Saturday, 20 July 2019

චරිත තුනක් නව කතාව විචාරාත්මක ඇසින්.......

විසිවන සියවසෙහි මෙරට සාහිත්‍ය පුනරුදයෙහි ප්‍රමුඛ සාහිත්‍ය කරුවන් අතර කේ.ජයතිලකට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. 1960 දශකයේදී ආරම්භයේදී නව කතා රචනයට පිවිසි කේ.ජයතිලක මහතා නව කතා කේෂ්ත්‍රයේ උසස් සාහිත්‍ය කෘති ගණනාවක් රචනා කර ඇත. ඔහු විසින් පලකළ පලමු නව කතාව වන පරාජිතයෝ රසිකයන්ගේ ප්‍රසාදයට පාත්‍ර විය. අනතුරුව මේ ලේඛකයා තවත් නවකතා රුසක් පල කරන ලදි. ඉන්පසුව මෙම ලේඛකයා විසින් චරිත තුනක් දෙලොවට නැති අය අධිෂ්ඨාන, රාජපක්ෂ වලව්ව, පුංචි රාළගේ මරණය යනාදිය ජයතිලකයන්ගේ නිර්මාණ වන්නේය. මෙම නවකතා අතරින් චරිත තුනක් හා පුංචිරාළ ගැමි සමාජ පසුබිම් පාදක කරගෙන රචනා කරන ලද නිර්මාණ විය. ගැමියන්ගේ සිතුම් පැතුම් ජීවන ගැටලු ආදිය මේ නව කතා දෙක ඔස්සේ විවරණය විය චරිත තුනක් නව කතාවේ එකම පවුලේ සහෝදරයන් තිදෙනා අතර දක්නට ලැබෙන ගති ස්වභාවයන්ගේ විවිධත්වය කලාත්මකව ඉදිරිපත් කර ඇත. කතුවරයා ගැමි බස යෙදීමේදීත්, චරිත නිරුපණයේදීත් දක්වන කුසලතා මෙම නව කතාව ඔස්සේ මනාව පෙනේ. නව කතා කරුවකු හැටියට කේ. ජයතිලක සමාජයෙහි ආදරය දිනාගෙන ඇත්තේ ඔහු මෙරට සෑම නවකතාකරුවකුටම වඩා අව්‍යාජ අයුරින් ගැමි ජන ජීවිතය පිළිබඳ සජීවමාන අත්දැකීම් නව කතාව සඳහා වස්තු විෂය කරගෙන ඇති හෙයිනි. චරිත තුනක් නව කතාවට පසුබිම් කරගෙන ඇත්තේ කේ.ජයතිලක නැමති ලේඛකයාට උපන්ගම හා එහි සමාජ පරිසරයම බව පෙන්. එය තෙත් කලාපයට අයත් සියනෑ කෝරළයේ ගමක් වන කන්නිමරයි. කේ.ජයතිලක 18 විය තෙක්ම තම ගමෙහි ජීවත් වූ අයෙකි. එහෙයින් ඔහුට ගමෙහි ජීවිතය කිසිසේත්ම ආගන්තුක නොවේ. ඔහු තම නව කතාවට කෘෂිකාර්මික ජන දිවියෙහි තොරතුරු ඇතුළත් කරන්නේ සවිඥනිකවමය.

කේ.ජයතිලකයන්ගේ  ර්‍චරිත තුනක්” නව කතාව සම්බන්ධයෙන් විවිධ විද්වතුන් විවිධ වූ මත වාද වූ ඉදිරිපත් කොට ඇත. ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ඉදිරිපත් කරනු ලබන මතවාද මෙසේය.
වික්‍රමසිංහගේ ගම්පෙරළිය කියමන ඕනෑම කෙනෙකු එහි චරිත විශේෂයෙන්ම නන්දාවතීගේ චරිතය සිංහල සංස්කෘතියේ නිර්මාණයක් සේ සැලකීම ස්වභාවිකය. ඒ ඔවුන් විවිධ අවස්ථාවන්ට මුහුණ දෙන ආකාරයත්, ඔවුන් වෙනත් අය සමඟ සම්බන්ධකම් පවත්වන ආකාරයන් අනුවය. ජයතිලකගේ නව කතාව රටේ බටහිරකරණය වූ අර්ධ නාගරික ප්‍රදේශයෙන් එතරම් දුරස්ථ නොවූ ප්‍රදේශයක් පසුබිම් කරගෙන ඇති අතර ඔවුන්ගේම පෞද්ගලිකත්වයක් සහිත චරිත අපට ඉදිරිපත් කරයි. ඒවා දෙවර්ගයකි. එක් වර්ගයක් සාම්ප්‍රදායික සාරධර්ම අනුව ගිය ඒවාය. අනිත් වර්ගය නම් පුද්ගල චරිතය මෙලෙස එදිරිවීර සරත්චන්ද්‍රයන් තම මතය  චරිත තුනක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබයි.

එමෙන්ම සුනිල් මාධව ප්‍රේමතිලක නැමති විචාරකයා චරිත තුනක් නව කතාව පිළිබඳව පොදුවේ දක්වන ලද අදහස මෙසේය.

මෙම නව කතාවේ කිසියම් අපූර්වත්යක් තියෙනවා පමණක් නොවෙයි. ඒ හරහා පාඨක මනසට ඉතා විශාල ආලෝකයක් ලබාදීම සිදු කරයි. එය සාහිත්‍ය කරුවෙකු අතින් ඉටුවිය යුතු වගකීමකි. එමෙන්ම සැබෑ සාහිත්‍යකරුවා නිරතුරුවම සමාජ ප්‍රපංචයන් සමඟ අනොන්‍ය වශයෙන් බැඳි සිටිය යුතුය. ඔහු සමාජය විනි විද දකින පුද්ගලයකු විය යුතුය. ඒ වගේම සමාජය නැමති ප්‍රපංචය නිවැරදිව අවබෝධ කරගත් පුද්ගලයකු විය යුතුය. කේ. ජයතිලක එවැනි ලක්ෂණවලින් සන්නද්ධව සිටී පුද්ගලයෙක් ලෙස  ර්‍ණසුනිල් මාධව ප්‍රේමතිලක” පෙන්වා දෙනු ලබයි.

මෙලෙස කේ.ජයතිලකයන්ගේ නිර්මාණකරණය පිළිබඳව විවිධ මතවාද පවතී.
