහුට ගමෙහි ජීවිතය කිසිසේත්ම ආගන්තුක නොවේ. ඔහු තම නව කතාවට කෘෂිකාර්මික ජන දිවියෙහි තොරතුරු ඇතුළත් කරන්නේ සවිඥනිකවමය.

කේ.ජයතිලකයන්ගේ  ර්‍චරිත තුනක්” නව කතාව සම්බන්ධයෙන් විවිධ විද්වතුන් විවිධ වූ මත වාද වූ ඉදිරිපත් කොට ඇත. ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ඉදිරිපත් කරනු ලබන මතවාද මෙසේය.
වික්‍රමසිංහගේ ගම්පෙරළිය කියමන ඕනෑම කෙනෙකු එහි චරිත විශේෂයෙන්ම නන්දාවතීගේ චරිතය සිංහල සංස්කෘතියේ නිර්මාණයක් සේ සැලකීම ස්වභාවිකය. ඒ ඔවුන් විවිධ අවස්ථාවන්ට මුහුණ දෙන ආකාරයත්, ඔවුන් වෙනත් අය සමඟ සම්බන්ධකම් පවත්වන ආකාරයන් අනුවය. ජයතිලකගේ නව කතාව රටේ බටහිරකරණය වූ අර්ධ නාගරික ප්‍රදේශයෙන් එතරම් දුරස්ථ නොවූ ප්‍රදේශයක් පසුබිම් කරගෙන ඇති අතර ඔවුන්ගේම පෞද්ගලිකත්වයක් සහිත චරිත අපට ඉදිරිපත් කරයි. ඒවා දෙවර්ගයකි. එක් වර්ගයක් සාම්ප්‍රදායික සාරධර්ම අනුව ගිය ඒවාය. අනිත් වර්ගය නම් පුද්ගල චරිතය මෙලෙස එදිරිවීර සරත්චන්ද්‍රයන් තම මතය  චරිත තුනක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබයි.

එමෙන්ම සුනිල් මාධව ප්‍රේමතිලක නැමති විචාරකයා චරිත තුනක් නව කතාව පිළිබඳව පොදුවේ දක්වන ලද අදහස මෙසේය.

මෙම නව කතාවේ කිසියම් අපූර්වත්යක් තියෙනවා පමණක් නොවෙයි. ඒ හරහා පාඨක මනසට ඉතා විශාල ආලෝකයක් ලබාදීම සිදු කරයි. එය සාහිත්‍ය කරුවෙකු අතින් ඉටුවිය යුතු වගකීමකි. එමෙන්ම සැබෑ සාහිත්‍යකරුවා නිරතුරුවම සමාජ ප්‍රපංචයන් සමඟ අනොන්‍ය වශයෙන් බැඳි සිටිය යුතුය. ඔහු සමාජය විනි විද දකින පුද්ගලයකු විය යුතුය. ඒ වගේම සමාජය නැමති ප්‍රපංචය නිවැරදිව අවබෝධ කරගත් පුද්ගලයකු විය යුතුය. කේ. ජයතිලක එවැනි ලක්ෂණවලින් සන්නද්ධව සිටී පුද්ගලයෙක් ලෙස  ර්‍ණසුනිල් මාධව ප්‍රේමතිලක” පෙන්වා දෙනු ලබයි.

මෙලෙස කේ.ජයතිලකයන්ගේ නිර්මාණකරණය පිළිබඳව විවිධ මතවාද පවතී.
 ර්මාණයක් යනු නිර්මාණකරුවෙකු අතින් බිහිවන්නා වූ සුවිශේෂ වූ කලා මාධ්‍යයකි. මෙසේ සුවිශේෂත්වයට පත්වීම සඳහා නිර්මාණකරුවා සතු නිර්මාණශීලිත්වය ඉතා වැදගත් වේ. කේ. ජයතිලකයන් අතින් බිහිවූ චරිත තුනක් නව කතාව පාඨක සිත් තුළ ඉමහත් රුචිකත්වයට පත්වීම සඳහා මෙම නිර්මාණය සතුව පවත්නා පොදු ලක්ෂණ හේතු විය. චරිත තුනක් නව කතාව ගැමි පරිසරය තේමා කරගනිමින් තමා විදින ලද විවිධ අත්දැකීම්  ර්‍ණකේ.ජයතිලකයන්” ඉසාගේ අත්දැකීම් ලෙස ඉදිරිපත් කරනු ලබයි. චරිත තුනක් නව කතාවේ පවත්නා පොදු ලක්ෂණ මෙලෙස  හඳුනා ගත හැකිය.

  •    වස්තු විෂය
  •    චරිත නිරූපණය
  •     අත්දැකීම්
  •     යථාර්ත නිරූපණය
  •     නිර්මාණාත්මක බස් වහර
  •     ජීවන දෘෂ්ඨිය
  •     දෘෂ්ඨි කෝණය හෙවත් කථන ක්‍රමය
යනාදිය මෙම නිර්මාණය තුළ පවත්නා පොදු ලක්ෂණ ලෙස හඳුනාගත හැකිය. මෙම ලක්ෂණ නිර්මාණයන්ට අන්තර්ගත කර ගනිමින් නිර්මාණයන් බිහි කිරීමට නිර්මාණකරුවා සතුව පවත්නා ගුණාංගය ද හේතුවන වේ. එම ගුණාංගය නම්,

  •     පරිකල්පනය
  •     සතතභ්‍යාසය
  •     බහුශ්‍රැතභාවය
  •     වාසනා ගුණය
  •     ව්‍යුත්පත්තිය

මෙවැනි ලක්ෂණ නිර්මාණකරුවා සතුව පැවතීම හේතුවෙන් සාර්ථක නිර්මාණයක් සමාජය තුළට දායාද වනු ඇත. එවැනි ගුණාංග වලින් පරිපූර්ණ වූ ලේඛකයෙකු ලෙස කේ. ජයතිලකයන් හැඳින්විය හැකිය.
       නව ප්‍රබන්ධ සාහිත්‍යයේ එන පාඨක සිත් අමන්දානන්දයට පත්කල කලා අංගයක් ලෙස නවකතාව හැඳින්විය හැකිය. නව කතාව යනු නව්‍යත්මය සම්බන්ධයෙන් පෙර නොවූ විරූ අවධානයක් යොමුකළ සාහිත්‍යාංගයකි. චරිත තුනක් නව කතාව මෙලෙස න්‍යවත්වය සම්බන්ධයෙන් අපූරු බවක් ඉසුලූ අපූර්ව නිර්මාණයක් ලෙස පාඨක සිත් සතන් තුළ ජනිත වී ඇත. මෙලෙස අපූර්වත්වයට පත් වීම සඳහා එහි වස්තු විෂය පාඨක සිත් සතන් තුළට අපූර්ව ලෙස සමීප වී ඇ
        චරිත තුනක් නව කතාව සාම්ප්‍රදායික ගැමි පවුලක උපන් සහෝදරයන් තිදෙනකු වටා නිර්මාණය වී ඇති නව කතාවක් ලෙස හැඳින්විය හැකිය. පිටිසර පවුල්වල මෙබඳු චරිත දැක්විය හැකිය. එහිදී කතුවරයා මෙම සාම්ප්‍රදායික ගැමියන්ගේ ජීවන තත්ත්වයන් ඔවුන් ජීවත්වීම සඳහා දරන ප්‍රයත්නයන් එබඳු ප්‍රයත්න අසාර්ථක වූ කල ඔවුන් කටයුතු කරන ආකාරයක් ඉතා සියුම්ව නිරීක්ෂණය කරයි. මව පියා සහ දරුවන් අතර අනෝ‍යය වශයෙන් ඇති ඇලීම් බැදීම් ගැටීම් සහ දුරස්ථවීම් අපූර්ව ලෙස ගොඩනගන්නට මෙහිදී නවකතා කරුවා සමත් වි ඇති බව මෙහි ඇතුලත් සිද්ධි දාමයක් මෙන්ම එම සිද්ධි අවස්ථා ගොඩනැගීමට යොදාගන්නා භාෂාව මගින් ද පැහැදිලි වේ. වැඩි වශයෙන් කතුවරයාගේ අවධානය යොමු වී ඇත්තේ ගැමි පරිසරයේ ගැමි දරුවන්ගේ ක්‍රියා කලාපයන්ය. පියා ජීවන අරගලයට මැදිව ඔහු වෙහෙස මහන්සි වී උපයන ධනය දරුවන් වෙනුවෙන් කැපකොට ජීවත් වුව ද දරුවන් නිසිමඟට යොමුකර ගැනීම පිළිබඳව මෙහි ගැමියා තුළ නිසි අවබෝධයක් නොතිබුන බව සනාගේ චරිතය මගින් වුව ද පැහැදිලි වේ. ඇතැම් විට ඉසා සහ රංජිත් නොමඟට යොමු වන්නේ නිරායාසයෙන්ම බව පැහැදිලි වන තැන්ද නවකතාවේ දැකිය හැකිය.

  මිනිස් ජීවිත වෙලා පවත්නා පොදු ධර්මතා අනාවරණය කිරීම සඳහා පහසුවන වස්තු විෂයයන් මෙම නවකතාව සඳහා වස්තු විෂය වී ඇත.
      මෙම නවකතාවෙන් කියවෙනුයේ පුද්ගලයන් තිදෙනෙකු ගැනය. පිටිසර බද පවුල් බොහොමයක මේ තිදෙනා දක්නට ලැබෙන නමුත් මා නිරූපණය කිරීමට උත්සාහ කර ඇත්තේ ඔවුන් තිදෙනා කන බොන ඉඳින සිටින ආකාරයට වැඩියෙන් මනුෂ්‍යත්වය පිළිබඳ මූලික ලක්ෂණ තුනක ක්‍රියාකාරිත්වයයි. යනුවෙන් කේ ජයතිලකයන් තම නව කතාව පිළිබඳ හැදින්වීමක් කරයි. පුද්ගලයන් තිදෙනෙකු යොදාගෙන ඔවුන්ගේ චිත්තභ්‍යන්තරය විග්‍රහ කිරීමට කතුවරයා දරන උත්සාහය ඔස්සේ පොදු මනුෂ්‍ය ස්වභාවයේ එක් පැතිකඩක් විවරණය කිරීමට දරණ උත්සාහයක් ලෙස හඳුනාගත හැකිය. මෙම වස්තු විෂය කතුවරයා මැනවින් නිරූපණය කොට ඇත්තේ මෙසේය.
     “තටු විදහාගත් දැවැන්ත පක්ෂියෙකු පරිද්දෙන් අන්ධකාරය ලෝකය වසා ගනී. මෙම කඳු ගැටයෙන් සෙමෙන් සෙමෙන් බැස අවුත් ඉස්තෝප්පුවේ වාඩි වෙමි. සනාගේ ගෙදර පහනක් දැල්වේ. රංජිත් ගේ ගෙදර ලාම්පුවක් පත්තු වේ. මගේ හද තුළ වූ කිසියම් ආවආවරණයක් කිසිවෙකු විසින් ඉවත් කිරිමෙන් ආලෝකයක් පහළ වූවාක් මෙන් මට දැනිණ.”
