වෙළඳ දැන්වීම් ආශ්‍රිතව ගොඩනැඟෙන කාන්තා ප්‍රතිරූපය
ධනේෂ්වර ආර්ථිකය තුළ අනිවාර්ය ලක්‍ෂණයක් වන්නේ භාණ්ඩ අලෙවිය පිළිබඳ තරඟයයි. භාණ්ඩ පිළිබඳ අවශ්‍යතාවය පාරිභෝගිකයා තුළ ඇති කිරීමට මෙයින් හැකියාව ලැබේ. මෙසේ නිෂ්පාදන හෝ සේවාවන් පාරිභෝගිකයා වෙත ගෙය යාම සඳහා එක්තරා කලාවක් අවශ්‍ය වේ. එය ප්‍රචාරණය ලෙස හඳුන්වා දිය හැකිය. මෙය පුද්ගලයන් රාශියකගේ එකතුවකින් නිර්මාණශීලීව සිදු වන්නකි.
භාණ්ඩ අලෙවිය සඳහා ප්‍රචාරණ විධි අනුගමනය කිරීමේදී එය වඩා ඵලදායී අන්දමට කිරීමට නිෂ්පාදකයා උනන්දු වේ. මෙහිදී කාන්තාව හා ඇගේ රුව භාවිත කිරීම තුළින් මෙම ප්‍රචාරණය වඩා කාර්යක්‍ෂමව කිරීමට බොහෝ විට උත්සාහ ගනී. කාන්තා රූපය ප්‍රචාරණයට උපයෝගී කර ගැනීම සමඟ එය කාන්තාවගේ සමාජීය ප්‍රතිරූපය ගොඩනැංවීම සඳහා ද බලපානු දැකිය හැකිය. මින් කාන්තාවන් පිළිබඳව සමාජය තුළ එක්තරා ලිංගිකව හැඟීම් දැනවීමක් දක්නට පුළුවන. කාන්තාව මෙවැනි තත්වයකට පත් කිරීම සඳහා ප්‍රයෝජනයට ගන්නා ප්‍රධානම සාධකය ඇගේ ශරීරයයි. කාන්තාවගේ ශරීර අවයව උලුප්පා දැක්වීම හේතු කොටගෙන මෙවැනි ආකල්ප ගොඩනැඟේ. ඒ තුළින් කාන්තාව රසාස්වාදය සඳහා යොදා ගැනෙන භාණ්ඩයක් බවට පත් කෙරේ. මෙම තත්වය ඇගේ සමාජ තත්වය කෙරෙහි ද ඊඨ අමතරව ඇය සමාජය තුළින් විශේෂයේනම පුරුෂයන්ගේ ප්‍රචණ්ඩත්වයට පත්වීමට ද මග හෙළි කරයි. කාන්තාව ලිංගික අවශ්‍යතාවයන් සඳහා යොදා ගැනෙන තැනැත්තියන්ය යයන මතය තහවුරු කිරීමට මෙවැනි මතවාද ඉවහල් වී ඇත.
කාන්තාවන් ප්‍රචාරණ කටයුතු වලදී යොදා ගැනීම පුවත්පත් ටෙලිනාට්‍ය හා දැන්වීම් පුවරු ආදිය තුළින් සිදු කරනු ලැබේ. වෙළඳ දැන්වීම් වලදී කාන්තාව මවක්, බිරිඳක්, පෙම්වත්යක් යනාදි තත්වයන් තුළ ඇගේ කාර්යය භාරයන් පිළිබඳ ඉස්මතු කොට දක්වති. උදාහරණ වශයෙන් කිරිපිටි දැන්වීම්, දරුවෙකුට තුවාලයක් සිදු වූ විට විෂබීජ නාශක යෙදීම වැනි මාතෘ ගුණය ඉස්මතු කිරීමට මෙම වෙළඳ දැන්වීම් වලින් උත්සාහ ගැනේ. ඒ තුළින් ව්‍යාපාරිකයාට පාරිභෝගිකයන්ගේ අවධානයන තම නිෂ්පාදන වෙතට යොමු කර ගැනීමට හැකියාව ලැබේ. අනෙක් අතට කාන්තාවගේ රූපය ශෘංගාරාත්මකව දැක්වීඹට ද වෙළඳ දැන්වීම් උපයෝගී කර ගනී. ඒ අනුව මෙය විකිණීම, සබන් අලෙවිය, ටයර් අලෙවිය යනාදි වෙළඳ දැන්වීම්වලදී කාන්තාවන්ගේ අඟපසඟ ප්‍රදර්ශනය කරති. මෙට්ට පිළිබඳ ප්‍රචාරණයේදී කාන්තාව නිදාගෙන සිටින දර්ශනයක් ඉදිරිපත් කරයි. අලෙවිය සඳහා ඇති මෙට්ටය ප්‍රදර්ශනය නොකොට කාන්තාවගේ රූපය පමණක් ප්‍රදර්ශනය කිරීම තුළින් මුදු, පහස පිළීබඳව පණිවිඩයක් දීමට උත්සාහ ගැනේ. සබන් දැන්වීමකදී කාන්තාවන් නාන කාමරයේ සබන් ආලේප කරන ආකාරය විනිවිද දකින ආකාරයට කැමරා කෝණ සකස් කොට ඇගේ සම සහ ශරීරය ප්‍රදර්ශනය කිරීමට උත්සාහ ගනී. ටයර් අලෙවියේදී ද කාන්තාවගේ අඩ නිරුවත් ඡායාරූපයක ඇගේ කලවා ප්‍රදේශය කේන්ද්‍ර කොට නරඹන්නාගේ අවධානය යොමු කර ගැනීමට උත්සාහ ගැනේ. මේ තුළින් කාන්තාවගේ රූපය ඉස්මතු කිරීමට කරනු ලබන ප්‍රයත්නයක් දක්නට පුළුවන.
කාන්තාව භාණ්ඩයක් ලෙස වෙළඳපොල තුළ ඉදිරිපත් වීම, පුරුෂයාට සාපේක්‍ෂව සිදුවේ. පිරිමින් කඩිසර වි්ශිෂ්ට ප්‍රතිරූපයකින් යුක්ත බව පෙන්වීමට උත්සාහ ගැනේ. ඊට සාපේක්‍ෂව කාන්තාව සියුමැලිකම, රූමත්කම, මෘදු මොලොක් වැනි ගුණාංග ඉස්මතු කිරීමට උත්සාහ ගැනේ.
No comments:
Post a Comment