 ර්මාණයක් යනු නිර්මාණකරුවෙකු අතින් බිහිවන්නා වූ සුවිශේෂ වූ කලා මාධ්‍යයකි. මෙසේ සුවිශේෂත්වයට පත්වීම සඳහා නිර්මාණකරුවා සතු නිර්මාණශීලිත්වය ඉතා වැදගත් වේ. කේ. ජයතිලකයන් අතින් බිහිවූ චරිත තුනක් නව කතාව පාඨක සිත් තුළ ඉමහත් රුචිකත්වයට පත්වීම සඳහා මෙම නිර්මාණය සතුව පවත්නා පොදු ලක්ෂණ හේතු විය. චරිත තුනක් නව කතාව ගැමි පරිසරය තේමා කරගනිමින් තමා විදින ලද විවිධ අත්දැකීම්  ර්‍ණකේ.ජයතිලකයන්” ඉසාගේ අත්දැකීම් ලෙස ඉදිරිපත් කරනු ලබයි. චරිත තුනක් නව කතාවේ පවත්නා පොදු ලක්ෂණ මෙලෙස  හඳුනා ගත හැකිය.

  •    වස්තු විෂය
  •    චරිත නිරූපණය
  •     අත්දැකීම්
  •     යථාර්ත නිරූපණය
  •     නිර්මාණාත්මක බස් වහර
  •     ජීවන දෘෂ්ඨිය
  •     දෘෂ්ඨි කෝණය හෙවත් කථන ක්‍රමය
යනාදිය මෙම නිර්මාණය තුළ පවත්නා පොදු ලක්ෂණ ලෙස හඳුනාගත හැකිය. මෙම ලක්ෂණ නිර්මාණයන්ට අන්තර්ගත කර ගනිමින් නිර්මාණයන් බිහි කිරීමට නිර්මාණකරුවා සතුව පවත්නා ගුණාංගය ද හේතුවන වේ. එම ගුණාංගය නම්,

  •     පරිකල්පනය
  •     සතතභ්‍යාසය
  •     බහුශ්‍රැතභාවය
  •     වාසනා ගුණය
  •     ව්‍යුත්පත්තිය

මෙවැනි ලක්ෂණ නිර්මාණකරුවා සතුව පැවතීම හේතුවෙන් සාර්ථක නිර්මාණයක් සමාජය තුළට දායාද වනු ඇත. එවැනි ගුණාංග වලින් පරිපූර්ණ වූ ලේඛකයෙකු ලෙස කේ. ජයතිලකයන් හැඳින්විය හැකිය.
       නව ප්‍රබන්ධ සාහිත්‍යයේ එන පාඨක සිත් අමන්දානන්දයට පත්කල කලා අංගයක් ලෙස නවකතාව හැඳින්විය හැකිය. නව කතාව යනු නව්‍යත්මය සම්බන්ධයෙන් පෙර නොවූ විරූ අවධානයක් යොමුකළ සාහිත්‍යාංගයකි. චරිත තුනක් නව කතාව මෙලෙස න්‍යවත්වය සම්බන්ධයෙන් අපූරු බවක් ඉසුලූ අපූර්ව නිර්මාණයක් ලෙස පාඨක සිත් සතන් තුළ ජනිත වී ඇත. මෙලෙස අපූර්වත්වයට පත් වීම සඳහා එහි වස්තු විෂය පාඨක සිත් සතන් තුළට අපූර්ව ලෙස සමීප වී ඇ
        චරිත තුනක් නව කතාව සාම්ප්‍රදායික ගැමි පවුලක උපන් සහෝදරයන් තිදෙනකු වටා නිර්මාණය වී ඇති නව කතාවක් ලෙස හැඳින්විය හැකිය. පිටිසර පවුල්වල මෙබඳු චරිත දැක්විය හැකිය. එහිදී කතුවරයා මෙම සාම්ප්‍රදායික ගැමියන්ගේ ජීවන තත්ත්වයන් ඔවුන් ජීවත්වීම සඳහා දරන ප්‍රයත්නයන් එබඳු ප්‍රයත්න අසාර්ථක වූ කල ඔවුන් කටයුතු කරන ආකාරයක් ඉතා සියුම්ව නිරීක්ෂණය කරයි. මව පියා සහ දරුවන් අතර අනෝ‍යය වශයෙන් ඇති ඇලීම් බැදීම් ගැටීම් සහ දුරස්ථවීම් අපූර්ව ලෙස ගොඩනගන්නට මෙහිදී නවකතා කරුවා සමත් වි ඇති බව මෙහි ඇතුලත් සිද්ධි දාමයක් මෙන්ම එම සිද්ධි අවස්ථා ගොඩනැගීමට යොදාගන්නා භාෂාව මගින් ද පැහැදිලි වේ. වැඩි වශයෙන් කතුවරයාගේ අවධානය යොමු වී ඇත්තේ ගැමි පරිසරයේ ගැමි දරුවන්ගේ ක්‍රියා කලාපයන්ය. පියා ජීවන අරගලයට මැදිව ඔහු වෙහෙස මහන්සි වී උපයන ධනය දරුවන් වෙනුවෙන් කැපකොට ජීවත් වුව ද දරුවන් නිසිමඟට යොමුකර ගැනීම පිළිබඳව මෙහි ගැමියා තුළ නිසි අවබෝධයක් නොතිබුන බව සනාගේ චරිතය මගින් වුව ද පැහැදිලි වේ. ඇතැම් විට ඉසා සහ රංජිත් නොමඟට යොමු වන්නේ නිරායාසයෙන්ම බව පැහැදිලි වන තැන්ද නවකතාවේ දැකිය හැකිය.

  මිනිස් ජීවිත වෙලා පවත්නා පොදු ධර්මතා අනාවරණය කිරීම සඳහා පහසුවන වස්තු විෂයයන් මෙම නවකතාව සඳහා වස්තු විෂය වී ඇත.
      මෙම නවකතාවෙන් කියවෙනුයේ පුද්ගලයන් තිදෙනෙකු ගැනය. පිටිසර බද පවුල් බොහොමයක මේ තිදෙනා දක්නට ලැබෙන නමුත් මා නිරූපණය කිරීමට උත්සාහ කර ඇත්තේ ඔවුන් තිදෙනා කන බොන ඉඳින සිටින ආකාරයට වැඩියෙන් මනුෂ්‍යත්වය පිළිබඳ මූලික ලක්ෂණ තුනක ක්‍රියාකාරිත්වයයි. යනුවෙන් කේ ජයතිලකයන් තම නව කතාව පිළිබඳ හැදින්වීමක් කරයි. පුද්ගලයන් තිදෙනෙකු යොදාගෙන ඔවුන්ගේ චිත්තභ්‍යන්තරය විග්‍රහ කිරීමට කතුවරයා දරන උත්සාහය ඔස්සේ පොදු මනුෂ්‍ය ස්වභාවයේ එක් පැතිකඩක් විවරණය කිරීමට දරණ උත්සාහයක් ලෙස හඳුනාගත හැකිය. මෙම වස්තු විෂය කතුවරයා මැනවින් නිරූපණය කොට ඇත්තේ මෙසේය.