        ඉසාගේ ආත්ම කථනයක් ලෙස ලියවී ඇති මේ කතාවේ අවසානයෙහි ඇති පරිදි ඉසා ලබන මානසික සුවය විස්තර කර ඇත්තේ අනෙක් චරිත දෙකෙහිම ආධ්‍යාත්මයන් පිළිබඳව ද අදහසක් ඇතිවන පරිද්දෙනි. මේ ඔස්සේ කතුවරයා තම කතා මාලාව සහා යොදා ගනු ලබන වස්තු විෂය හඳුනා ගැනීමට හැකිය. එකිනෙකට සමපාත නොවන පුද්ගලයන් තිදෙනෙකු යොදාගෙන පොදු මනුෂ්‍යත්වය පිළිබඳ විවරණයන් ලබාදීමට කතුවරයා උත්සාහ දරනු ලබයි. ළමාවිය තුළ ද මෙවැනි මිනිසුන් බොහෝ දුරට දක්නට ලැබේ. මෙම කතා සංකල්පය මිනිස් චරිත වලට සමීප වන්නේ එහෙයිනි. එමෙන්ම කතුවරයා ගැමි පරිසර්ය ද කතා මාලාව කෙරෙහි පාදක කරගනු ලබන්නේ පුද්ගල ජීවිත කෙරෙහි පවත්නා චින්ත ස්වභාවයන් ද ඒ ඔස්සේ මනා ලෙස විග්‍රහ කිරීමට හැකි බැවිනි. මන්දගාමි ගැමි ජීවිත පරිසරය සමාජය කෙරෙහි මෙන්ම පුද්ගලයන් කෙරෙහි ද බොහෝ සෙයින් බද්ධ හෙයිනි. කතාව ආරම්භ වන්නේ ගැමි ජනතාවට ද තමාගේ හදවත වන් කුඹුරු පැගවීමක් කෙරෙන සංවාදයකිනි.
        ඇළ වක්කළමේ වේල්ල කඩාගෙන ගිහින් කහට ගහ ලියද්ද සේරම පාළු වෙලා දුක්මුසු ස්වරූපයකින් කියමින් තාත්තා ගෙට ගොඩ වුණි. ඔහු දුටු විගස මම මා වාඩි වී සිටි බොකු ගැසී ගිය හාන්සි පුටුවෙන් නැගිට ගොස් වම්පසින් වූ කාමරයේ උළුවස්සට හේත්තු වුණෙමි. ඔහුගේ මුහුණ දෙස වරක් බැලූ මම වහා ඒ බැල්ම දුකින් ඉවතට ගනිමි.”
      සාම්ප්‍රදායික ගැමි පරිසරයක හැදි වැඩුණු පුද්ගලයන් තේමා කර ගනිමින් ඒ වටා ගෙතී පැවතුණු සිද්ධි දාමයන් අලලා එකිනෙකට  චරිත තුනක් ඔස්සේ පුද්ගල ස්වභාවය පිළිබඳ විවිධ ආකාරයෙන් ප්‍රවේශ වීම කතුවරයාගේ අරමුණ වී ඇත. මෙය කතා වස්තුව කෙරෙහි වස්තු විෂය කරගනිමින් අපූර්ව නිර්මාණයක් ගොඩ නැගීම කෙරෙහි කතුවරයා මහත් වූ පරිශ්‍රමයක් දරා ඇත.
උසස් කලාත්මක නවකතාවක සාර්ථකත්වයට තුඩු දෙන තවත් අංගයක් ලෙස අත්දැකීම් පෙන්වා දිය හැක.         චරිත තුනක් යනු සිංහල ගැමි සමාජය පිළිබඳ ව අත්දැකීම් රැසක් වස්තු විෂය කරගත් අව්‍යාජ නවකතාවක් ලෙස පිළිගැනේ. ගැමියන් අගයන සාරධර්ම ඔවුන්ගේ සිරිත් විරිත් සහ ඔවුන්ගේ ජීවන වෘත්තීන් සැබෑ ලෙසම නියෝජනය වීම අනුව මෙම පිළිගැනීම ගොඩ නැගේ. චරිත තුනක් නව කතාවට පසුබිම් කරගෙන ඇත්තේ කේ ජයතිලක නැමති ලේඛකයා උපන්ගම හා එහි සමාජ පරිසරයම බව වටහා ගත හැකිය. එය තෙත් කලාපයට අයත් සියනෑ කෝරළයේ ගමක් වන කන්නිමහරය. ඔහු තම නව කතාවට කෘෂිකාර්මික ජන දිවියෙහි තොරතුරු ඇතුළත් කරන්නේ සව්ඥානික වමය.
        මුල් වතාවෙහි බිම් කෙටීමෙන් පසුව පොල් අතු වියළි කජු කොළ සහ වෙනත් කුණු රොඩු එක්කර සෑම තැනම පොළොව තැම්බෙන පරිදි වරක් ගිනි තබන ලදි.
යනුවෙන් ගැමි පරිසරය ඉතාමත් හුරු පුරුදු අයුරින් කතුවරයා ඉදිරිපත් කරනු ලබයි. කන්තිමහර ප්‍රදේශයෙන් ලද අත්දැකීම් ඔස්සේ තම කතා මාලාව හැඩ ගස්වනු ලැබීම ඒ අනුව නිර්මාණ කෞෂල්‍ය කෙරෙහි කෙතරම් දුරට අත්දැකීම්  පාදක වන්නේ ද යන්න ඒ ඔස්සේ හඳුනාගත හැක.
එමෙන්ම ගැමි ගෙවල වල එකල කුඩ සුළභ නොවීය. එහෙත් වැස්සෙන් පින්නෙන් බේරීම සඳහා විවිධ ආදේශක යොදා ගැනීම ඔවුන්ගේ සිරිත විය. ගෝනිය, හබරල කොළය හා කෙසෙල් කොළ මේ ආදේශක අතර විය. කේ. ජයතිලක නැමති නිර්මාණකරුවා ගැමි පරිසරය තුළ හැදී වැඩී තමා ලද අත්දැකීම් මෙන්ම ජීවිතයෙන් ලද පන්නරය ඉදිරිපත් කරන අයුරු මෙලෙස හඳුනාගත හැකිය.
 තාත්තා ගෝණියක එක මුල්ලක් ඇතුළට ඔබා අනෙක් මුල්ලේ දවටා එය වැහි කබායක් මෙන් හිසේ දමාගෙන කුඹුර දෙසට ගියේය.
     තව ද නිර්මාණයක චරිත නිරූපනය කේන්ද්‍ර කොටගෙන ජීවිත විවරණය කෙරෙන අයුරින් කතා වස්තුව හා බැඳුණු සිදුවීම් නිරූපණය නව කතාවක ලක්ෂණයකි. චරිත තුනක් නව කතාව ලියවී ඇත්තේ අවුරුදු හැටපහකට ඉහත බස්නාහිර පළාතේ පිටිසර ගමක් පසුබිම් කරගෙනය. මෙම නවකතාවේ වස්තු විෂය සමග අවියෝජනීය බැදීමක් අති ප්‍රධාන චරිත තුනක් දැකිය හැකිය. එම චරිතයන් ඉසා සනා හා රංජිත් යන නම්වලින් හැඳින්වේ. මේ අතුරින් කතා නායක චරිතය ලෙස පෙනී සිටිමින් ක්‍රියාත්මක වන්නේ ඉසාගේ චරිතයේ නවකතා කරුවා කතාව කියවෙන්නේ මොහුගේ මාර්ගයෙනි. මෙම කතා පුවත හා සම්බන්ධ සියලු සිද්ධි දාමයන් ඉසාගේ චරිතය ලවා ඉස්මතු කරලීම මගින් කතුවරයා සිය කතාව මගින් අනාවරණය කරන දෘෂ්ටිය සාර්ථක ලෙස ඉදිරිපත් කිරීමට මගපාදාගෙන ඇත. කතුවරයා මෙහිදී යොදාගෙන ඇත්තේ ආත්මකතන දෘෂ්ටියයි. එනම් ආත්මකතනයේදී සිය ජීවිතයේ කොටස් කරුවන් වූ සනා රංජිත් පමණක් නොව දෙමව්පියන් අසල්වාසි සියලු පුද්ගල චරිතවල ස්වභාවය විවෘත වන ආකාරයේ කතා සන්දර්භයක් ඉදිරිපත් කිරීමට කතුවරයා සමත් වී ඇත. චරිත නිරූපනයේදී කතුවරයා පෙන්නුම් කරන ලද දක්ෂතාව එකිනෙක චරිත දෙස බැලීමේදී හඳුනාගත හැක.
       චරිත තුනක් මූලික වශයෙන්ම චරිත නිරූපනය උපරිම කොටගෙන රචිත කතාවකි. මෙහි ඉසාගේ චරිතය සියුම් ලෙස විවරණය කිරීමට කතුවරයා විසින් උත්තම පුරුෂ මාධ්‍ය ඉතා ශූර ලෙස උපයෝගී කොටගෙන ඇත. ඔහුගේ චරිතය විකාශනය වන්නේත් එහි සියුම් ලක්ෂණ මතුවී පෙනෙන්නේ ත් රංජිත් හා සනාගේ චරිත ගැටීම ඇසුරිනි. මෙම නවකතාවේ නිරූපනය වන ප්‍රධාන චරිත තුන අතරින් කතා පුවතට වඩාත් සමීපව සාධාරණයක් ඉටුකරන චරිතය වන්නේ ඉසාය. කුඩා අවධියේ සිටම විවිධ හැල හැප්පීම් වලට මුහුණ දෙන ඉසා කුඩා අවදියේ පටන්ම තමා මුල්කොට සිතන්නට ගනී. මොහුගේ විශේෂත්වය වනුයේ වෙනත් ගැමි දරුවන්ට වඩා සවිඥානකව යම් යම් දේ දැක්මට සමත් වීමයි. මුලු ජීවිත කාලය තුළම ඒ ලක්ෂණය වර්ධනය වෙනවා විනා හීනවන්නේ නැත.
       කුඩා අවධියේ සිට විවිධ හැල හැප්පීම්වලට භාජනය වන ඉසා මෙම නව කතාවේ කතා නායකයා පමණක් නොව නිරීක්ෂකයා ද වෙයි. ඔහු සියල්ල උපේක්ෂාවෙන් භාර ගන්නා අතර සෑම කටයුත්තකකදීම තම මනස විමසන විවේක බුද්ධියෙන් යුතු චරිතයකි. ඒ බව පහත නිදසුන ඔස්සේ හඳුනා ගත හැකිය.
