ස්ත්‍රී පුරුෂ සමාජභාවය
ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන්නෙන් කාන්තාව හා පිරිමියා පිළිබඳවත්, ඔවුන් අතර ඇති සමාජයීය සහ සංස්කෘතිකමය සබඳතාවන් පිළිබඳවත් සමාජය විසින් නිර්මාණය කරන ලද මතවාදයන් යන්න අදහස් වේ. ස්ත්‍රීභාවය (Feminity) සහ පුරුෂභාවය (Masculinity) යන්න ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව සංකල්පයේ මූලිකත්වය ගන්නා අතර, කාන්තාව සහ පිරිමියා විසින් සමාජය තුළ නිරූපණය කරන භූමිකාවන් ඒ හරහා නිරූපණය වේ. මෙය 1970 දශකයේ සිට වර්ධනය වූ සංකල්පයකි. “ඈන් ඔස්ලේ” වැනි සමාජ විද්‍යාඥයින් විසින් ආරම්භ කරන ලද මෙම විෂය පසුකාලීනව විවිධ ක්‍ෂේත්‍ර ඔස්සේ වර්ධණය විය. සමාජ නිර්මිතය සමාජයෙන් සමාජයට, රටින් රටට වෙනස් වේ. මානව වර්ග, ජාති, කුල, ප්‍රදේශ අනුව ද මෙම තත්වයන් සමාජ හා සංස්කෘතික වෙනස්වීම් අනුව සිදුවේ.ච එම නිසා ස්ත්‍රී පුරුෂ ලිංග භේදය මෙන් නොව ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනස්වන සුළු දෙයකි. මානව සමාජය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකින් යුක්තය. ඒ ස්ත්‍රී පුරුෂ වශයෙනි. පුරුෂයන්ට ලොව සෑම සමාජයකම අගය කිරීම සිදුවන්නේ පුරුෂයින් ශාරීරිකව හා මානසික වශයෙන් ශක්තිමත් එඩිතර, ඉක්මන් තීරණ ගත හැකි නායකත්වයක් සහිත බුද්ධිමත් තාර්කික කොටසක් ලෙසටය.
ස්ත්‍රී පුරුෂ සමාජභෘවය ආරම්භයේ සිට විද්‍යමාන වන එළැඹුම වූයේ එය පුරුෂාධිපත්‍යයට එරෙහි සංකල්පයක් ලෙසිනි. පුරුෂාධිපත්‍යය යන්න කවර සමාජ ක්‍රමයක සම්භවය වූ සංකල්පයක් ද යන්න නිශ්චිතව හඳුනා ගැනීඹට අපහසුය. පීතෘ මූලික සමාජයක පුරුෂයා කෙරෙහි ආධිපත්‍යය බල රටාවක් ගොඩනැඟූ බව පුරුෂාධිපත්‍යය සංකල්පයේ ඓතිහාසික මතවාද විමසුමට ලක් කිරීමේදී පැහැදිලි කෙරේ. මීට අමතරව මහාචාර්ය මෝටිමෝ වීලර්, දික්ෂිත් වැනි පුරාවිද්‍යාඥයින් මොහොන්දජාරෝ, හරප්පා ශිෂ්ඨාචාර ආශ්‍රිත කැණීම් ඇසුරෙන් මව් දෙවඟන සංකල්පය එම ශිෂ්ඨාචාර තුළ පැවති බව හඳුනාගෙන තිබේ. ඒ අනුව ඒවා පුරුෂාධිපත්‍ය සමාජ ක්‍රමයන්ට පෙර ක්‍රියාත්මක වූ ස්ත්‍රීය මූලික කරගත් සමාජ ක්‍රමයක් වශයෙන් විශ්වාස කෙරෙයි. ලෝකයේ බොහෝ නව මතවාදයන් ව්‍යාප්ත වූ සමයක ස්ත්‍රිත්වය පිළිබඳ නව්‍යවාදී දෘෂ්ටිකෝණයකින් විග්‍රහ කළ රසෑන් අයිස්ලර් ස්වකීය විග්‍රහයේදී අර්ථකථනය කරන්නේ ප්‍රේමය සහ සමාව පිළිබඳ ඉගැන්වෙන ආගමක් වශයෙන් ක්‍රිස්තියානි ධර්මය තුළින් හෝ පෘථිවිය මත ස්ත්‍රිත්ව සංකල්පය සාධාරණීකරණය කර නොමැති බවයි. ශුද්ධ වූ බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ ලෝකෝත්පත්ති කථාවේ ලෝකයේ මැවීම පිළිබඳ සංකල්පයේදී ගැහැණියට ද්විත්ව ස්ථානය ලබාදී තිබෙන බව අයිස්ලර්ගේ අදහසයි. පුරුෂාධිපත්‍යය සමාජ ක්‍රමය වඩ වඩාත් ස්ථාවරත්ම කාන්තාවගේ ස්ථානය මව් දෙවඟනගේ සිට උපයෝගීතා භාණ්ඩයක මුහුණුවර දක්වා විකාශනය විය. ජනමාධ්‍ය, වෙළඳ දැන්වීම්, සිනමාව ආදි මේ බොහෝ ක්‍ෂේත්‍රවල කාන්තාව උපක්‍රමික අරමුණු සහිතව භාවිත කෙරෙන්නක් බවට පත්විය. කාන්තාව සහ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ප්‍රථම වරට අවධානය යොමු වූයේ 1982 වසරේ පැරීසියේ පැවති කාන්තාව හා ජනමාධ්‍ය සමුළුවේදී ය. ජනමාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ කාන්තාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී ප්‍රධාන ලක්‍ෂණ 2 ක් හඳුනාගැනීමට පිළිවන. පළමුවැන්න කාන්තාවන් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ රැකියා ආශ්‍රිතව නියැලීමේ ප්‍රතිශතය අඩු වීමයි. දෙවැන්න එසේ වුවද ස්ත්‍රී රූපය මාධ්‍ය තුළ බෙහෙවින් දැකිය හැකි වීමයි.
වර්තමාන ලෝකය තුළ ප්‍රවෘත්ති, දැනුම සහ විනෝදාස්වාදය යන මානව සන්නිවේදන අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙහි ලා මූලිකම දායකත්වය ජනමාධ්‍ය විසින් සපයනු ලැබේ. ගැහැනිය සහ පිරිමියා සම්බන්ධයෙන් සමාජය තුළ පවතින මතවාද පැතිරවීමට සහ එු්වා ශක්තිමක් වීමට වැඩියෙන්ම බලපානු ලබන්නේ ජනමාධ්‍යයයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ජනමාධයේ හැසිරීම පුරුෂාධිපත්‍ය තුළ කාන්තාවට හිමි ද්විතීය ස්ථානය සාධාරණීකරණය කරන සහ එය ප්‍රචලිත කරන ආකාරයේ එකක් බව අතිශය පැහැදිලිය.
උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ සන්නිවේදන අධ්‍යයනාංශයේ ආචාර්ය ජුලියා ටී. වුඞ් ප්‍රකාශ කරන ආකාරයට ජනමාධ්‍යය ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ජනමතය හසුරුවන්නට දායක වන ආකාර 3 ක් ඇත.
1 කාන්තාව අවතක්සේරුකරණය කිරීම.
2 කාන්තාව සහ පුරුෂයාට සමාජයේ පිළිගත් මතය තුළ හිමි ප්‍රතිරූප දිගින් දිගටම ප්‍රචාරණය කිරීම.
3 කාන්තාව පුරුෂයාට වඩා අඩු වැදගත්බවින් පෙන්වීම.