     “තටු විදහාගත් දැවැන්ත පක්ෂියෙකු පරිද්දෙන් අන්ධකාරය ලෝකය වසා ගනී. මෙම කඳු ගැටයෙන් සෙමෙන් සෙමෙන් බැස අවුත් ඉස්තෝප්පුවේ වාඩි වෙමි. සනාගේ ගෙදර පහනක් දැල්වේ. රංජිත් ගේ ගෙදර ලාම්පුවක් පත්තු වේ. මගේ හද තුළ වූ කිසියම් ආවආවරණයක් කිසිවෙකු විසින් ඉවත් කිරිමෙන් ආලෝකයක් පහළ වූවාක් මෙන් මට දැනිණ.”
        ඉසාගේ ආත්ම කථනයක් ලෙස ලියවී ඇති මේ කතාවේ අවසානයෙහි ඇති පරිදි ඉසා ලබන මානසික සුවය විස්තර කර ඇත්තේ අනෙක් චරිත දෙකෙහිම ආධ්‍යාත්මයන් පිළිබඳව ද අදහසක් ඇතිවන පරිද්දෙනි. මේ ඔස්සේ කතුවරයා තම කතා මාලාව සහා යොදා ගනු ලබන වස්තු විෂය හඳුනා ගැනීමට හැකිය. එකිනෙකට සමපාත නොවන පුද්ගලයන් තිදෙනෙකු යොදාගෙන පොදු මනුෂ්‍යත්වය පිළිබඳ විවරණයන් ලබාදීමට කතුවරයා උත්සාහ දරනු ලබයි. ළමාවිය තුළ ද මෙවැනි මිනිසුන් බොහෝ දුරට දක්නට ලැබේ. මෙම කතා සංකල්පය මිනිස් චරිත වලට සමීප වන්නේ එහෙයිනි. එමෙන්ම කතුවරයා ගැමි පරිසර්ය ද කතා මාලාව කෙරෙහි පාදක කරගනු ලබන්නේ පුද්ගල ජීවිත කෙරෙහි පවත්නා චින්ත ස්වභාවයන් ද ඒ ඔස්සේ මනා ලෙස විග්‍රහ කිරීමට හැකි බැවිනි. මන්දගාමි ගැමි ජීවිත පරිසරය සමාජය කෙරෙහි මෙන්ම පුද්ගලයන් කෙරෙහි ද බොහෝ සෙයින් බද්ධ හෙයිනි. කතාව ආරම්භ වන්නේ ගැමි ජනතාවට ද තමාගේ හදවත වන් කුඹුරු පැගවීමක් කෙරෙන සංවාදයකිනි.
        ඇළ වක්කළමේ වේල්ල කඩාගෙන ගිහින් කහට ගහ ලියද්ද සේරම පාළු වෙලා දුක්මුසු ස්වරූපයකින් කියමින් තාත්තා ගෙට ගොඩ වුණි. ඔහු දුටු විගස මම මා වාඩි වී සිටි බොකු ගැසී ගිය හාන්සි පුටුවෙන් නැගිට ගොස් වම්පසින් වූ කාමරයේ උළුවස්සට හේත්තු වුණෙමි. ඔහුගේ මුහුණ දෙස වරක් බැලූ මම වහා ඒ බැල්ම දුකින් ඉවතට ගනිමි.”
      සාම්ප්‍රදායික ගැමි පරිසරයක හැදි වැඩුණු පුද්ගලයන් තේමා කර ගනිමින් ඒ වටා ගෙතී පැවතුණු සිද්ධි දාමයන් අලලා එකිනෙකට  චරිත තුනක් ඔස්සේ පුද්ගල ස්වභාවය පිළිබඳ විවිධ ආකාරයෙන් ප්‍රවේශ වීම කතුවරයාගේ අරමුණ වී ඇත. මෙය කතා වස්තුව කෙරෙහි වස්තු විෂය කරගනිමින් අපූර්ව නිර්මාණයක් ගොඩ නැගීම කෙරෙහි කතුවරයා මහත් වූ පරිශ්‍රමයක් දරා ඇත.
උසස් කලාත්මක නවකතාවක සාර්ථකත්වයට තුඩු දෙන තවත් අංගයක් ලෙස අත්දැකීම් පෙන්වා දිය හැක.         චරිත තුනක් යනු සිංහල ගැමි සමාජය පිළිබඳ ව අත්දැකීම් රැසක් වස්තු විෂය කරගත් අව්‍යාජ නවකතාවක් ලෙස පිළිගැනේ. ගැමියන් අගයන සාරධර්ම ඔවුන්ගේ සිරිත් විරිත් සහ ඔවුන්ගේ ජීවන වෘත්තීන් සැබෑ ලෙසම නියෝජනය වීම අනුව මෙම පිළිගැනීම ගොඩ නැගේ. චරිත තුනක් නව කතාවට පසුබිම් කරගෙන ඇත්තේ කේ ජයතිලක නැමති ලේඛකයා උපන්ගම හා එහි සමාජ පරිසරයම බව වටහා ගත හැකිය. එය තෙත් කලාපයට අයත් සියනෑ කෝරළයේ ගමක් වන කන්නිමහරය. ඔහු තම නව කතාවට කෘෂිකාර්මික ජන දිවියෙහි තොරතුරු ඇතුළත් කරන්නේ සව්ඥානික වමය.
        මුල් වතාවෙහි බිම් කෙටීමෙන් පසුව පොල් අතු වියළි කජු කොළ සහ වෙනත් කුණු රොඩු එක්කර සෑම තැනම පොළොව තැම්බෙන පරිදි වරක් ගිනි තබන ලදි.
යනුවෙන් ගැමි පරිසරය ඉතාමත් හුරු පුරුදු අයුරින් කතුවරයා ඉදිරිපත් කරනු ලබයි. කන්තිමහර ප්‍රදේශයෙන් ලද අත්දැකීම් ඔස්සේ තම කතා මාලාව හැඩ ගස්වනු ලැබීම ඒ අනුව නිර්මාණ කෞෂල්‍ය කෙරෙහි කෙතරම් දුරට අත්දැකීම්  පාදක වන්නේ ද යන්න ඒ ඔස්සේ හඳුනාගත හැක.
එමෙන්ම ගැමි ගෙවල වල එකල කුඩ සුළභ නොවීය. එහෙත් වැස්සෙන් පින්නෙන් බේරීම සඳහා විවිධ ආදේශක යොදා ගැනීම ඔවුන්ගේ සිරිත විය. ගෝනිය, හබරල කොළය හා කෙසෙල් කොළ මේ ආදේශක අතර විය. කේ. ජයතිලක නැමති නිර්මාණකරුවා ගැමි පරිසරය තුළ හැදී වැඩී තමා ලද අත්දැකීම් මෙන්ම ජීවිතයෙන් ලද පන්නරය ඉදිරිපත් කරන අයුරු මෙලෙස හඳුනාගත හැකිය.
 තාත්තා ගෝණියක එක මුල්ලක් ඇතුළට ඔබා අනෙක් මුල්ලේ දවටා එය වැහි කබායක් මෙන් හිසේ දමාගෙන කුඹුර දෙසට ගියේය.
     තව ද නිර්මාණයක චරිත නිරූපනය කේන්ද්‍ර කොටගෙන ජීවිත විවරණය කෙරෙන අයුරින් කතා වස්තුව හා බැඳුණු සිදුවීම් නිරූපණය නව කතාවක ලක්ෂණයකි. චරිත තුනක් නව කතාව ලියවී ඇත්තේ අවුරුදු හැටපහකට ඉහත බස්නාහිර පළාතේ පිටිසර ගමක් පසුබිම් කරගෙනය. මෙම නවකතාවේ වස්තු විෂය සමග අවියෝජනීය බැදීමක් අති ප්‍රධාන චරිත තුනක් දැකිය හැකිය. එම චරිතයන් ඉසා සනා හා රංජිත් යන නම්වලින් හැඳින්වේ. මේ අතුරින් කතා නායක චරිතය ලෙස පෙනී සිටිමින් ක්‍රියාත්මක වන්නේ ඉසාගේ චරිතයේ නවකතා කරුවා කතාව කියවෙන්නේ මොහුගේ මාර්ගයෙනි. මෙම කතා පුවත හා සම්බන්ධ සියලු සිද්ධි දාමයන් ඉසාගේ චරිතය ලවා ඉස්මතු කරලීම මගින් කතුවරයා සිය කතාව මගින් අනාවරණය කරන දෘෂ්ටිය සාර්ථක ලෙස ඉදිරිපත් කිරීමට මගපාදාගෙන ඇත. කතුවරයා මෙහිදී යොදාගෙන ඇත්තේ ආත්මකතන දෘෂ්ටියයි. එනම් ආත්මකතනයේදී සිය ජීවිතයේ කොටස් කරුවන් වූ සනා රංජිත් පමණක් නොව දෙමව්පියන් අසල්වාසි සියලු පුද්ගල චරිතවල ස්වභාවය විවෘත වන ආකාරයේ කතා සන්දර්භයක් ඉදිරිපත් කිරීමට කතුවරයා සමත් වී ඇත. චරිත නිරූපනයේදී කතුවරයා පෙන්නුම් කරන ලද දක්ෂතාව එකිනෙක චරිත දෙස බැලීමේදී හඳුනාගත හැක.
       චරිත තුනක් මූලික වශයෙන්ම චරිත නිරූපනය උපරිම කොටගෙන රචිත කතාවකි. මෙහි ඉසාගේ චරිතය සියුම් ලෙස විවරණය කිරීමට කතුවරයා විසින් උත්තම පුරුෂ මාධ්‍ය ඉතා ශූර ලෙස උපයෝගී කොටගෙන ඇත. ඔහුගේ චරිතය විකාශනය වන්නේත් එහි සියුම් ලක්ෂණ මතුවී පෙනෙන්නේ ත් රංජිත් හා සනාගේ චරිත ගැටීම ඇසුරිනි. මෙම නවකතාවේ නිරූපනය වන ප්‍රධාන චරිත තුන අතරින් කතා පුවතට වඩාත් සමීපව සාධාරණයක් ඉටුකරන චරිතය වන්නේ ඉසාය. කුඩා අවධියේ සිටම විවිධ හැල හැප්පීම් වලට මුහුණ දෙන ඉසා කුඩා අවදියේ පටන්ම තමා මුල්කොට සිතන්නට ගනී. මොහුගේ විශේෂත්වය වනුයේ වෙනත් ගැමි දරුවන්ට වඩා සවිඥානකව යම් යම් දේ දැක්මට සමත් වීමයි. මුලු ජීවිත කාලය තුළම ඒ ලක්ෂණය වර්ධනය වෙනවා විනා හීනවන්නේ නැත.
       කුඩා අවධියේ සිට විවිධ හැල හැප්පීම්වලට භාජනය වන ඉසා මෙම නව කතාවේ කතා නායකයා පමණක් නොව නිරීක්ෂකයා ද වෙයි. ඔහු සියල්ල උපේක්ෂාවෙන් භාර ගන්නා අතර සෑම කටයුත්තකකදීම තම මනස විමසන විවේක බුද්ධියෙන් යුතු චරිතයකි. ඒ බව පහත නිදසුන ඔස්සේ හඳුනා ගත හැකිය.
“මම දැන් කුඩා ළමයෙන් නොවෙයි මට සිතෙයි. මට ඇක්මන් හෝ විජේරත්න මෙන් ලොකු අය කරන ඕනම දෙයක් කිරීමට සමත් තරුණයෙක් මි. අම්මා කියාදී ඇති ගෝඨයිම්හර කතාවේ ගෝඨයිම්භරයා මෙන් ක්‍රියා කළ යුතු අවස්ථාව දැන් එළඹ ඇත. ”
     මූලික මිනිස් ස්වභාවයක් ඔහු කෙරෙහි බල පැවැත්තුව ද සිය ආත්ම සුභ සිද්ධිය දෙවෙනි කොට ඔහු සලකන්නේ අන් අයගේ යහපත වෙනුවෙන් නිරුතුරුවම කැපවෙමිනි. එය නම් අනුන් ගැන සිතීම ද ගැබ් කරගත් යුතුකම් පිළිබඳ හැඟීමයි. මෙය ආකස්මික ලෙස පෙනෙතත් එසේ කොට ගැමි සංස්කෘතියට දීර්ඝකාලීනව අදෘශ්‍යමානව පිවිස පවතින්නකි. පියාගේ මරණයෙන් පසුව සිය ජීවිත අපේක්ෂාව පසෙක තබා තම පවුලේ සුභසිද්ධිය දෙවෙනි කොට ඔහු සලකන්නේ අන් අයගේ යහපත වෙනුවෙන් නිරතුරුවම කැප වෙමිනි. පියාගේ මරණයෙන් පසු සිය ජීවිත අපේක්ෂා පසෙක තබා පවුලේ සුභ සිද්ධිය වෙනුවෙන් වගකීම් හඳුනාගෙන පවුල් බර කරගෙන මොහු කටයුතු කිරීමට පෙළඹේ. සිය අරමුණු යටතේ කරගැනීම නිසාත් වගකීම් සහ යුතුකම් පිළිබඳ වූත් දෘඩතර හැගීම් හේතුවෙන් විවිධ දුක් ගැහැටයන්ට භාජනය වීමට ඔහුට සිදුවේ. පරාර්ථකාමි චරිතයන් වීම හේතුවෙන් මනුෂ්‍යයකුට නිසගයෙන් හිමිවන  අපේක්ෂාව ඔහුට මඟ හැරී යයි. එක් අතෙකින් ඒවා මගහැරීම නොව කැපකිරීම ලෙස අර්ථදැක්වීමේ වරදක් නොපෙනේ. ඕනෑම චරිතයක එබඳු කැපකිරීම් තිබිය හැකිය.