“මම දැන් කුඩා ළමයෙන් නොවෙයි මට සිතෙයි. මට ඇක්මන් හෝ විජේරත්න මෙන් ලොකු අය කරන ඕනම දෙයක් කිරීමට සමත් තරුණයෙක් මි. අම්මා කියාදී ඇති ගෝඨයිම්හර කතාවේ ගෝඨයිම්භරයා මෙන් ක්‍රියා කළ යුතු අවස්ථාව දැන් එළඹ ඇත. ”
     මූලික මිනිස් ස්වභාවයක් ඔහු කෙරෙහි බල පැවැත්තුව ද සිය ආත්ම සුභ සිද්ධිය දෙවෙනි කොට ඔහු සලකන්නේ අන් අයගේ යහපත වෙනුවෙන් නිරුතුරුවම කැපවෙමිනි. එය නම් අනුන් ගැන සිතීම ද ගැබ් කරගත් යුතුකම් පිළිබඳ හැඟීමයි. මෙය ආකස්මික ලෙස පෙනෙතත් එසේ කොට ගැමි සංස්කෘතියට දීර්ඝකාලීනව අදෘශ්‍යමානව පිවිස පවතින්නකි. පියාගේ මරණයෙන් පසුව සිය ජීවිත අපේක්ෂාව පසෙක තබා තම පවුලේ සුභසිද්ධිය දෙවෙනි කොට ඔහු සලකන්නේ අන් අයගේ යහපත වෙනුවෙන් නිරතුරුවම කැප වෙමිනි. පියාගේ මරණයෙන් පසු සිය ජීවිත අපේක්ෂා පසෙක තබා පවුලේ සුභ සිද්ධිය වෙනුවෙන් වගකීම් හඳුනාගෙන පවුල් බර කරගෙන මොහු කටයුතු කිරීමට පෙළඹේ. සිය අරමුණු යටතේ කරගැනීම නිසාත් වගකීම් සහ යුතුකම් පිළිබඳ වූත් දෘඩතර හැගීම් හේතුවෙන් විවිධ දුක් ගැහැටයන්ට භාජනය වීමට ඔහුට සිදුවේ. පරාර්ථකාමි චරිතයන් වීම හේතුවෙන් මනුෂ්‍යයකුට නිසගයෙන් හිමිවන  අපේක්ෂාව ඔහුට මඟ හැරී යයි. එක් අතෙකින් ඒවා මගහැරීම නොව කැපකිරීම ලෙස අර්ථදැක්වීමේ වරදක් නොපෙනේ. ඕනෑම චරිතයක එබඳු කැපකිරීම් තිබිය හැකිය.
 “    අවිවාහක ව සිටීම නිසාදෝ වයසට වැඩි මහළුකමක් මා කෙරෙහිදක්නා ලැබේ.  ලෞකික ජීවිතයේ මාගේ කටයුතු සියල්ල කර අවසානයයි දැන් මට සිතේ. කිසිවකුට වැඩක් නැතිව තිබූ අක්කර 6ක 7ක වනාන්තරයක් මනුෂ්‍යයාට ප්‍රයෝජනවත් වන පරිදි එළි පෙහෙළි කොට සකස් කරන ලද්දේ මා විසිනි. මා පියන්ටත් සහෝදර සහෝදරියන්ටත් මට පුලුවන් පමණින් යුතුකම් කළෙමි. ඉන් සතුට හා තෘප්තිය හැරෙන්නට මා පෞද්ගලිකව ලැබූ සෙතක් ශාන්තියක් නැත.”
       එමෙන්ම ඉසා උත්සාහවන්තයෙකි. එසේම විනිවිද නොපෙනෙන උදාසීන ලක්ෂණ ද ඔහුගේ යටි හිතෙන් මතුකර ගත යුතුය. මෙම නව කතාවේ ඉසා උත්සාහයෙන් කටයුතු කරන සෑම අවස්ථාවකම එහි පෙරමුණෙන් සිටින්නේ ඔහුට ඒ වෙත කැඳවාගෙන යන්නේ ලලිතාගේ චරිතයයි.
     “ලලිතා පිටුපසින් සිටගෙන ඉදිරියට තල්ලු නොකරන්නට මා මෙතෙක් කළ කී දැයින් කීයක් අඩාල වන්නට තිබුණී.”
ඉහත නිදසුන මගින් ද ඉසාගේ චරිතයට ජීවයක් සපයන ලද්දේ ලලිතාගේ චරිතය බව අනාවරණය වේ. ඔහුට සිය අපේක්ෂා අමතක වන විට ඔහු මන්දෝස්තායි වන විට ලලිතාගේ මඟ පෙන්වීම ඔහු සාර්ථකත්වය කරා යොමු කරයි. නවකතා කරුවා විනිවිද නොපෙනෙන මේ ලෙන්ගතුකම අනාවරණය වීමට ඉඩ සලස්වන්නේ සැබෑ ප්‍රේමයේ තරම පාඨකයාට හඳුනාගැනීම ඉඩ සැලස්වමිනි. ඉසා පිළිබඳ සිහිනයක පැටලී සිටින ලලිතා නව කතාව අවසාන වන විට ද ඉසාගේ ජීවිතය දෙස ඇහැ ගහගෙන සිටී. ප්‍රේමය යනු විවාහයෙන් කෙලවර විය යුතු මූලික සාධකයක් නොවන බව ඒ මගින් ඉස්මතු කිරීමට කතුවරයා අවකාශ ලබා ගනී. ඉසාගේ ජීවිතය දියුණූව ඔහුගේ දුකසැප ලේඛකයා නොකියා පවසයි. එක් අතකින් බලන විට ඉසා එවැනි ප්‍රේමණිය බැදීමකට බිය වූ කිසියම් රූඪක්ත්වයෙන් පෙලුනු චරිතයක් ලෙසට අපට නිරීක්ෂණය කළ හැකිය.
 “    ලලිතා සමඟ වැඩ කිරීම මට ප්‍රීතියකි. එහෙත් ඈ මට වඩා වැඩිමල් එකියක වූ නිසා බිය මිශ්‍ර විකර්ෂණයක් ඇති වෙයි. මා තුළ ඇති වන හැගීම් කවදාක වත් නාරින පෙට්ටගමක් තුළ දමා වසා ඇතැයි සිතා මම සැනසීමට උත්සාහ කරමි.”
     ඉසා කිසියම් ඉලක්කයක් වෙත ප්‍රවේශ වූ පසු ඒ පසුපස හඹා යාමට පෙළඹුණ බව කෝකිලාන මුඩුබිම් එළිපෙහෙලි කොට සාරවත් ගොවිපලක් සකස් කර ගැනීමටත් එම බිමෙහි නව නිවසක් සාදා ගැනීමටත් තමාට නොදැනී නව නිවසේ හුදෙකලා වීමත් යන කරුණු මගින් පැහැදිලි වේ. ඔහු නිසංසල ජීවිතය ප්‍රියකල ගැටුම් ප්‍රතික්ෂේප කල චරිතයක් බව සමස්ත නවකතාවෙහිම දැකිය හැකි ලක්ෂණයකි. දැඩි පීඩාකාරී පරිසරය මෙන්ම සිතුවිලි ද හැකිතාක් දුරට සිතින් බැහැර කිරීමට ඔහු යත්න දැරුවේ එබැවනි. ලෝක සම්මත වටිනාකම ද මැනවින් හඳුනාගෙන තිබීම නිසා ඔහුගේ චරිතය සාර්ථක සංකීර්ණ චරිතයක් ලෙස අපට ඇගහීමට ලක් කල හැකිය.
     “සනා සමග මේවා ගැන සණ්ඩු දබර කරගැනීමෙහි තේරුමක් නැත. මම ගෙදර නොගොස් කෝතිලානේම කාලය ගත කිරීමට පුරුදු වෙමි.”
     යන නිදසුන ඔස්සේ ඉසා ගැටුම් වලින් තොරව හුදෙකලා ජීවිතයක් ගත කිරීමට ප්‍රියතාවක් ඇත්තෙක් බව පෙනේ. මෙම චරිතයේ කලාත්මක අපූර්වත්වයක් ඉස්මතු වන්නේ මතු සඳහන් කල ගුණයක් මෙන්ම මනුෂ්‍යයෙකුගේ සිතේ සහජයෙන්ම ඇතිවන කෝපය රුඪත්වය, ඊර්ෂියාව, වැනි පොදු ලක්ෂණ ද ඔහු කෙරෙහි විද්‍යාමාන වන්නේය. දෙමව්පියන්ගේ වෙනස්කම් වලට භාජනය වන නිසා ඉසා පවුලේ වැඩිමලා වීම හේතුවෙන් සියල්ල උපේක්ෂාවෙන් දරා ගැනීමේ සිත් ඇත්තෙකු බවට පත්වේ. කුඩා වයසේ අධ්‍යාපනයට ඇලුම් කරන පොත පත කියවීමේ දැඩි ආශාවකින් පසුවන පාසල් යාමට යත්න දරන ඉසා පිළිබඳ පාඨක සිතේ දැඩි අනුකම්පාවක් ජනිත වේ.
       චරිත තුනක් නව කතාව විකාසනය වී වැඩි දායකත්වයක් සපයන ප්‍රධාන චරිත අතරින් එක් චරිතයකි සනාගේ චරිතය. ඔහු මැනවින් නිරූපනය වීම ආරම්භ වන්නේ නවකතාව තුන්වැනි පරිච්ඡේදයේ සිටය. සම්ප්‍රධායි තත්ත්වයක් සහිත ගොවිතැනින් ජීවිකාව ගත කරකරන ගැමි පවුලක උපන් දෙවැනි දරුවා සනාය. නව කතාව පුරාම ඔහු නිරූපනය වන්නේ හිතුවක්කාර චරිතයක් ලෙසටය. පාසල් අධ්‍යාපනය කඩා බිඳදා නුසුදුසු වයසේම මහා සමාජයට සමාජගත වන ඔහු තම වයසට වඩා දැඩි ක්‍රියාකලාපයක් ඇත්තෙක් බවට පත් වේ. නරක මිනිසුන් ඇසුරට වැටෙන නරක ක්‍රියාවල නිරතවන ග්‍රාම්‍ය අදහස්වලින් යුක්ත සංවේදී චරිතයක් ලෙස සනා නිරූපනය වන්නේය. නව කතා කරුවා මෙම චරිත මාර්ගයෙන් ඕනෑම සමාජයක ඕනෑම ගැමි පවුලක සිටිය හැකි නරක චරිත ලක්ෂණ ඇත්තෙකුගේ ස්වරූපය මතුකර දක්වයි. පියා මෙන්ම ඉසා ද ඔහුට ඉගැන්වීමට යත්න දරුවද ඔහු ඒ කෙරෙහි දක්ෂ නොවේ.
“        මට ඉගෙන ගන්නට බැරිවීමෙන් ඇති වූ පාඩුව සනාට ඉගැන්වීමෙන් පිරිමසා ගැනීමට මාද අදහස් කළ නමුත් ඔහු මා කියන කිසිවකට ආණ්ඩු මෙච්චල් නැත. සනා ඉස්කෝල ගමන සම්පූර්ණයෙන් ම නතර කළ පසු අපි ඉගෙනීම පිළිබඳ අප සැමගේ බලාපොරොත්තුව රංජිත්මය.”
සනා ඉගෙනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකරන ලද පුද්ගලයකු බව ඉහත නිදසුන ඔස්සේ හඳුනාගත හැක. නුසුදුසු වයසේ සමාජගත වීම නිසා දෙමාපිය වැඩිහිටි උපදෙස් වලට අවනක නොවීම නිසාම නුසුදුස්සන් සමග ඇසුරට පත්වීම නිසාම ඔහු සදාකාලීක අදූරදර්ශි චරිතයක් බවට පත්විය. ඒ හේතුවෙන් නුසුදුසු විවාහයට පැටලීමත් විවාහයට පත්වීමත් සිදුවේ.
    “ටික දිනකට පසුව සනා රතී ගෙදර කැඳවාගෙන ආවේය. එදා සනාත් අම්මාත් බොහෝ වේලා යනතුරු වචනවල යුද්ධ කරගත්හ.”
