රියලිටි ටිවි වැඩසටහන්
රියලිටි ටිවි වැඩසටහන් යනු ද රුපවාහිනියේ ප්‍රදර්ශණය කෙරෙන තවත් වැඩසටහන් ෂානරයක් හෙවත් වර්ගිකරණයකි.මෙහිදි පිටපතකින් තොරව නාට්‍යානුරුපිව සහ ප්‍රහසනාත්මක අවස්ථා ඉදිරිපත් කිරිමට අපේක්ෂා කෙරේ.පිටපතකින් තොරව සහ සැලසුම් කිරිමකින් තොරව මෙවැනි අවස්ථා ඉදිරිපත් කෙරෙන්නේ ද යන්න පිළිබද දැන් විචාරකයෝ ප්‍රශ්ණ කරති. ඒ ඒ අවස්ථා පූර්වයෙන් සැලසුම් නොකරන ලද ආකාරයෙන් ඉදිරිපත් කිරිමට රියලිටි වැඩසටහන්වල නිෂ්පාදකයෝ වග බලා ගනිති.මෙහි තවත් ලක්ෂණයක් නම් වෟත්තිය නලු නිලියන් වෙනුවට සාමාන්‍ය පුද්ගලයන් යොදා ගැනිමයි. බොහෝ විට අවසානයේ ත්‍යාගයක් පිරිනැමෙන වැඩසටහනක් ලෙසින් මෙය ඉදිරිපත් කෙරේ. රියලිටි ටී වි වැඩසටහන්වල අතිතය 1948 වසර දක්වා අතිතයට විහිදි යයි. ඒ ඇලන් ෆන්ට් විසින් නිර්මාණය කරන ලද කැන්ඩිඞ් මයිකෝරෆෝන් වැඩ සටහන පාදක කර ගනිමිනි.එහෙත් මෙම වැඩසටන් විශේෂයෙන් බිග් බ්‍රදර් සවයිවර් වැනි වැඩසටහන්වල සාර්ථකත්වය ඊට බලපැවේය. බිග් බ්‍රදර් රියලිටි වැඩසටහන ආරම්බ වන්නේ නෙදර්ලන්තයෙන් වන අතර මේ වන විට ලෝකයේ සැම කලාපයකට ම පාහේ මෙම වැඩ සටහන විවිධ වෙනස්කම් සහිතව හෝ රහිතව හෝ ව්‍යාප්ත වි තිබේ. නෙදර්ලන්තයේ වෙරොනිකා නාළිකාවේ 1999 වසරේදි මුලින් ම එම වැඩසටහන ප්‍රචාරය කෙරිණි.
බිග් බ්‍රදර් වැඩසටහනේ දි සිදු කෙරෙන්නේ එම රුපවාහිනි වැඩ සටහනට සම්බන්ද සම්බන්ධ වන මිනිසුන් කණ්ඩායමක් එක් විශාල නිවසකට එකට වාසය කිරිම සදහා කිරිම සදහා ඉඩ සැලසිමයි. මෙම විශාල නිවසේ රදවනු ලබන පිරිස පිටස්තර ලෝකයෙන් වෙන් කෙරෙති. බොහෝ විට පුද්ගලයන් 12-16ත් අතර පිරිසක් තරගය සදහා සම්බන්ධ කර ගැනෙති. අවසානයේ දි මුලදි ත්‍යාගය ජයග්‍රහණය කිරිමට නම් විවිද කාල අවස්ථාවල දි පිටස්තර ලෝකයට යැමට ලැබුණු ුඅවස්ථාවල දි එයින් බේරි විශාල නිවසේ අවසන් පුද්ගලයා දක්වා රුදි සිටිමයි.මෙම තරගයේ නිති රිති හා සැලැස්ම රටින් රටට වෙනස් වන ලෙස සකස් කර ගෙන ඇත.
රියලිටි වැඩසටහන් අතරින් වඩාත් මගින් ගේම් ෂෝ ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහන් ආකෟති ගණණාවක් ආවරණය කෙරේ.රියලිටි වැඩසටහන් ආකෟති ගණණාවක් ආවරණය කෙරේ. රියලිටි වැඩසටහන් අතරින් වඩාත් ජනප්‍රසාදයක් දිනා ගත් වැඩසටහනක් නම් ඇමර්කන් අයිඩල් වැඩසටහනයි. ඇමරිකන් අයිඩල් වැඩසටහනේ සිදු කෙරෙන්නේ නවක ගායන ශිල්පින් හා ශිල්පිනියන් අතරින් සුපිරි තරු තෝරා ගැනිමය්.කෙසේ වෙතත් මෙම ඇමරිකන් අයිඩල් වැඩසටහනට අවශ්‍ය සංකල්පය ලබා ගන්නේ බි්‍රතාන්‍යයේ ප්‍රචාරය කෙරුණු පොප් අයිඩල් වැඩසටහනෙනි.
රියලිටි වැඩ සටහන් මගින් දිරි ගැන්වෙන්නේ දර්ශාස්වාදය නමැති ගුණය බව බොහෝ රියලිටි වැඩසටහන් මගින් ආවරණය කෙරෙන ප්‍රදේශ විමසිමේදි පෙනි යයි.සමාජය විවෟත විම නව වින්දනාත්මක ප්‍රවේශයන් කරා ගෙන ඒම ජනප්‍රිය සංස්කෟතියේ ඒජන්තයන් පිරිසක් වන රියලිටි වැඩසටහන් නිෂ්පාදකයෝ සිදු කරති. මේ තුළින් කිසිවක් පූජනිය නොවේ යන සංකල්පයට පාර කැපි තිබේ. කලින් සැලසුම් නොකළ තත්වයන් යටතේ මිනිසුන් හැසිරෙන්නේ කෙසේද යන්න නිරික්ෂණය කිරිම දර්ශාස්වාදයේ කොටසකි.සිනමාව ටෙලි නාට්‍ය ආදි වූ නිර්මාණවල දක්නට ලැබෙන්නේ බොහෝ විට තිර රචනයක් අනුව කෙරෙන රංගනයකි. එහෙත් රියලිටි වැඩසටහන්වලින් සැලසුම් නොකරන තත්වයන් යටතේ ක්‍රියා කරන ආකාරය නි්රික්ෂණය කිරිමේ ආශ්‍රව ත්‍රිව කරයි. රියලිටි වැඩසටහන් මගින් සියලුම ප්‍රේක්ෂයන්ට වැඩසටනේ ඕනම අවස්ථාවකදි තමන්ට සහභාගි විමට හැකි විමේ සම්භාවිතාව පිළිබද හැගිමක් ඇති කරයි.
No comments:
Post a Comment