 “    අවිවාහක ව සිටීම නිසාදෝ වයසට වැඩි මහළුකමක් මා කෙරෙහිදක්නා ලැබේ.  ලෞකික ජීවිතයේ මාගේ කටයුතු සියල්ල කර අවසානයයි දැන් මට සිතේ. කිසිවකුට වැඩක් නැතිව තිබූ අක්කර 6ක 7ක වනාන්තරයක් මනුෂ්‍යයාට ප්‍රයෝජනවත් වන පරිදි එළි පෙහෙළි කොට සකස් කරන ලද්දේ මා විසිනි. මා පියන්ටත් සහෝදර සහෝදරියන්ටත් මට පුලුවන් පමණින් යුතුකම් කළෙමි. ඉන් සතුට හා තෘප්තිය හැරෙන්නට මා පෞද්ගලිකව ලැබූ සෙතක් ශාන්තියක් නැත.”
       එමෙන්ම ඉසා උත්සාහවන්තයෙකි. එසේම විනිවිද නොපෙනෙන උදාසීන ලක්ෂණ ද ඔහුගේ යටි හිතෙන් මතුකර ගත යුතුය. මෙම නව කතාවේ ඉසා උත්සාහයෙන් කටයුතු කරන සෑම අවස්ථාවකම එහි පෙරමුණෙන් සිටින්නේ ඔහුට ඒ වෙත කැඳවාගෙන යන්නේ ලලිතාගේ චරිතයයි.
     “ලලිතා පිටුපසින් සිටගෙන ඉදිරියට තල්ලු නොකරන්නට මා මෙතෙක් කළ කී දැයින් කීයක් අඩාල වන්නට තිබුණී.”
ඉහත නිදසුන මගින් ද ඉසාගේ චරිතයට ජීවයක් සපයන ලද්දේ ලලිතාගේ චරිතය බව අනාවරණය වේ. ඔහුට සිය අපේක්ෂා අමතක වන විට ඔහු මන්දෝස්තායි වන විට ලලිතාගේ මඟ පෙන්වීම ඔහු සාර්ථකත්වය කරා යොමු කරයි. නවකතා කරුවා විනිවිද නොපෙනෙන මේ ලෙන්ගතුකම අනාවරණය වීමට ඉඩ සලස්වන්නේ සැබෑ ප්‍රේමයේ තරම පාඨකයාට හඳුනාගැනීම ඉඩ සැලස්වමිනි. ඉසා පිළිබඳ සිහිනයක පැටලී සිටින ලලිතා නව කතාව අවසාන වන විට ද ඉසාගේ ජීවිතය දෙස ඇහැ ගහගෙන සිටී. ප්‍රේමය යනු විවාහයෙන් කෙලවර විය යුතු මූලික සාධකයක් නොවන බව ඒ මගින් ඉස්මතු කිරීමට කතුවරයා අවකාශ ලබා ගනී. ඉසාගේ ජීවිතය දියුණූව ඔහුගේ දුකසැප ලේඛකයා නොකියා පවසයි. එක් අතකින් බලන විට ඉසා එවැනි ප්‍රේමණිය බැදීමකට බිය වූ කිසියම් රූඪක්ත්වයෙන් පෙලුනු චරිතයක් ලෙසට අපට නිරීක්ෂණය කළ හැකිය.
 “    ලලිතා සමඟ වැඩ කිරීම මට ප්‍රීතියකි. එහෙත් ඈ මට වඩා වැඩිමල් එකියක වූ නිසා බිය මිශ්‍ර විකර්ෂණයක් ඇති වෙයි. මා තුළ ඇති වන හැගීම් කවදාක වත් නාරින පෙට්ටගමක් තුළ දමා වසා ඇතැයි සිතා මම සැනසීමට උත්සාහ කරමි.”
     ඉසා කිසියම් ඉලක්කයක් වෙත ප්‍රවේශ වූ පසු ඒ පසුපස හඹා යාමට පෙළඹුණ බව කෝකිලාන මුඩුබිම් එළිපෙහෙලි කොට සාරවත් ගොවිපලක් සකස් කර ගැනීමටත් එම බිමෙහි නව නිවසක් සාදා ගැනීමටත් තමාට නොදැනී නව නිවසේ හුදෙකලා වීමත් යන කරුණු මගින් පැහැදිලි වේ. ඔහු නිසංසල ජීවිතය ප්‍රියකල ගැටුම් ප්‍රතික්ෂේප කල චරිතයක් බව සමස්ත නවකතාවෙහිම දැකිය හැකි ලක්ෂණයකි. දැඩි පීඩාකාරී පරිසරය මෙන්ම සිතුවිලි ද හැකිතාක් දුරට සිතින් බැහැර කිරීමට ඔහු යත්න දැරුවේ එබැවනි. ලෝක සම්මත වටිනාකම ද මැනවින් හඳුනාගෙන තිබීම නිසා ඔහුගේ චරිතය සාර්ථක සංකීර්ණ චරිතයක් ලෙස අපට ඇගහීමට ලක් කල හැකිය.
     “සනා සමග මේවා ගැන සණ්ඩු දබර කරගැනීමෙහි තේරුමක් නැත. මම ගෙදර නොගොස් කෝතිලානේම කාලය ගත කිරීමට පුරුදු වෙමි.”
     යන නිදසුන ඔස්සේ ඉසා ගැටුම් වලින් තොරව හුදෙකලා ජීවිතයක් ගත කිරීමට ප්‍රියතාවක් ඇත්තෙක් බව පෙනේ. මෙම චරිතයේ කලාත්මක අපූර්වත්වයක් ඉස්මතු වන්නේ මතු සඳහන් කල ගුණයක් මෙන්ම මනුෂ්‍යයෙකුගේ සිතේ සහජයෙන්ම ඇතිවන කෝපය රුඪත්වය, ඊර්ෂියාව, වැනි පොදු ලක්ෂණ ද ඔහු කෙරෙහි විද්‍යාමාන වන්නේය. දෙමව්පියන්ගේ වෙනස්කම් වලට භාජනය වන නිසා ඉසා පවුලේ වැඩිමලා වීම හේතුවෙන් සියල්ල උපේක්ෂාවෙන් දරා ගැනීමේ සිත් ඇත්තෙකු බවට පත්වේ. කුඩා වයසේ අධ්‍යාපනයට ඇලුම් කරන පොත පත කියවීමේ දැඩි ආශාවකින් පසුවන පාසල් යාමට යත්න දරන ඉසා පිළිබඳ පාඨක සිතේ දැඩි අනුකම්පාවක් ජනිත වේ.