විවාහයෙන් පසුව ද සිය අකටයුතුකම් අත් නොහැරීමත් හේතුවෙන් සිය පවුලම ඔහු අගාදය කරා රැගෙන යයි. බිරිඳ සමඟ නිතර අඩ දබර වී ආර්ථික ගැටළුවලින් පෙලී සමාජ අපකිර්තියට භාජනය වීම් ආදි සිදුවීම් වලට මුහුණ දීම් වලට සිදුවන්නේ මුල සිටම දුර දිග නොබලා බුද්ධියට නොව හදවතට වසඟවීම හේතුවෙනි.  සනා නිතරම ජය ලැබුවේ අනුන්ට හිරිහැර පීඩා කිරීමෙනි. මේ නිසා ඔහුගේ සිත් තුළ කැකෑරෙන යමක් ඉතුරු නොවීය. දුර දිග සිතා නොබලා කරන ක්‍රියාවන් අනුන්ට හිරිහැරයක් වුවත් ඔහු කුහකයකු නොවුනේ මේ හේතුවෙනි.
      “සනාගේ වැඩටත් උදව්වෙන්නේ නැත්නම් කාගේ වැඩට ද උදව් වෙන්නේ. තව මොන අකරතැබ්බියන් සිද්ධ වුනත් ඌනෙ පපුව ඉස්සරහට දාගෙන මුලින්ම යන්නෙ.”
    ඉහත ප්‍රකාශය මගින් සනා තුළ කොතරම් දුර් ගුණයන් පැවතුන ද ඔහු කුහකයකු නොවන බව හඳුනාගත හැකිය. සනා කොතරම් සන්වේදි පුද්ගලයකු වුව ද වැඩි විය පත්වීමෙන් පසුව වාසි අකටයුතුකම් අත් නොහරී. ඒ හේතුවෙන් ඔහු හදා වඩා ගන්නා දූ දරුවන් ද යහමඟට ගැනීමට සනාට අවකාශ නොලැබේ. ජිනදාස නැමති ඔහුගේ පුතු ද පියාගේ මාර්ගය ම අනුගමනය කරයි.
   “මොකද පුතාගේ නඩුවට වුනේ. කිසිවෙකු අසන හඬ ඈතින් දුබල ලෙස ඇසේ. කෙසෙල් කැනක් සොරකම් කිරීම පිළිබඳ නඩුව තිබුනේ ජිනදාසට ය.”
තමන්ගේ නොහැකියාව සහ නොමගයාම හේතුවෙන් ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණපානු ලබයි.
චරිත තුනක් නවකතාවේ අන්තර්ගත ප්‍රධාන චරිත අතුරින් එක් ප්‍රධාන චරිතයකි. රංජිත්ගේ චරිතය ගැමි පවුලක උපතලද හෙතෙම එම පවුලේ තෙවැනි දරුවාය. මෙම චරිතය ප්‍රධාන ලෙස දිස්වන්නේ තුන්වැනි කාල පරිච්ඡේදයේ සිටය. මෙම චරිතය විහිදයන්නේ ස්වකීය වූ පෞර්ශවයකින් තොර වූ පුද්ගලයකු ලෙසය. ඔහු එක අතකින් දෙමාපියන්ගේ ඒ හා සමඟ වැඩිමහල් සහෝදරයාටත් අනෙත් අතින් සනාටත් කීකරුව වැඩීමට සිදුවීම නිසා බැහැරව විහිදී ගිය චරිතයක් නොවීය. විවාහයෙන් පසුව පවා ප්‍රදර්ශනය වන්නේ ඒ ගති ලක්ෂණය. ඔහු ලැබුවේ පන්සලෙන් හෝ පිරිවෙනින් මෙන් සාරධර්ම මුල් කරගත් අධ්‍යාපනක් නොව පසු කාලයේ අතු ඉති විහිඳූවා දිවුනු විභාග ඉලක්ක කරගත් අධ්‍යාපනයකි. මුදල් අනිසි ලෙස භාවිතා නොකරමින් ඔහු අධ්‍යාපනයේ ඉනි පෙත්තට ගමන් කරන ලද චරිතයකි.
     “රංජිත්ට ගමේ ඉස්කෝලෙට පත්වීමක් ලැබුන එක කොච්චර එකක් දැයි මම සතුටින් ඉළිප්පෙමින් ඉස්තෝප්පතුවේ පඩිය මත වාඩිවී සිටී අම්මාට ඇසෙන පරිදි කීවෙමි. ”
    තමා උපන් ගමටම ගුරු පත්වීමක් ලබා පැමිණි හෙතෙම ඉගෙනිමේ ශූරයෙකු ලෙස හඳුනාගත හැකිය.   එමෙන්ම ගුරුවරයකු හැටියට ද ඔහු ඓතිහාසික චරිතයක් වේ. මේ වනාහි ගුරුවරයා කෙරෙන් වෘත්තීයට කැපවූ පැරණි සංකල්පයට බැහැර වෙමින් මුදලට කැපවුණූ නව සංකල්පයට පිවිසුන තිබුන අවධිය විය. එමෙන්ම ඔහු දැඩි ලෝභයෙන් යුතුව ක්‍රියාකරන ලද පුද්ගලයකු බව වටහාගත හැක.
 “මොන සල්ලි ද මේ ගේ හදන්නට ගත්තයින් පස්සේ අතේ සතයක් ඉතුරු වෙන්නේ නෑ. ගෙයි වැඩ පටන්ගත් අලුත පිට පිට දෙවැනි වරට රුපියල් පහක් ඉල්ලූ සනාට රංජිත් දුන් පිලිතුර විය.”
පිටින් නොපෙන්නුවත් කලින් මුදල් ඉල්ලූ වතාවලත් රංජිත් මේ පිළිතුර හිතින් සිය වතාවක් දෙන්නට ඇත.
එමෙන්ම රංජිත් ගේ විටෙක අදෘශ්‍යමාන චරිත ලක්ෂණ ද පෙන්නුම් කෙරේ. තමා ආදරෙන් හදාවඩා ගත් මවගේ දුර්වල අවස්ථාවේදී පවා ආත්මාර්ථකාමී හැඟීමකින් යුතුව ක්‍රියාකරන ලදි. තම අභිවෘද්ධිය පමණක් ගැන සිතා මාතෘ ස්නේහය ද තම අභිවෘද්ධිය ඉදිරියේ අමතක වී යන චරිතයක් ලෙස රංජිත් ගේ චරිතය දිස්වේ.
“අම්මාට මං හිතන හැටියට හුගාක් අමාරුයි. තව දවස් දෙක තුනකට වඩා ජීවත් වෙන එකක් නෑ. මම රංජිත් හමු ව කීවෙමි. ඔහුගේ මූන බලා සිටියදීම වලා කුලකින් වැසී ගියේය. එසේ වූයේ ශෝකයකින් නොව කරඳරයක් කිරීමට පැමිණ ඇතැයි ....”
     මවගේ දුර්වල අවස්ථාවේදී පවා තෙත් නොවන සිතක් ඇති බව මේ තුළින් පෙනී යයි. කොතරම් දුරට අධ්‍යාපනය ලබා තිබුණ ද දෙමාපියන්ගේ වටිනාකම නොහඳුනයි. කුඩා අවධියේ පටන් රැකවරණය ලබාදී හදාගත් මව කෙරෙහි වත් සිත තුළ ආදරයක් නොමැති චරිතයකි. එමෙන්ම විවාහයේදී පවා රංජිත් තමාට සුදුසු බිරිඳක් තෝරා ගැනීමට සමත් නොවීය. ඒ තුළින් එම චරිතය තුළ ගුප්ත වූ ගති ලක්ෂණ දිස්වේ.
මේ ඔස්සේ මනුෂ්‍යත්වය පිළිබඳ කතුවරයා චරිත තුනක් තම නිර්මාණ කෞෂල්‍යයට දායක කරගනිමින් අපූරු අයුරින් ඉදිරිපත් කරනු ලබයි.
      යථාර්ථ නිරූපනය ද නිර්මාණය සාර්ථකත්වය ගොඩනැගීම සඳහා වැදගත් වනු ලබන තවත් වැදගත් අංගයකි. අත්දැකීමට පිටදුන් පසුබිම හා එම පසුබිමෙන් ගොඩනැගෙන සමාජ ක්‍රමය ද යථාර්ථය නිරූපනය කිරීම යථාර්ථ නිරූපනය ලෙස හැඳින්වේ.  චරිත තුනක් නව කතාවේ මෙම ලක්ෂණය ඔස්සේ මෙම නිර්මාණය පාඨක සිත් සතන් තුළ ඉතාමත් ජනප්‍රිය වී ඇත. යථාර්ථය යනු සමාජ ක්‍රියාවලීන් හා බැඳුනු සත්‍යයයි. සමාජ සංසිද්ධි හා බැඳුනු සත්‍ය, අපගේ ප්‍රකෘති ඇසින් දැකිය නොහැකිය.
චරිත තුනක් ඔස්සේ කේ.ජයතිලකයන් මෙම යථාර්ථ නිරූපනය සජීවී ලෙස ඉස්මතු කිරීමට බොහෝ දුරට උත්සාහ දරා ඇත. එය පහත නිදසුන් ඔස්සේ හඳුනාගත හැකිය.
“ඇළ වක්කලමේ වේල්ල කඩාගෙන ගිහිං කහටගහ ලියැද්ද සේරම පාළුවෙලායි දුක්මුසු ස්වරූපයකින් කියමින් තාත්තා ගෙට ගොඩ වුනේ. ඔහු දුටු විගස මම වාඩිවී සිටී බොකු ගැසී ගිය හාන්සි පුටුවෙන් නැගිට ගොස් වම්පසින් වූ කාමරයේ උළු වස්සට හේත්තු වුනෙමි. ඔහුගේ මූන දෙස වරක් බැලූ මම වහා ඒ බැල්ම දුකින් ඉවතට ගනිමි.”
     ඉහත නිදසුන ඔස්සේ ගැමි ජීවන අත්දැකීම් වල ඇති ශෝකාන්විත බව යථාර්ථ නිරූපනය ඔස්සේ පාඨක සිත්තුළ මැවෙන ලෙස ඉස්මතු කිරීමට කටයුතු කර ඇත. කේ ජයතිලකයන් තම නිර්මාණය කිරීම සඳහා පිටදුන් පසුබිම හා එම පසුබිමෙන් ගොඩනැගෙන සමාජ ක්‍රමය යථාර්ත නිරූපනය කිරීමට කතුවරයා බෙහෙවින් සමත් වී ඇත. කතුවරයා මෙම නිර්මාණය කිරීමට ඔහු උපත ලද ගැමි පරිසරය හේතු සාධක වූ ආකාරය මින් ඒ ඔස්සේ ගොඩ නැගෙන සමාජ ක්‍රමයේ දුක්ඛිත ස්වභාවය ඉදිරිපත් කරනු ලබයි. ඉසාගේ ආත්ම කථනය ඔස්සේ තම පියා ජීවිතයේ විඳින ලද අත්දැකීම් ඔස්සේත් ඉදිරිපත් කිරීමට උත්සාහ දරනු ලබන්නේ ගැමි ජීවිත වෙලා පවතින අසරණ භාවයයි. අසරණ ගොවියාට තම වෘත්තිය සාර්ථක භාවය මෙන්ම අසාර්ථක භාවය ද විඳීමට සිදුවේ. මෙම තත්තව ගැමියාට පොදුය. එම පසුබිමේ කතුවරයා මැනවින් හසුකරගෙන ඉදිරිපත් කරනු ලබයි.
