සන්නිවේදනය යනු
සන්නිවේදනය යන්නෙහි පදානුගත අර්ථය වන්නේ අදහස් හෝ හැඟීම් වඩා හොඳින් ප්‍රකාශ කිරීම යන්නයි. යමෙක් තමන් සතුව තිබූ අදහසක්, හැඟීමක් හෝ දැනුමක් තවත් අයෙකුට හෝ කිහිප දෙනෙකුට, ඇතැම් විට ජනමාධ්‍යයක් යොදාගෙන දහස් ගණනක ජන කොටසකට එකවර දැනුම් දුන් විට එම දැනුම, අදහස හෝ හැඟීම ඒ සියලු දෙනාගේ පොදු අදහසක්, හැඟීමක් හෝ දැනුමක් බවට පත් වීඹ මෙහිදී සිදුවේ.
අද මුළු විශ්වයම එකම ගම්මානයක් බවට පත් කර ගැනීමේ ශක්තිය සන්නිවේදන මාධ්‍යයන්ට ලැබී තිබේ. එය වත්මන් ලෝකයේ තාක්‍ෂණික වර්ධණයේ ප්‍රතිඵලයක් ලෙස එක් අතකට සැලකිය හැකිය. අනෙක් අතට සන්නිවේදනය යනු මානවයාගේ මූලික අවශ්‍යතාවයකි. එය වඩාත් පහසු කර ගැනීමේ අරමුණින් තාක්‍ෂනික මාධ්‍යයන් යොදා ගත් බවද සිතිය හැකිය. මානව සමාජයේ අන්තර්ගත සම්බන්ධතාව ගොඩනැඟෙන හුයක් ලෙස සන්නිවේදනය හඳුන්වා දිය හැකිය. එසේම මනුෂ්‍ය සමාජයේ මූලිකන පෙළගැස්ම සන්නිවේදනය ඔස්සේ සිදුවන බව දක්නට ලැබේ. සන්නිවේදනය මිනිසාගේම අවශ්‍යතාවයකි. එබැවින් එහි හුදෙකලා පැවැත්මක් හෝ ගුප්ත ස්වභාවයක් ද දක්නට නොමැත. අප සන්නිවේදනය හැදෑරීම යනුවෙන් අදහස් කරන් නේ මිනිසා ගැන හැදෑරීමය. මිනිසා සමාජ කණ්ඩායම් සමඟ සම්බන්ධතා දක්වන ආකාරය තොරතුරු ලබාගන්නා ක්‍රම හා හුවමාරු කර ගන්නා ක්‍රම, ඉගෙනීම හා ඉගැන්වීම්, විනෝදය ලබාගැනීඹ යනාදී සියල්ල සන්නිවේදනය ක්‍රියාවකලිය හා ප්‍රතිබද්ධ වී ඇත.
මානව සන්නිවේදනය යනු කුමක්දැයි හඳුනාගැනීමට නම් අප විසින් ාජනයා එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය සොයා බැලිය යුතුය. මිනිසා එකිනෙකා හා සම්බන්ධතා ගොඩනඟා ගන්නේ සන්නිවේදනය මූලික කරගෙන ය. විශාල ජන පිරිසක් ඔවුනොවුන් අතර අදහස් හුවමාරු කර ගැනීමට ප්‍රයත්න දරනවා විය හැකිය. යමෙකු විසින් කියන කිසියම් දෙයක් යමෙකුට අවබෝධ කර ගත හැකි වන්නේ ඔවුනොවුන්ගේ ඇති අදහස්, ආකල්ප, මතිමතාන්තරවල සමීපතාවය අනුවය. එම නිසා සන්නිවේදනයේ ඇති මූලික ගති ලක්‍ෂණ ඉඳුරාවම වෙන් කොට දැක්වීම දුෂ්කර බව මහාචාර්ය විල්බර් ශ්‍රාම් දක්වා තිබේ. ඔහු දක්වන පරිදි සන්නිවේදනය යන්න මිනිසාගේ තෙවන ශ්‍රවණ ඉන්ද්‍රියයකි.