       චරිත තුනක් නව කතාව විකාසනය වී වැඩි දායකත්වයක් සපයන ප්‍රධාන චරිත අතරින් එක් චරිතයකි සනාගේ චරිතය. ඔහු මැනවින් නිරූපනය වීම ආරම්භ වන්නේ නවකතාව තුන්වැනි පරිච්ඡේදයේ සිටය. සම්ප්‍රධායි තත්ත්වයක් සහිත ගොවිතැනින් ජීවිකාව ගත කරකරන ගැමි පවුලක උපන් දෙවැනි දරුවා සනාය. නව කතාව පුරාම ඔහු නිරූපනය වන්නේ හිතුවක්කාර චරිතයක් ලෙසටය. පාසල් අධ්‍යාපනය කඩා බිඳදා නුසුදුසු වයසේම මහා සමාජයට සමාජගත වන ඔහු තම වයසට වඩා දැඩි ක්‍රියාකලාපයක් ඇත්තෙක් බවට පත් වේ. නරක මිනිසුන් ඇසුරට වැටෙන නරක ක්‍රියාවල නිරතවන ග්‍රාම්‍ය අදහස්වලින් යුක්ත සංවේදී චරිතයක් ලෙස සනා නිරූපනය වන්නේය. නව කතා කරුවා මෙම චරිත මාර්ගයෙන් ඕනෑම සමාජයක ඕනෑම ගැමි පවුලක සිටිය හැකි නරක චරිත ලක්ෂණ ඇත්තෙකුගේ ස්වරූපය මතුකර දක්වයි. පියා මෙන්ම ඉසා ද ඔහුට ඉගැන්වීමට යත්න දරුවද ඔහු ඒ කෙරෙහි දක්ෂ නොවේ.
“        මට ඉගෙන ගන්නට බැරිවීමෙන් ඇති වූ පාඩුව සනාට ඉගැන්වීමෙන් පිරිමසා ගැනීමට මාද අදහස් කළ නමුත් ඔහු මා කියන කිසිවකට ආණ්ඩු මෙච්චල් නැත. සනා ඉස්කෝල ගමන සම්පූර්ණයෙන් ම නතර කළ පසු අපි ඉගෙනීම පිළිබඳ අප සැමගේ බලාපොරොත්තුව රංජිත්මය.”
සනා ඉගෙනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකරන ලද පුද්ගලයකු බව ඉහත නිදසුන ඔස්සේ හඳුනාගත හැක. නුසුදුසු වයසේ සමාජගත වීම නිසා දෙමාපිය වැඩිහිටි උපදෙස් වලට අවනක නොවීම නිසාම නුසුදුස්සන් සමග ඇසුරට පත්වීම නිසාම ඔහු සදාකාලීක අදූරදර්ශි චරිතයක් බවට පත්විය. ඒ හේතුවෙන් නුසුදුසු විවාහයට පැටලීමත් විවාහයට පත්වීමත් සිදුවේ.
    “ටික දිනකට පසුව සනා රතී ගෙදර කැඳවාගෙන ආවේය. එදා සනාත් අම්මාත් බොහෝ වේලා යනතුරු වචනවල යුද්ධ කරගත්හ.”
විවාහයෙන් පසුව ද සිය අකටයුතුකම් අත් නොහැරීමත් හේතුවෙන් සිය පවුලම ඔහු අගාදය කරා රැගෙන යයි. බිරිඳ සමඟ නිතර අඩ දබර වී ආර්ථික ගැටළුවලින් පෙලී සමාජ අපකිර්තියට භාජනය වීම් ආදි සිදුවීම් වලට මුහුණ දීම් වලට සිදුවන්නේ මුල සිටම දුර දිග නොබලා බුද්ධියට නොව හදවතට වසඟවීම හේතුවෙනි.  සනා නිතරම ජය ලැබුවේ අනුන්ට හිරිහැර පීඩා කිරීමෙනි. මේ නිසා ඔහුගේ සිත් තුළ කැකෑරෙන යමක් ඉතුරු නොවීය. දුර දිග සිතා නොබලා කරන ක්‍රියාවන් අනුන්ට හිරිහැරයක් වුවත් ඔහු කුහකයකු නොවුනේ මේ හේතුවෙනි.
      “සනාගේ වැඩටත් උදව්වෙන්නේ නැත්නම් කාගේ වැඩට ද උදව් වෙන්නේ. තව මොන අකරතැබ්බියන් සිද්ධ වුනත් ඌනෙ පපුව ඉස්සරහට දාගෙන මුලින්ම යන්නෙ.”
    ඉහත ප්‍රකාශය මගින් සනා තුළ කොතරම් දුර් ගුණයන් පැවතුන ද ඔහු කුහකයකු නොවන බව හඳුනාගත හැකිය. සනා කොතරම් සන්වේදි පුද්ගලයකු වුව ද වැඩි විය පත්වීමෙන් පසුව වාසි අකටයුතුකම් අත් නොහරී. ඒ හේතුවෙන් ඔහු හදා වඩා ගන්නා දූ දරුවන් ද යහමඟට ගැනීමට සනාට අවකාශ නොලැබේ. ජිනදාස නැමති ඔහුගේ පුතු ද පියාගේ මාර්ගය ම අනුගමනය කරයි.
   “මොකද පුතාගේ නඩුවට වුනේ. කිසිවෙකු අසන හඬ ඈතින් දුබල ලෙස ඇසේ. කෙසෙල් කැනක් සොරකම් කිරීම පිළිබඳ නඩුව තිබුනේ ජිනදාසට ය.”
තමන්ගේ නොහැකියාව සහ නොමගයාම හේතුවෙන් ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණපානු ලබයි.