       නිර්මාණාත්මක බස් වහරක් ඔස්සේ නිර්මාණය හැසිරවීම රචකයා සතුව පවත්නා තවත් සුවිශේෂ වූ ගුණාංගයක් වේ. චරිත තුනක් නවකතාව ඔස්සේ ගැමි ජීවිත වලට වඩාත් පොදු සරල බස් වහරක් ඔස්සේ නිර්මාණය හසුරුවනු ලබයි. චරිත මුහුණදෙන ජීවිත ප්‍රශ්න හා ගැටලුවලට අනුව ඒ ඒ චරිතයට ආවේණික වූ ගති ස්වභාවයනට හා චරිත නියෝජනය කරන සමාජ පසුබිමට අනුව භාෂාව විවිධත්වයකින් යුතුව යොදා ගැනීම නිර්මාණාත්මක භාෂාවේ විශේෂත්වය අනුව කරන ප්‍රමුඛ ලක්ෂණයන්ය.
අපි පරණ රෙදි කැබලි කුඩා තීරුවලට ඉරා තබා පසුවදා උදේ ඒවා මත තෙල් ගල්වා ලණූවේ මෝස්තර අතර දවටා කුඹුරට ගෙන ගියෙමු.
      සරල භාෂා මාධ්‍ය ඔස්සේ නිර්මාණය හැසිරවීම ඒ ඔස්සේ හඳුනාගත හැකිය. වී ගොවිතැනේදී භාවිතා කරනු ලබන කෙම්පහන් පිළිබඳව අදහස් ද පාඨකයාට ලැබෙන සේ භාෂාව හසුරුවනු ලබයි.
නිර්මාණාත්මක ලෙස භාෂාව හැසිරවීමේදී උපමා රූපක භාවිතය ඔස්සේ නිර්මාණය ඉතා රසවත් අයුරින් ඉදිරිපත් කරනු ලබයි. ගැමි ජීවිත අත්දැකීම් ඉතා සරල භාෂා මාධ්‍යයකට හසුකර ගැනීමට කතුවරයා උත්සාහ දරා ඇත්තේ ඒ ඔස්සේ ගැමි ජීවන ශෛලිය පාඨකයාට සමීප වන වැඩි බැවිනි.
     “බඩ වැටියෙන් මදු වැලක් ඇඳ සරම ලිහිල් කොට ඔසවා එය ඉනේ බැඳගෙන අගල් පහක් පමණ පළලැති රෙදි පටියේ අඟල් හයක් පමණ ඉස්සරහට එල්ලා වැටෙන පරිදි මම අමුඩය ගසා ගතිමි.”
ඉහත නිදසුන ඔස්සේ ද නිර්මාණය කෙරෙහි යොදා ගනු ලබන නිර්මාණයට උචිත භාෂා මාධ්‍ය හඳුනාගත හැකිය. බඩ වැටිය යන යෙදුම් ගැමි ජීවන ශෛලියට පොදු වූ යෙදුම් වේ.
නිර්මාණාත්මක භාෂාවේ විශේෂත්වය අනුව කරන අනෙක් ලක්ෂණය නම් කාව්‍ය භාෂාවක් උපයෝගී කර ගැනීමය. කාව්‍ය භාෂාවේ විශේෂත්වය නම් අපූර්ව පද සංඝටනයයි. කේ. ජයතිලකයන්ගේ තම නිර්මාණය කෙරෙහි මෙම කාව්‍යමය බස් වහර ආදා ගනු ලබයි.
    “එක් අයෙක් උදේ සිටන් වකුටු කොන්ද යැයි මුල පිරීය. දිග ඇරපල්ලා සෙස්සෝ අත්වැල ඇල්ලූහ.”
මේ ඔස්සේ නිර්මාණය කෙරෙහි යොදාගනු ලබන කාව්‍යමය භාෂාව හඳුනාගත හැකිය.
එමෙන්ම චරිත තුනක් නව කතාවේ ජීවන දෘෂ්ටිය ද සුවිශේෂී වේ. ජීවන දෘෂ්ටිය යනු ලේඛකයා විෂය කරගත් ජීවිත අත්දැකීම් පරිකල්පනයෙන් ජීවිතය මනුෂ්‍යත්වය හෝ සමාජ ක්‍රියාවලිය විෂයෙහි හෙළන ආකල්පයයි. කතුවරයා ගැඹුරු අර්ථයෙන් ඉදිරිපත් කරන අයුරින් ් මෙය මනා ලෙස ඉදිරිපත් කරනු ලබයි. චරිත තුනක් නවකතාව ඔස්සේ විග්‍රහ කරනු ලබන්නේ පොදු මනුෂ්‍ය ස්වභාවය වෙලා ගන්නා ධර්මතාවයයි. ජීවිතයෙහි අප කෙදිනක හෝ අප කරන ලද දේවල් ජීවිතයෙහි අප නොසිතූ මොහොතක එම සම්පත් අප ජීවිතයට ලැබිය හැක. මෙම පොදු ධර්මතාව ඉසාගේ චරිතය ඔස්සේ මනා ලෙස විග්‍රහ කරනු ලබයි.
       “මේ එකදු දෙයක්වත් මවිසින් අභිලාසීව ඇති කර දෑ නොවේ’‘ එහෙත් කිසියම් ආකාරයකින් ඒවා එසේ සිදුවී ඇත. මා දැඩි ලෙස අපේක්ෂා කල සැප සම්පත් ඒ අවදිවල ලබාගත නොහැකි වූ බව මේ වෘත්තාන්තය කියමන ඔබට පෙනී යන්නට ඇත. ඒවා ලබා නුදුන් අදෘශමාන බලවේගයම ඒවායේ ඇලුම් හලවිට දැන් මා වඩාත් ප්‍රිය කරන අපිස් ජීවිතයට පරඩලා පතක් මෙන් මා ගෙන ගොස් දමා ඇත.”
මිනිස් ජීවිතය තුළ පවත්නා පොදු ධර්මතාවක් මේ ඔස්සේ විග්‍රහ කිරීමට කතුවරයා උත්සාහ දරා ඇත. ජීවිතය පිළිබඳව ඉසා දන්නා ලද අයුරින් කතුවරයා මනාවූ විග්‍රහයක් ලබා දේ. ඉසා නැමති පුද්ගලයා ජීවිතය තුළ ආශා කරන සැප සම්පත් ඔහුට මේතාක් දුරට හෝ ලැබීමට හැකි වන්නේ ඔහුගේ ජීවිතය අන්තිම භාගයේදීය. නමුත් මෙම කාල වකවානුව තුළ ඔහුට එම සැප සම්පත් ලැබුන ද එම සැප සම්පත් භුක්ති විඳීමට තරම් ඔහු තුළ ප්‍රියතාවයන් නොමැත. මන්දයත් ඔහු තම මව, පියා මෙන්ම තම ආදරය කරන ලද ලලිතා නැමති ස්ත්‍රිය ද අහිමි වී තනිකඩ ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් බවට පත්ව ඇත. ඔහු පරඩලක් මෙන් ජීවිතය පිළිබඳ කිසිඳු ආශාවක් නොමැතිව හුදකලාව සිටින ඔහුට ඔහු ආශා කරන ලද ජීවිතයට ඔහු කාලය විසින් ගෙන ගොස් ඇත්තේ පරඩලක් මෙනි. එනම් කිසිඳු සොම්නසක් ඔහුගේ ජීවිතය තුළ ඔහුට විදින්නට නොලැබේ. මේ ඔස්සේ ඔහුගේ ජීවන දෘෂ්ඨිය කතුවරයා තම නිර්මාණ්‍ය තුළ මැනවින් හසුරුවා ඇත.
        තව ද නිර්මාණයක සාර්ථකත්වය කෙරෙහි දෘෂ්ඨි කෝණය ද වැදගත් තැනක් උසුලයි. අත්දැකීම ලේඛකයා විසින් ඉදිරිපත් කරනු ලබන ආකාරය දෘෂ්ඨී කෝණය නම් වේ. චරිත තුනක් නව කතාවේ දෘෂ්ඨි කෝණය යොදා ගැනීම එය මහත් වූ විචාරක අවධානයට ලක් වී ඇත. කතාව ඉදිරිපත් කිරීමට අතිශයින්ම උචිත මාර්ගය තෝරා ගැනීම මත නිර්මාණායේ සාර්ථකත්වය රදා පවතී. මේ අනුව මෙම නිර්මාණය සඳහා දෘෂ්ටි කෝණය වී ඇත්තේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයයි. මම නැමති පුද්ගලයාට විදීමට අත්දැකීමක් ලෙස මෙම කතා මාලාව විහිද යයි. කේ. ජයතිලකයන්ගේ තම ගම්මානය ඔස්සේ ලත් අත්දැකීම් ඉසා නැමති පුද්ගලයාගේ ආත්මකථනයක් ලෙස ඉදිරිපත් කරනු ලබයි. නිර්මාණය යථාර්ථමය පිළිබිඹුවක් බව විශ්වාස කිරීමට පාඨකයා පෙළඹිමත් කතාව කියන තැනැත්තා පාඨකයන් අතර සමීප සම්බන්ධයක් ඇති කරලීමත් කතුවරයා මහත් පරිශ්‍රමයන් දරා ඇත.
    “තාත්තා අප කරන සෑම දෙයක්ම ළමයින්ගේ සෙල්ලමක් හැටියට සලකා කිසිවෙකුට සහභාගී නොවෙයි. කාට කතා කරන්නේත් නම කියා මෙම ආකාරයටය. ඔහුගේ ආදරය බෙදී ගොස් ඇත්තේ කොයි ආකාරයට ද කියා දැනගැනීමට ක්‍රමයක් නැත.”
     කේ. ජයතිලකයන් තම නිර්මාණය මෙලෙස උත්තම පුරුෂ දෘෂ්ඨි කෝණය ඔස්සේ ඉදිරිපත් කරනු ලබයි. පියා තුළ පවත්නා ළමයින් කෙරේ සැගවුණූ ප්‍රේමය කතුවරයා ඉතාමත් සංවේදී අයුරින් ඉදිරිපත් කරනු ලබයි. මෙම පියා හා ඉසා අතර පවත්නා සම්බන්ධය කේ. ජයතිලක විදින ලද අත්දැකීම් බව ඇතැම් අවස්ථා වල ප්‍රකාශ කොට ඇත. තාත්තා කිසි විටෙකත් තමා තුළ පවත්නා ප්‍රේමය තම දරුවන් ඉදිරියේ නොපෙන්වයි. මේ සෑම පීතෘත්තවයටම පොදුය. අසීමිත ආදරය සිත තුළ සගවාගෙන ඉසාගේ පියා ද කටයුතු කරනු ලබයි.
නමුත් ඔහු කිසි විටෙකත් තම ප්‍රේමය නොපෙන්වයි. උත්තම පුරුෂ දෘෂ්ඨිකෝණය ඔස්සේ මෙය මැනවින් ඉදිරිපත් කරනු ලබයි.