ජීව විද්‍යාත්මකව ස්ත්‍රියට සහ පුරුෂයාට ලැබී ඇති ලිංගික වෙනස මත සමාජය විසින් දීර්ඝ කාලයක් තිස්සේ වෙනස් වූ සමාජ තත්වයන් මෙම දෙපක්‍ෂය සඳහා නිර්මාණය කර දී ඇත. සමාජය සහ සංස්කෘතිය මගින් මෙම බෙදීම් සිදු කර තිබෙන අතර, සෑම ඒකකයකදී මෙන් සෑම ස්ථරයකදී ම දක්නට ලැබේ. ස්ත්‍රින්ට සසහ පුරුෂයන්ට එකිනෙකට වෙනස් වූ ගති ලක්‍ෂණ, අනන්‍යතා, හැසිරීම් රටා, භූමිකා සහ වෘත්තින් පවා සමාජය විසින්ම නිර්මාණය කර දී තිබේ. ස්ත්‍රින්ට සහ පුරුෂයන්ට පවරා දී ඇති එම සමාජ සංස්කෘතික තත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවය ලෙස තවදුරටත් සරලව ගෙන හැර දැක්විය හැකිය. මෙය සමාජය විසින් නිර්මාණය කර දී තිබෙන අතර, ලිංගික බව මෙන් ස්වභාව ධර්මයෙන් ලැබුණු දෙයක් නොවේ.
ජීව විද්‍යාත්මකව ස්ත්‍රියට සහ පුරුෂයාට ලැබී ඇති ලිංගික වෙනස මත සමාජය විසින් දීර්ඝ කාලයක් තිස්සේ වෙනස් වූ සමාජ තත්වයන් මෙම දෙපක්‍ෂය සඳහා නිර්මාණය කර දී ඇත. සමාජය හා සංස්කෘථිය මගින් මෙම බෙදීම සිදු කර තිබෙන අතර, සෑම ඒකකයකදීඹ මෙන්ම සෑම ස්ත්‍රියකගේම එය දක්නට ලැබේ. ස්ත්‍රින්ට සහ පුරුෂයන්ට එකිනෙකට වෙනස් වූ ගත් ලක්‍ෂණ, අනන්‍යතා, හැසිරීම් රටා, භූමිකා සහ වෘත්තින ්පවා සමාජය විසින්ම නිර්මාණය කර තිබේ. ස්ත්‍රින්ට සහ පුරුෂයන්ට පවරා දී ඇති එම සමාජ සංස්කෘතික තත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවය ලෙස සරලව හඳුන්වා දිය හැකිය. මෙම සමාජ නිර්මිතය සමාජයෙන් සමාජයට රටින් රටට වෙනස් වේ. මානව වර්ගය, ජාතිය, කුලය, ප්‍රූදේශ අතරද මෙම සමාජ තත්වයන් සමාජ හා සංස්කෘතික වෙනස්වීම් අනුව සිදුවේ.
ස්ත්‍රී පුරුෂ බෙදීම තුළ ඔවුන්ට පැවරී ඇති වගකීම් ස්වභාව ධර්මයෙන් හිමි වී ඇති ප්‍රජනක කාර්ය මෙන්ම ගෘහාශ්‍රිත සියලු කාර්යයන්ද සමාජය විසින් ස්ත්‍රියට පවරා දී ඇත. ඒ අනුව,
1 ගේ දොර වැඩ කටයුතු
2 දරුවන් පෝෂණය කිරීම
3 රැක බලා ගැනීම.
4 මව්පියන් රැක බලා ගැනීම.
එයට වෙනස් ආකාරයට ගෘහයෙන් පිටත ආදායම් ඉපයීමේ කාර්යය පුරුෂයාට පවරා දී ඇත. ඒ අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු ලිංගිකත්වය පදනම් කරගෙන සමාජ විසින් කාලාන්තරයක් තිස්සේ විධිමත්ව නිර්මාණය කර දෙනු ලැබූ සමාජ සබඳතාවයක් ලෙස සරලව හැඳින්විය හැකිය.
No comments:
Post a Comment