චරිත තුනක් නවකතාවේ අන්තර්ගත ප්‍රධාන චරිත අතුරින් එක් ප්‍රධාන චරිතයකි. රංජිත්ගේ චරිතය ගැමි පවුලක උපතලද හෙතෙම එම පවුලේ තෙවැනි දරුවාය. මෙම චරිතය ප්‍රධාන ලෙස දිස්වන්නේ තුන්වැනි කාල පරිච්ඡේදයේ සිටය. මෙම චරිතය විහිදයන්නේ ස්වකීය වූ පෞර්ශවයකින් තොර වූ පුද්ගලයකු ලෙසය. ඔහු එක අතකින් දෙමාපියන්ගේ ඒ හා සමඟ වැඩිමහල් සහෝදරයාටත් අනෙත් අතින් සනාටත් කීකරුව වැඩීමට සිදුවීම නිසා බැහැරව විහිදී ගිය චරිතයක් නොවීය. විවාහයෙන් පසුව පවා ප්‍රදර්ශනය වන්නේ ඒ ගති ලක්ෂණය. ඔහු ලැබුවේ පන්සලෙන් හෝ පිරිවෙනින් මෙන් සාරධර්ම මුල් කරගත් අධ්‍යාපනක් නොව පසු කාලයේ අතු ඉති විහිඳූවා දිවුනු විභාග ඉලක්ක කරගත් අධ්‍යාපනයකි. මුදල් අනිසි ලෙස භාවිතා නොකරමින් ඔහු අධ්‍යාපනයේ ඉනි පෙත්තට ගමන් කරන ලද චරිතයකි.
     “රංජිත්ට ගමේ ඉස්කෝලෙට පත්වීමක් ලැබුන එක කොච්චර එකක් දැයි මම සතුටින් ඉළිප්පෙමින් ඉස්තෝප්පතුවේ පඩිය මත වාඩිවී සිටී අම්මාට ඇසෙන පරිදි කීවෙමි. ”
    තමා උපන් ගමටම ගුරු පත්වීමක් ලබා පැමිණි හෙතෙම ඉගෙනිමේ ශූරයෙකු ලෙස හඳුනාගත හැකිය.   එමෙන්ම ගුරුවරයකු හැටියට ද ඔහු ඓතිහාසික චරිතයක් වේ. මේ වනාහි ගුරුවරයා කෙරෙන් වෘත්තීයට කැපවූ පැරණි සංකල්පයට බැහැර වෙමින් මුදලට කැපවුණූ නව සංකල්පයට පිවිසුන තිබුන අවධිය විය. එමෙන්ම ඔහු දැඩි ලෝභයෙන් යුතුව ක්‍රියාකරන ලද පුද්ගලයකු බව වටහාගත හැක.
 “මොන සල්ලි ද මේ ගේ හදන්නට ගත්තයින් පස්සේ අතේ සතයක් ඉතුරු වෙන්නේ නෑ. ගෙයි වැඩ පටන්ගත් අලුත පිට පිට දෙවැනි වරට රුපියල් පහක් ඉල්ලූ සනාට රංජිත් දුන් පිලිතුර විය.”
පිටින් නොපෙන්නුවත් කලින් මුදල් ඉල්ලූ වතාවලත් රංජිත් මේ පිළිතුර හිතින් සිය වතාවක් දෙන්නට ඇත.
එමෙන්ම රංජිත් ගේ විටෙක අදෘශ්‍යමාන චරිත ලක්ෂණ ද පෙන්නුම් කෙරේ. තමා ආදරෙන් හදාවඩා ගත් මවගේ දුර්වල අවස්ථාවේදී පවා ආත්මාර්ථකාමී හැඟීමකින් යුතුව ක්‍රියාකරන ලදි. තම අභිවෘද්ධිය පමණක් ගැන සිතා මාතෘ ස්නේහය ද තම අභිවෘද්ධිය ඉදිරියේ අමතක වී යන චරිතයක් ලෙස රංජිත් ගේ චරිතය දිස්වේ.
“අම්මාට මං හිතන හැටියට හුගාක් අමාරුයි. තව දවස් දෙක තුනකට වඩා ජීවත් වෙන එකක් නෑ. මම රංජිත් හමු ව කීවෙමි. ඔහුගේ මූන බලා සිටියදීම වලා කුලකින් වැසී ගියේය. එසේ වූයේ ශෝකයකින් නොව කරඳරයක් කිරීමට පැමිණ ඇතැයි ....”
     මවගේ දුර්වල අවස්ථාවේදී පවා තෙත් නොවන සිතක් ඇති බව මේ තුළින් පෙනී යයි. කොතරම් දුරට අධ්‍යාපනය ලබා තිබුණ ද දෙමාපියන්ගේ වටිනාකම නොහඳුනයි. කුඩා අවධියේ පටන් රැකවරණය ලබාදී හදාගත් මව කෙරෙහි වත් සිත තුළ ආදරයක් නොමැති චරිතයකි. එමෙන්ම විවාහයේදී පවා රංජිත් තමාට සුදුසු බිරිඳක් තෝරා ගැනීමට සමත් නොවීය. ඒ තුළින් එම චරිතය තුළ ගුප්ත වූ ගති ලක්ෂණ දිස්වේ.
මේ ඔස්සේ මනුෂ්‍යත්වය පිළිබඳ කතුවරයා චරිත තුනක් තම නිර්මාණ කෞෂල්‍යයට දායක කරගනිමින් අපූරු අයුරින් ඉදිරිපත් කරනු ලබයි.
      යථාර්ථ නිරූපනය ද නිර්මාණය සාර්ථකත්වය ගොඩනැගීම සඳහා වැදගත් වනු ලබන තවත් වැදගත් අංගයකි. අත්දැකීමට පිටදුන් පසුබිම හා එම පසුබිමෙන් ගොඩනැගෙන සමාජ ක්‍රමය ද යථාර්ථය නිරූපනය කිරීම යථාර්ථ නිරූපනය ලෙස හැඳින්වේ.  චරිත තුනක් නව කතාවේ මෙම ලක්ෂණය ඔස්සේ මෙම නිර්මාණය පාඨක සිත් සතන් තුළ ඉතාමත් ජනප්‍රිය වී ඇත. යථාර්ථය යනු සමාජ ක්‍රියාවලීන් හා බැඳුනු සත්‍යයයි. සමාජ සංසිද්ධි හා බැඳුනු සත්‍ය, අපගේ ප්‍රකෘති ඇසින් දැකිය නොහැකිය.
චරිත තුනක් ඔස්සේ කේ.ජයතිලකයන් මෙම යථාර්ථ නිරූපනය සජීවී ලෙස ඉස්මතු කිරීමට බොහෝ දුරට උත්සාහ දරා ඇත. එය පහත නිදසුන් ඔස්සේ හඳුනාගත හැකිය.
“ඇළ වක්කලමේ වේල්ල කඩාගෙන ගිහිං කහටගහ ලියැද්ද සේරම පාළුවෙලායි දුක්මුසු ස්වරූපයකින් කියමින් තාත්තා ගෙට ගොඩ වුනේ. ඔහු දුටු විගස මම වාඩිවී සිටී බොකු ගැසී ගිය හාන්සි පුටුවෙන් නැගිට ගොස් වම්පසින් වූ කාමරයේ උළු වස්සට හේත්තු වුනෙමි. ඔහුගේ මූන දෙස වරක් බැලූ මම වහා ඒ බැල්ම දුකින් ඉවතට ගනිමි.”