       ඉහත කරුණූ ඔස්සේ චරිත තුනක් නව කතාව සුවිශේෂී වූ නිර්මාණයක් බවට පත් වී ඇත. කතුවරයා තම නිර්මාණය සදහා පාදක කරගනු ලබන අත්දැකීම් මෙන්ම ඒ සඳහා යොදාගනු ලබන නිර්මාණෘත්මක බස් වහර ගැමි ජීවන ශෛලිය මැනවින් නතු කර ගැනීමට උචිත වන අයුරින් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව නිර්මාණය දෙස විමසුම් ඇසින් බැලීමේදී පෙනී යන කරුණකි. සරල කාව්‍යමය ගුණයන් ද එකතු කර ගනිමින් නිර්මාණය මැනවින් හසුරුවා ලීමට කතුවරයා යොදා ගනු ලබන පරිශ්‍රමය සාර්ථක වී ඇත. සැබෑ සාහිත්‍ය කරුවා නිරතුරුවම සමාජ ප්‍රභවයන් සමඟ අනොන්‍යය වශයෙන් බැඳී සිටිය යුතුයි. ඒ වගේම සමාජය නැමති ප්‍රපංචය නිවැරදි අවබෝධ කරගත් පුද්ගලයකු විය යුතුයි. මෙම ගුණයන්ගෙන් කේ. ජයතිලකයන් මැනවින් සන්නද්ධ වී ඇති බව ඔහු නිර්මාණය තුළ චරිතාංග නිරූපණය යොදාගැනීම ඔස්සේ හඳුනාගත හැකිය. සමාජය තුළ විහිදී පවතින පුද්ගල චරිත තුනක් තම නිර්මාණය කෙරෙහි යොදාගෙන ඔවුන් තුළ පවත්නා පොදු සමාජ ධර්මතා මැනවින් හසුරුවාගෙන කතුවරයා ඉදිරිපත් කරන අයුරු ඉසා, සනා සහ රංජිත් යන පුද්ගලයන් තිදෙනා අතර පවත්නා මනුෂ්‍යත්වයන් තුළ පවත්නා අසමානකම් ඔස්සේ හඳුනාගත හැකිය. මේ ඔස්සේ කතුවරයා නිර්මාණය තුළ ඉදිරිපත් කිරීමට දරන හෝ මනුෂ්‍යත්වය සාර්ථක අයුරින් පාඨක සිත් තුළ එම චරිත කෙරෙහි යම් කුහුලක් ඉස්මතු වන ලෙස ඉදිරිපත් කරනු ලබයි. කතුවරයා තම නිර්මාණය තුළින් ඉදිරිපත් කිරීමට උත්සා හදරන අරමුණ සාර්ථක අයුරින් ඉදිරිපත් කිරීමට සමත් වී ඇත. මේ හේතුවෙන් මෙම නිර්මාණය කේ. ජයතිලකයන් අතින් බිහිවූ සුවිශේෂි නිර්මාණයක් ලෙස මෙන්ම සාර්ථකත්වය කරාද ලගා වූ නිර්මාණයක් ලෙස හැඳින්වීම වඩා අගනේය. ඒ ඔස්සේ මෙම නිර්මාණය සාර්ථක නිර්මාණයක් බවට ප්‍රත්‍යක්ෂයෙන්ම පත් වී ඇත.


ආශ්‍රිත ග්‍රන්ථ

  •   බණ්ඩාර තිඹිරියාගම, කේ ජයතිලක සහා ඔහුගේ නිර්මාණ, ඇස් ගොඩගේ ප්‍රකාශකයෝ
  •     ජයතිලක කේ, චරිත තුනක්
  •     කමාරසිංහ කුලතිලක, කෙටි කතා විචාර මුලධර්ම හා සම්ප්‍රදාය,ශීලා ප්‍රින්ටින් වර්කස්
  •     අන්තර්ජාලය ඇසුරින්

නිමක් නොදුටු වෛරයක්


                අපේ අම්මා කීවේ ඇව වඩාත්ම ආදරය කරන ඥාති සහෝදරිය නාමලී නැන්දා බවය. එහෙත් අප කිසි දිනෙක නාමලී නැන්දා දැක තිබුණේ නැත. වරින්වර ඇය අපට පින්තූර එවූ නිසා ඒ නැන්දාගේ පුතා රවින්ද්‍රන් හා දුව පාර්වතී ඉතා පැහැපත් හා සුන්දර බව ද දැන සිටියෙමු.
    දිනෙන් දින රූපශ්‍රීය දැඩි ලෙස ඔප මට්ටම් වී හැදී වැඩුණු නාමලී නැන්දා ගමේ සිටින හැඩකාරම තරුණිය ලෙස අම්මා කියන ලද ප්‍රකාශ වලින් මට යම් තාක් දුරට වැටහී යන කරුණකි. ඇය දිහා නෙත් කොනකින් හෝ නොබලන ලද තරුණයෙතු ගමේ සිටින්නට නැතැයි අම්මා සැරින් සැරේ මට ඉඟි කරයි.
    “අපේ නාමලී ඒ කාලේ ශිවාලිංගම් අයියගේ වාසගමට හිටං ප්‍රේම කරානේ” අපේ අම්මාගේ කතාවට ආතම්මා රැව්වේ ළමයින් ඉන්නා තැන එවැනි කතා නුසුදුසු යයි අඟවන්නටය.
    දිනෙක අම්මා කරන ලද එම ප්‍රකාශය මා සිතේ මේ තරම් වර්ණනා කරන මවගේ සිතේ මේ තරම් ආදරයත් බැඳුණු මවගේ ඥාති සොහොයුරිය පිළිබඳ දැන ගැනීමේ කුහුල තව දුරට් වර්ධනය කරන්නට සමත් විය.
    මට තව දුරටත් ඉවසා සිටිය නොහැකි තැන අම්මගෙන් ඒ ගැන අසා දැනගනන්වා යන්න තරයේ සිතේ පැල පදියන් වන්නට විය. ආතම්මා ටිකක් එළියට පහලියට වනතෙක් මග රැකගෙන සිටින්නට මට සිදු වුණි.
    ආතම්මා සිටින තැව ඇසුවොත් බැණුම් අවලාද මිස මගේ සිතේ නලියන දේ දැන ගැනීමේ ආශාව කිසි දිනෙක සැබෑ නොවන බව මං දැන සිටියෙමි. මම කල් යල් බලා සිටි අවස්ථාන එළඹිණි.
“මොකක්ද අම්මෙ නාමලී නැන්දට වුණේ ”
    අම්මා ඉදිරියේ මගේ මුවින් ඉබේටම එම වදන් වැල ගලා ආවේය.
    නාමලී ශිවා ප්‍රේම වෘත්තාන්තය ටෙලි නාට්‍ය මෙන් සැබවින්ම සිදු වූ පුදුමාකාර කතාවකි. අම්මා කතාවට මග විවර කර ගත්තේ මේ අයුරිනි.
    ශිවා මාමා අප රටට ඇවිත් තිබුණේ තේ වත්තක සිට නෑයෙකු බලන්නටය. ඒ කාලයේ අපේ ී නැන්දා සිටියේ අපේ අම්මලාගේ ගෙදරය. නාමලී නැන්දාට තනිව දුම්රියෙන් යන්නට අවසර තිබුණේ ඇලේ පියා ගම්පොළ දුම්රිය ස්ථානාධිපතිව සිටි හෙයිනි.
    දිනක නාමලී නැන්දා තම යෙහෙළියකගේ නිවසට කළුතර බලා පිටත් වන්නට විය. තේ වත්තක නෑයෙකු බලා පැමිණ ශිවා මාමා නැන්දා ඉදිරිපිට අසුන්ගෙන තිබුණේ චිත්‍රපටයක මෙනි. දෙන්නා කතාවට වැටුණු හැටි හා කතා කළ දේවල් පවා අපේ අම්මා අකුරක් නෑර දැන සිටින්නට ඇත. එහෙත් ඒ දෙබස් හා ඉන්පසුව ඔවුන් රහසින් හමු වූවා ද නැතිද කාරණාව අම්මා සංස්කරණය කරන්නීය.
    නාමලී නැන්දා යහළුවාගේ ගෙදර සිය ආපසු දුම්රියේ එන ගමනේ දී ශිවාලිංගම් ද දුම්රියේම එන්නට ඇත්තේ ආපසු එන දිනය හා දුම්රිය ඇය ඔහුට කියූ නිසා විය යුතුය. අත්තම්මා කියන්නේ කරුමේ කෝච්චියට ගොඩ වූ බවය. දෙසතියක් ලංකාවේ ඉන්නට පැමිණි ශිවාලිංගම් මාමා තේවත්තේ සිටි තම මාමාගේ ගෙදර නැවතී රැකියාවක කිරීමට සිතා ගත්තේ නාමලී නැන්දා නිසාය.
    මෙලෙස දුම්රියේ දී හමු වූ ප්‍රේමය දින සති, මාස ගෙවී ගියේ සිතට ගතට නොදැනීය.
    සති දෙකකට නැවතීමට සිතා පැමිණි ශිවාලිංගම් මාමා මෙසෙ ලංකාවේ නතර වී සිටීම ඔහුගේ නිවසේ අයට මහත් සේ ගැටළුවක් විය. ඔහු තම ගෙදරට ඔවුන්ගේ පෙ5්මය ගන කියා සිටිය අවස්ථාවේ දැඩි විරෝධයක් එල්ල විය.
    එසේ දැඩි ලෙස විරුද්ධත්වය එල්ල වූයේ නාමලී නැන්දා ආගම්කාරයෝ නිසාය.
“බුද්ධාගමේ නං කමක් නෑ. එතකොට කෝවිලකට ගිහින් පුරුද්දක් තියෙනවනේ” ශිවාලිංගමගේ අම්මා කියා තිබුණා
“ලංකාවේ බෞද්ධයන්ගේ තරම දන්නවා නං ඒ මනුස්සයා කියන්නේ ආගමේ උනත් කමක් නෑ. ලංකාවේ හින්දා අකමැතියි කියලයි”
    වතාවක් අපේ අම්මා සුදර්ශනී නැන්දා එවූ පින්තූර බලමින් සිටින විට අපේ තාත්තා පැවසීය.
    අපේ අම්මා හැර හතර වරිගයම මේ ප්‍රේම කතාවට විරෝධය පා තිබිණි. අපේ පවුල් වල අපේ වයසේ කාටත් එය රෝමියෝ ජුලියට් මෙනි. නොයෙකුත් දුෂ්කරතා ත්‍රාසජනක සිදුවීම් වලින් පසුව දෙදෙනාටම මුහුණ දීමට මධුරාපුරයට පැන යන්නට දෙදෙනාගේ ප්‍රේමය උත්සුක විණි.
“ඉතිං ඒ ගොල්ලෝ බාර ගත්තාඳ’
“නෑ... එහෙනුත් විරුද්ධයිනේ. ඒ වුණාට අපේ නාමලී හින්දු විදියට හැඩ ගැහුණා. කෝවිලකට ගිහින් ඒ චාරිත්‍ර අනුව තැල්ලක් බන්දලා හින්දු සංස්කෘතිය වැළඳ ගන්නට තරම් නාමලී ශක්තිමත් වුණා”
“එයා අපිට අවනම්බු කරලා එහෙම ගියාට එහෙදී සෑහෙන කරදර විඳින්න ඇති. ඒ නැන්දම්මලාට ගැලපෙන විදිහට වැඩකරන්නේ කොහොමද? මෙහෙදී කිරි හොද්දක් හදලා නැහැනේ” ආතම්මා කියන්නේ මටත් අක්කාටත් අනතුරු අඟවන ස්වරයෙනි.
“ඒ නැන්දාට එහෙදී අර දෙම චිත්‍රපටි වල වගේ නැන්දම්මාගෙන් කරදර වුණාද අම්මේ?”