පුද්ගලයින් දෙදෙනෙකු අතර එක සමාන මනෝ වෘත්තියක් ඇති කරලීම සන්නිවේදනය බව මහාචාර්ය විල්බර් ශ්‍රාම් පැහැදිලි කොට ඇත. සන්නිවේදනයෙහි යෙදෙන පුද්ගලයන් අතර සමාජ පසුබිම, අත්දැකීම් පසුතලය සම තත්වයක පවතී නම් එකී කාර්යය වඩාත් පහසු වන බව ශ්‍රාම්ගේ නිර්වචනයෙන් පැහැදිලි වේ. මෙබඳු සමාජ තත්වයක් නොතිබුණද, සන්නිවේදනයෙහි යෙදීමට බාධාවක් නැත. එහෙත් ඉදිරිපත් කරන සන්දේශයෙහි අරුත නිසි පරිදි වටහා ගැනීමට ඇති බාධාව මේ නිසා උද්ගත වේ. එබැවින් ගැඹුරු සන්නිවේදන ක්‍රියාවලියක දී දෙපක්‍ෂය අතර සමානත්වයක් තිබීම වඩාත් ප්‍රතිඵලදායකය.
හැරල්ඞ් ඩී ලැස්වෙල් නමැති සුප්‍රකට දේශපාලන විද්‍යාඥයා පැහැදිලි කර ආකාරයට කිසියම් පුද්ගලයෙක් යම් කිසිවක්, කිසියම් මාධ්‍යයකින් යමෙකුට කිසියම් අර්ථයක් සඳහා කියනු ලබන දෙය සන්නිවේදනයයි. ලැස්වෙල්ගේ මේ විග්‍රහයෙහි විවිධ අඩු ලුහුඬූකම් ඇති බව පසුකාලීන සන්නිවේදන විද්‍යාඥයෝ පෙන්වා දී ඇත්තාහ. ලැස්වෙල්ගේ දේශපාලන කටයුතු අරමුණු කරගෙන මෙකී විග්‍රහය කර ඇති බව පෙනේ. කෙසේ වුවත් සන්නිවේදනයේ මූලික ලක්‍ෂණ හඳුනාගැනීමට ඔහුගේ විග්‍රහය උපකාර වන බව කිව හැකිය.
කාලය හා දුර ජයග්‍රහණය කර ගැනීමේ අවශ්‍යතාවය මිනිසාට ඈත අතීතයේ සිට ම දැනුණු බව පෙනේ. එහි ප්‍රතිඵලයක් ලෙස සංකේත අකුරු මුද්‍රණය හා තාක්‍ෂණික මාධ්‍ය යනාදිය බිහි විය. මෙම ඓතිහාසික වර්ධනය තුළ සන්නිවේදන ක්‍රියාවලියද පුළුල් වී ගිය බව පෙනේ. මිනිසා විසින් ජනමාධ්‍ය එනම්, පුවත්පත, ගුවන් විදුලිය, රූපවාහිනිය, සිනමාව, වීඩියෝ, පරිගණකය, අන්තර්ජාලය යනාදිය නිපදවා ගන්නා ලද්දේ සන්නිවේදනය හා ප්‍රතිබද්ධ වී පවතින සියලු සමාජ අවශ්‍යතා ඉටු කර ගැනීමේ අරමුණින් යුක්තවය.
ජනමාධ්‍ය ප්‍රභවය වීඹට පෙර මානවයා විසින් විවිධ සංකේත, සංඥා යනාදිය අදහස් ප්‍රකාශනය සඳහා යොදා ගන්නා ලදී. විග්‍රහ කිරීමේ පහසුව සඳහා සන්නිවේදන විද්‍යාඥයන් විසින් මේ කරුණු කොටස් දෙකකට බෙදා තිබේ.
1 වාචික සන්නිවේදනය
2 අවාචික සන්නිවේදනය
වාචික සන්නිවේදනය යනු භාෂාව පදනම් කරගෙන කරනු ලබන සන්නිවේදනයයි. අවාචික සන්නිවේදනය යනු අභිනය, සංකේත, සංඥා යනාදිය යොදා ගෙන කරනු ලබන සන්නිවේදනයයි. මූලික වශයෙන් සංඥා ක්‍රම අවස්ථා තුනක් යටතේ විග්‍රහ කළ හැකිය.
1 ස්වභාවික සංඥා
2 මුද්‍රා සංඥා
3 සන්නිවේදන සංඥා
No comments:
Post a Comment