“එයා එහෙම දෙයක් ලියලා තිබුණෙ නැහැ. එයා දැන් හැමදාම ගෙදරටත් පිච්චමල් වැලක් කොණ්ඩෙ ගහගෙන සාරියක් ඇඳගෙන ඉන්න හින්දු භාර්යාවක් කියලා නං ලියලා තිබුණා”
    නාමලී නැන්දාගෙන් ශිවාලිංගම් මාමාගේත් මෙම ආදර කතාව මට මහත් පුදුමයක් විය. කෙතරම් බාධක හමුවේ වවු ද මෙම බාධක ගැන නොසිතා සංස්කෘතින් අතර ගැටුම පවා නොසිතා තම උත්තරීතර ප්‍රේමය ජය ගැනීමය තරම් ඔවුන් දෙදෙනා ශක්තිමත් විය.
    මම දිනක මාගේ මිතුරිවක්ට නාමලී නැන්දාගේ පවුලේ ඡායාරූපයක් පෙන්වූ අවස්ථාවේ නාමලී නැන්දාගේ පුතා වූ රවින්ද්‍රන් මස්සිනා දැක කෙල්ලන් රැල වශීකෘත විය.
“මේ කොල්ලා නං නියමයිනේ.. ෂාරුක් ඛාන් වගේමනේ ”
    අපේ කෙල්ලෝ මට විහිළු කලේ රවින් ද්‍රන් මස්සිනා ලංකාවට පැමිණියොත් ස්වයං වරයක් පැවැත්විය යුතු බව කියමිනි.
“අපි ඔක්කොම ඉදිරිපත් වෙනවා”
“වැඩක් නෑ... මිනිහා අපේ අක්කා දැක්කාට පස්සේ අපි සේරම කැලේ තමයි” ඒ මොහොකේ නිකමට විහිළුවට එසේ කීවත් පසුව මට සිතුණේ අපේ අක්කා වැනි රෝස මල් පෙත්තකට රවින්ද්‍රන් අයියා කදිමට ගැලපෙන බවය.
“රවින්ද්‍රන් අයියා අවුරුදු විසි හත වන විට ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමට හැකි වූ කථිකාචාර්යවරයෙකි. ඔහු ආචාර්ය උපාධිය ලබන දිනයේ උත්සවයට අපට ආරාධනා කොට තිබිණි.
“මේ කාලේ එහෙදි සිංහල මිනිස්සුන්ට කරදර වෙනවා. මේ ළමයි අරගෙන යන්නේ මොකටද? ගම්පොළ මාමලාත් අමනාප වෙන වැඩක්” ආතම්මා කීවාය.
“අපි යමු අම්මේ.. රවි අයියා ආචාර්ව උපාධිය සම්පූර්ණ කරන නිසාම නෙමෙයි... අම්මාට නිවාඩුවකටත් එක්ක අපි යමු” අක්කා යෝජනා කළාය.
    පෙරැත්තයකින් අනතුරුව අම්මා කැමති කර ගැනීමට අක්කා සමත් විණි. අක්කාත් මාත් බොහෝ පෙරැත්ත කළ නමුත් අප තිදෙනා පමණ් ඉන්දියාවට යවන්නට තාත්තා කැමති වූයේ නැත. අයියා ද අපගේ ගමනට සහභාගි වෙන බව පැවසීමෙන් අනතුරුව තාත්තා අපගේ ගමන සඳහා අවසරය ලබා දෙන ලදි.
    නාමලී නැන්දාත් රවී අයියාත් ගුවන් තොටුපළට පැමිණ තිබිණ. රතු පොට්ටුවත්, කොණ්ඩව බැඳ ඒ වටා තුන් පොටකට වැටෙන්නට සැකසූ පිච්ච මල් මාලයත්, සිහින් රන් බෝඩරයක් සහිත තැඹිලි පාට සාරියත්, කශයක් වැනි තාලියත්, අත පිරෙන රන් වළලුත්, රන් පැහැති ඔරලෝසුවත් නිසා නැන්දා සිංහල ගැහැනියක ලෙස නොපෙණින. හින්දු සංස්කෘතිය වැළඳ ගත් නියම දෙමළ ගැහැණියකගේ ගති ලක්ෂණ ඇය තුළින් දිස් විණි.
අපේ අම්මා සාරි අඳින්නට කම්මැලිය. එහෙත් නැන්දා, කියා එවා තිබුණේ හොඳ සාරියක් හැඳගෙන එන ලෙසය. අම්මාත් අප දෙදෙනාත් රන් ආභරණ පළඳින්නට කැමති නැත. එහෙත් නැන්දා කියා තිබුණේ අත කර පාලුවට එන්නේ නැතිනම් හොඳ බවයි. ඒ මාමාගේ පවුලේ අයට පෙනෙන්නට සිංහල ගැහැණියක පවතින මාන්නය තව දුරටත් නැන්දාගෙන් ගිලිහී ගොස් නැතැයි මට සිතිණි.
    නාමලී නැන්දා අප කැටිව ගියේ තට්ටු නිවාස සංකීර්ණයක පහතම මාලයේ නිවසකටය. එහි පිච්ච මල්වලින් ආවරණය වූ බිම් තීරුවක් ද තිබිණ.
    පාර්වතී අක්කා ගෙදර සිටියේ නැත. ශිවාලිංගම් මාමාගේ අම්මාට නාමලී නැන්දා අපව හඳාුන්වා දීමෙන් අනතුරුව අප ඒ ආච්චිගේ මුහුණ සිඹින විට ඇය නුහුරු කෝල ගතියකින් පස්සට වූවාය.
“මෙහෙ අපි වගේ මූණ ඉඹලා කතා කරන්නේ නෑ... අම්මාට පුරුදු නෑ. නාමලී නැන්දා සෙමින් මිමිණුවේ සිංහලෙනි. ඇගේ ස්වරයෙහි වූයේ දෙමළ උච්චාරණයකි”
    රවි අයියා දෙමළනේ හා ඉංග්‍රීසයෙන් වාඩි වෙන්නට ආරාධන කළේ ඒ ආරම්භක අසීරු මොහොත සමනය කරන්නට මෙනි.
    අපට දරා ගන්නට බැරි තරම් සංග්‍රහ සත්කාර ලැබිණ. එය යාබද නාන කමර සමි කාමර තුනක් තිබෙන තට්ටු නිවසක් නිසා අම්මාටත්, මටත්, අක්කාටත් එක් කාමරයක් ලැබිණි. අයියාට රවි අයියාගේ කාමරයේ ඇඳක් වෙන් කොට තිබිණි.
    පාර්වතී අප හා නිදහසේ කතා කළ නමුදු දෙමාපියන් හා නෑදෑයන් ඉදිරියේ හැසිරුණේ බොහෝ ගරු සරු ඇතිවය. ඇය නාමලී නැන්දා කිසි විටෙක අප හා කම මේසයට වාඩි වූයේ නැත. ඔවු් දෙදෙනාගේ රාජකාරිය වූයේ උණු තෝසේ හා පූරි ආදිය උණු උණුවේ මේසයට ගෙන ඒමය.
“ඇයි තෝසේ ටික එකපාර හදලා අපිත් එක්ක කන්න එන්න පුළුවන්නේ” යි අම්මා කී විට නාමලී නැන්දා, කීවේ එය හොඳ ගෘහණියකගේ ලක්ෂණයක් නොවන බවය.
“දන්නවාද අපේ පන්තියේ ළමයින්ගේ අම්මලාගෙන් අපේ අම්මා විතරයි දක්නේ කේක් හදන්න. අයිස් කෝපි හදන්න. කට්ලට් හදන්න. පැටිස් හදනන්න දැන ගෙන හිටියේ.” රවී අයියාද කතාවට එකතු විය.
“මුලදී මට තෝසේ, ඉට්ලි හදා ගන්න බැරුව හරි ප්‍රශ්නයක් වුනේ. ශිවාගේ අම්මා කිව්වා ඉට්ලි ටිකක්වත් හදා ගන්න බැරි නං ගෑනියෙක් නෙවෙයි කියලා” නාමලී නැන්දා එය කීවේ සිංහලෙනි.
    අපේ අම්මාටත් නාමලී නැන්දාටත් කතා කරන්නට බොහෝ දේවල් තිබිණ. එහෙත් නාමලී නැන්දාට විවේකයක් නොතිබිණ. පාන්දරින් අවදිවන ඇය කුස්සියට යා යුතු වූයේ උණුවතුර හා සාරියක් ඇඳ දෙවියන්ට පහන් දල්වා නළළේ විභූති ද ආලේප කර ගැනීනේ පසුය.
“ඉතිං කෑම හදලා ඉවර වෙන කොට නාපු එක වැඩක් නෑනේ” අම්මා කීවාය.
“මේ පවුලේ සිරිත එහෙමයි. කිසිම ලේලියෙකුට ඒවා බිඳින්න බෑ. දැන් මටත් ගානක් නෑ. මුල් කාලෙ නං පිස්සු වගේ තමයි. හැම මාසෙම එක එක දෙවිවරුන්ට පූජාවන් තියෙ දවසුත් එනවා. දෙවියන්ට හඳුන්කූරු පත්තු කරලා කටින් පීමලා හිටන්නේ නෑ කියල වත් මං දැනගෙන හිටියෙ නැහැනේ”
    හින්දු සංස්කෘතිය ගැන නැන්දාගෙන් අසන විට මම මහත් පුදුමයක් දැනුණා. සිංහල ගති සිරිත් ඇති කාන්තාවක් මෙතරම් ඉක්මණට එම සංස්කෘතියට හැඩ ගැසීමට පුළුවන් වුණේ කෙසේද යන්න මට මහත් කුතුහලයකි. මට විටෙක නැන්දා ගැන මහත් ආඩම්බරයක් සිතේ.
    නැවතත් නාමලී නැන්දා කටහඬ අවදි කරන්නට විය. නැන්දම්මා උයන පිහන භාජන තිබුණේ වෙනමය. ඒයායේ ආහාර පිසින්නට නාමලී නැන්දා අවසර නොතිබුණත් ඒවා ඔප වැටෙන්නට මැදිය යුත්තේ නැන්දාය.
“ඒක මාර නීතියක්නේ. මං නං එයාට ඕන එකක් කර ගන්න කියලා ඉන්නවා” මට ඉබේටම කියවුණි. අම්මා යාන්තමට රවා බැලුවාය.
“එයා නරක නෑ. එයා වයයි මේ වෙන කුලේක ගෑනියෙක් මස් මංශ උයන හැන්දක්වත් මුහවෙයි කියලා. එයා බාල දුවගේ ගෙදරින් කන්නෙත් නෑ. අපි නං ඉඳලා හිටලා මේ පුතාට ඕන හින්දා කුකුල් මස් උයනවා. මෙහෙ ඔය ආගම් පවුලක් වගේ මස් මාංශ කන පුරුද්දක් නෑ”
    නාමලී නැන්දා මේ විස්තර කීවේ වැඩ කරන අතරය. දින තුනක් ගෙවී ගොස් තිබිණ. එහෙත් ඇයට අම්මා හා විවේකීව දොඩමළු වන්නට වේලාවක් නොතිබිණ. ඒ තරමට ඇය හින්දු කුල කාන්තාවකගේ චරිතය මැනවින් ඉටු කළාය. දවස් ගෙවී ගියේය. අයියාට හා අක්කාට පමණ් නොව අම්මාට ද මා එපා වී ඇතැයි සිතින. මා කළේ ඒ අවට ඇවිදින්නට අවසර ගෙන පාරවල් ගානේ යාමය. මම ගමන් කරන මාර්ග වල හැරෙන දිශාව මගේ සටහන් පොතේ ලකුණු කර ගත්තේ පාර වරදෙතැයි බියෙනි. නව දේශයක් සොය ගත් ගවේෂකයෙකු මෙන් ඒ පාරවල් නිවාස, පාසල් හා කුඩා දේවස්ථාන රාශියක් මා සටහන් පොතේ ලකුණු කර ගත්තේ පාර වැරදෙතැයි බියෙනි.
    පටු පාරකින් හැරී මා යන විට එළවළු කඩ හා පාර අද්දර කූඩ තපා ගත් වෙර හන්දියක් රැසක් හමු වුණි. මා මද දුරක් අවට පරිසරයේ සිරි නරඹමින් ගමන් කරන විට මා පුදුම කරණ ගණයේ සිදුවීමක් මා නෙත ගැටුණි. එනම් රවී අයියා  අපේ අක්කාගේ හිසේ පිච්ච මල් වැලක් පටලනු දැකීමය. මා ගෙදරින් එන විට ඔවුන් සිටියේ මිදුලේ කතාබස් කරමිනි. ඔවුන් මා පසුපස ආවා නම් මට ඉව වැටෙන්නට තිබිණි. එසේ නම් ඔවුන් එන්නට ඇත්තේ වෙනත් කෙටි පාරකින් විය යුතුය. මම වහා එළවළු කඩයක් ඇතුළට රිංගුවෙමි. ඔවුන් පටුපාර අවසානය දක්වා ගොස් දකුණට හැරෙණු පෙනිණ.
    මා රහස් පරික්ෂකයෙකු මෙන් මිනිස්සුන්ට මුවා වෙමින් ඔවුන් පසුපස ගියේ ගැහෙන හදවතිනි. කොයි මොහොතේ හෝ ඔවුන් මා දකිනු ඇතැයි යම් තැති ගැන්මක් තිබබි. ඒ සමඟම මා නැතිව එසේ ඇවිද්නනට පැමිණීම ගැන සියුම කෝපයක් ද දැණින.
    රවි අයියාත් අක්කාත් අයිස්ක්‍රීම් තෝරනු පෙනින. මගේ දෙපා එතැනට ඇදුනේ නොදැනීමය. මම අක්කාගේ කොණ්ඩයන් ඇද හොර හිනාවකින් දෙතොල් තද කර ගතිමි.
“මෙයා... අපේ පස්සෙන් ආව ද?”
    මා නිදහසට කිව යුතු කාරණය ඇය විසින්ම සපයා දුන්නාක් බඳු විය.
“ඔව් ඕගොල්ලෝ මට කියන්නේ නැතුව ආවනේ ඉතිං. මාත් පස්සෙන් ආව..”
“මං ඔයාට කිව්වේ මේ අපේ නගා ලේසි පහසු බට්ච්කේ නෙවෙයි කියලා....”
    මට තවත් රසවත් දෙයක් රැගෙන නුදුන්නොත් පාර අයිනේ මල් මාල බැඳිමේ කතාන අම්මාට කියකවා යයි කියන්නට සිතින. එහෙත් එය මතු මාගේ අක්කාට කියා ප්‍රයෝජනයක් ගැනීම සඳහා ඉතිරි කර ගැනීම වඩා නුවණක්කාර යයි හැඟුණි.
“ඔයා මෙයා එක්ක මොකක් හරි තියේ නේද?” මා සිංහලෙන් කී විට අක්කා උත්තර නොබැඳ මඳ සිනා නැගුවාය.
    රණ්ඩු කෙක්කක් බඳු අපේ අක්කා එතරම කෝල වී එපමණ මෙල්ල වී සිටීම පුදුමකාරය.
    රවි අයියා අප කැටිය ඇඳුම් බලන්නට යාමට අපගෙන් කැමැත්ත විමසන ලදි. මටත් ඒ පිළිබඳ ආසාවක් කලින් සිටම සිතේ මතු වී තිබිණ. මටත් මොනවා හරි ගන්න ඕන” මා කීවේ ඉතා කපටි ස්වරයෙනි.
    අක්කා සල්වාර් ඇඳුම් කීපයන් ගත්තාය. රවි අයියා කීවේ මගේ වයසේ ළමයින් අඳින්නේ සිග සායවල් බවය. දිලිලෙස රත්තරන් පැහැති ඉරි වැටුණු සායවල් හා හැට්ට කෑලි ලංකාවට ගෙන ගොස් ඇඳිය නොහැකි නිසා ඒවාට මුදල් නාස්ති කිරීම නිෂ්ඵල යැයි අක්කා කීවාය.
“මටත් දිග සායක් ඕන. ඇන්කල්ට්ස් දාන්නත් ආසයි. එතකොට මං ඔයාලගේ ගෙදර ගියාම මං ලංකාවෙද කියලා කවුරුවක් අහන එකක් නෑ”
“ඒක හොඳයි. නංගි මෙහෙ නවතින්න. එතකොට හැමදාම මෙහෙ විදියට අඳින්න පුළුවන්. මේ අක්කාත් ආසයි කියන්නේ පිච්ච මල් දාගෙන ඉන්න” රවි අයියා කීවේ අක්කා දෙස බලාගෙනය. එය මට වඩා අක්කාටම එහි නවතින්නටැයි කීමක් බඳුය.
    මට දැන් දෙදෙනා අතර මොන මොනවද වෙනවා යන සැකය තව දුරටත් උත්සන්න විය. අක්කා කෙසේ වෙතත් රවි අයියා අක්කාට පිසසු වැටී ඇතැයි මට බලන බැල්මෙන්ම තේරී ගියේය.
    ඇඳුම් ගැනීමෙන් අනතුරු අප සියල්ලෝම නැවත නිවස බලා පිටත් විය. නිවසට යන විටත් අම්මා සහ නාමලී නැන්දාත් රාත්‍රී ආහාරය පිළියෙළ කරමින් සිටින්නට විය.
    සියල්ලෝම රාත්‍රී ආහාර ගැනීමෙන් අනතුරුව දවසේ ඕපාදූප නැවක කතා කිරීම එක් රොක් විය. රවී අයියා එකවරම කටහඬ අවදි කරන්නට විය.
“අපේ අම්මායි අප්පායි එකතු කරන්න උදව් කරපු එකම නෑයා ඕගොල්ලන්ගේ අම්මා විතරයි කියනවනේ..”
“අපිත් ඒක නම් අහලා තියෙනවා.” තොරතෝංචියක් නැතුව අම්මා නිතර දෙවේලේ නාමලී නැන්දා ගැන කියවන බව මට ඒ වේලේ සිහි විය.
“ඉන්ඩකෝතත මේ පාර ගියාම මං ඕගොල්ලන්ගේ පින්තූර ගම්පොළ සීයාට පෙන්නන්නම්කෝ.. එතකොට එයාටක් හිත උණුවෙයි” මට එකවර නැන්දා හා ගම්පොල සීයා අතර තියෙන විරසකය සිහි විය. ඒ දෙදෙනා නැතත් සමාදාන කරන්නට මට මහත් ආසාවක් විය. මා මෙසේ සිතුවිල්ලේ ගිලී පවතින විට එකවරම රවී අයියා නිහැඬියාව බිඳ දමන ලදි.
“ඒවා කියන්න බෑ. අපේ අම්මා අප්පාට හොරෙන් ලියුමක් දැම්මා. අපේ පින්තූරත් යැව්වා... කෝ උත්තරයක්වත් නැහැනේ ”
“ඒ ගොඩක් ඉස්සරනේ. මේ පාර බලන්ඩකෝ. මං කොහොමහරි එයාගේ හිත වෙනස් කරනවා.” මා එය තරයේම කීවෙමි.
    මෙලෙස දින කිහිපයක් ගෙවී ගිය පසු අප නැවතත් නිවස කරා යන දිනය ළඟා විනි. උf්ම ඇහැරුණ අප සියල්ලම තම බඩු මළුත් රැගෙන ගුවන් තොටුපල කරා යාමට සැරසිනි.
    නාමලී නැන්දාගේ, පාර්වති අක්කාගේ ඇස්වල කඳුළු පිරී පැවතිණි. මගේ හිතට ද මහත් පාළුවක් කාන්සියක් ආරූඪ වී තිබුණි. නමුත් කවදා හෝ මේ සියල්ල අතහැර දමා නිවසය යෑමට සිදුවනු බැවින් මම ලහි ලහියේ ගමන කරා සූදානම් විය.
    අච්චාරු වර්ග, රසකැවිලි, රිදී හා තඹ පැහැති ආහාර පිසින් බඳුන්, සාරී , ඇඳ ඇතිරිලි, සඳුන් සබන් හා වෙනත් තෑගි බෝග ද රැගෙන අප ගෙදර පැමිණෙන විට තාත්තා කට ඇරගෙන බලා සිටියේ විහිළුවටය.
“තමිල්නාඩුවම ගෙනත් වගෙයි”
    තාත්තා කීවේ අම්මා ඒ බෑග් විවෘත කොට පෙන්වන්නට ගත් විටය.
“නාමලී නෑදෑයෝ එක්ක හොඳින් ඉන්නවා වගෙයි”
“ ඒගොල්ලන්ට ඕන විදිහට ඉන්න හින්දා? හොඳින් තමයි එයා තාර කේරළේටවත් ගිහින් නැහැලු”
“ඉතිං ඕගොල්ලන්ට තිබුණානේ එයාවත් අරන් උතුරට ගිහින් බලලා එන්න”
“නෑ තාත්තේ නාමලී නැන්දා අපිත් එක්ක මධුරෙයි යක්ක ආවෙත් නෑ. ශිවා මාමාට කෑම හදනන් ඕන කියලා”
    මට එකවරම ඔවුන් ඉදිරියේ වූ පොරොන්දුව සිහිපත් විනි. නාමලී නැන්දාගේ තාත්තාගේ සිතේ පවතින වෛරය නැති කරනවා යන්න මම ඔවුන් ඉදිරියේ පොරොන්දු විය.
    මා අම්මාගේ අවසරයත් රැගෙන ලහි ලහියේ ගම්පොල සීයාගේ නිවස බලා යාමට ලැහැස්ති විය.
    එකවරම නිවසේ දුරකථනය නාද වන්නට විය. අම්මා දුවගෙන ගොස් රිසීවරය අතට ගැනීමට ලැහැස්ති වූවා පමණි. අම්මාගේ අත වැදී වීදුරුවක් බිඳී යන අයුරු නිවස දෙදරා යමින් රාවය දසත පැතිරී ගියේය.
    සියල්ලෝම එම සද්දයට සාලයට එකතු විය. තාත්තා නාද වන රිසිවරය තව දුරටත් නාද වීමට ඉඩ නොතබා අතට ගත්තේය. එම පණිවිඩයෙන් තාත්ාගේ ඇස් උඩ යන අයුරු දැක සියල්ලෝම බියට පත් විය.
    තාත්තාගේ මුවින් වචනයක් පිට වන තුරු අප නෙත් අයා සිටියේය. එකවරම තාත්කා කියන ලද දෙයින් අප සියල්ලෝම මුහුණට මුහුණ බලා ගත්තේය.
“ගම්පොළ සීයා නැති වෙලා..”
                                        
                                                                           නිමි.