     ඉහත නිදසුන ඔස්සේ ගැමි ජීවන අත්දැකීම් වල ඇති ශෝකාන්විත බව යථාර්ථ නිරූපනය ඔස්සේ පාඨක සිත්තුළ මැවෙන ලෙස ඉස්මතු කිරීමට කටයුතු කර ඇත. කේ ජයතිලකයන් තම නිර්මාණය කිරීම සඳහා පිටදුන් පසුබිම හා එම පසුබිමෙන් ගොඩනැගෙන සමාජ ක්‍රමය යථාර්ත නිරූපනය කිරීමට කතුවරයා බෙහෙවින් සමත් වී ඇත. කතුවරයා මෙම නිර්මාණය කිරීමට ඔහු උපත ලද ගැමි පරිසරය හේතු සාධක වූ ආකාරය මින් ඒ ඔස්සේ ගොඩ නැගෙන සමාජ ක්‍රමයේ දුක්ඛිත ස්වභාවය ඉදිරිපත් කරනු ලබයි. ඉසාගේ ආත්ම කථනය ඔස්සේ තම පියා ජීවිතයේ විඳින ලද අත්දැකීම් ඔස්සේත් ඉදිරිපත් කිරීමට උත්සාහ දරනු ලබන්නේ ගැමි ජීවිත වෙලා පවතින අසරණ භාවයයි. අසරණ ගොවියාට තම වෘත්තිය සාර්ථක භාවය මෙන්ම අසාර්ථක භාවය ද විඳීමට සිදුවේ. මෙම තත්තව ගැමියාට පොදුය. එම පසුබිමේ කතුවරයා මැනවින් හසුකරගෙන ඉදිරිපත් කරනු ලබයි.
       නිර්මාණාත්මක බස් වහරක් ඔස්සේ නිර්මාණය හැසිරවීම රචකයා සතුව පවත්නා තවත් සුවිශේෂ වූ ගුණාංගයක් වේ. චරිත තුනක් නවකතාව ඔස්සේ ගැමි ජීවිත වලට වඩාත් පොදු සරල බස් වහරක් ඔස්සේ නිර්මාණය හසුරුවනු ලබයි. චරිත මුහුණදෙන ජීවිත ප්‍රශ්න හා ගැටලුවලට අනුව ඒ ඒ චරිතයට ආවේණික වූ ගති ස්වභාවයනට හා චරිත නියෝජනය කරන සමාජ පසුබිමට අනුව භාෂාව විවිධත්වයකින් යුතුව යොදා ගැනීම නිර්මාණාත්මක භාෂාවේ විශේෂත්වය අනුව කරන ප්‍රමුඛ ලක්ෂණයන්ය.
අපි පරණ රෙදි කැබලි කුඩා තීරුවලට ඉරා තබා පසුවදා උදේ ඒවා මත තෙල් ගල්වා ලණූවේ මෝස්තර අතර දවටා කුඹුරට ගෙන ගියෙමු.
      සරල භාෂා මාධ්‍ය ඔස්සේ නිර්මාණය හැසිරවීම ඒ ඔස්සේ හඳුනාගත හැකිය. වී ගොවිතැනේදී භාවිතා කරනු ලබන කෙම්පහන් පිළිබඳව අදහස් ද පාඨකයාට ලැබෙන සේ භාෂාව හසුරුවනු ලබයි.
නිර්මාණාත්මක ලෙස භාෂාව හැසිරවීමේදී උපමා රූපක භාවිතය ඔස්සේ නිර්මාණය ඉතා රසවත් අයුරින් ඉදිරිපත් කරනු ලබයි. ගැමි ජීවිත අත්දැකීම් ඉතා සරල භාෂා මාධ්‍යයකට හසුකර ගැනීමට කතුවරයා උත්සාහ දරා ඇත්තේ ඒ ඔස්සේ ගැමි ජීවන ශෛලිය පාඨකයාට සමීප වන වැඩි බැවිනි.
     “බඩ වැටියෙන් මදු වැලක් ඇඳ සරම ලිහිල් කොට ඔසවා එය ඉනේ බැඳගෙන අගල් පහක් පමණ පළලැති රෙදි පටියේ අඟල් හයක් පමණ ඉස්සරහට එල්ලා වැටෙන පරිදි මම අමුඩය ගසා ගතිමි.”
ඉහත නිදසුන ඔස්සේ ද නිර්මාණය කෙරෙහි යොදා ගනු ලබන නිර්මාණයට උචිත භාෂා මාධ්‍ය හඳුනාගත හැකිය. බඩ වැටිය යන යෙදුම් ගැමි ජීවන ශෛලියට පොදු වූ යෙදුම් වේ.
නිර්මාණාත්මක භාෂාවේ විශේෂත්වය අනුව කරන අනෙක් ලක්ෂණය නම් කාව්‍ය භාෂාවක් උපයෝගී කර ගැනීමය. කාව්‍ය භාෂාවේ විශේෂත්වය නම් අපූර්ව පද සංඝටනයයි. කේ. ජයතිලකයන්ගේ තම නිර්මාණය කෙරෙහි මෙම කාව්‍යමය බස් වහර ආදා ගනු ලබයි.
    “එක් අයෙක් උදේ සිටන් වකුටු කොන්ද යැයි මුල පිරීය. දිග ඇරපල්ලා සෙස්සෝ අත්වැල ඇල්ලූහ.”
මේ ඔස්සේ නිර්මාණය කෙරෙහි යොදාගනු ලබන කාව්‍යමය භාෂාව හඳුනාගත හැකිය.
එමෙන්ම චරිත තුනක් නව කතාවේ ජීවන දෘෂ්ටිය ද සුවිශේෂී වේ. ජීවන දෘෂ්ටිය යනු ලේඛකයා විෂය කරගත් ජීවිත අත්දැකීම් පරිකල්පනයෙන් ජීවිතය මනුෂ්‍යත්වය හෝ සමාජ ක්‍රියාවලිය විෂයෙහි හෙළන ආකල්පයයි. කතුවරයා ගැඹුරු අර්ථයෙන් ඉදිරිපත් කරන අයුරින් ් මෙය මනා ලෙස ඉදිරිපත් කරනු ලබයි. චරිත තුනක් නවකතාව ඔස්සේ විග්‍රහ කරනු ලබන්නේ පොදු මනුෂ්‍ය ස්වභාවය වෙලා ගන්නා ධර්මතාවයයි. ජීවිතයෙහි අප කෙදිනක හෝ අප කරන ලද දේවල් ජීවිතයෙහි අප නොසිතූ මොහොතක එම සම්පත් අප ජීවිතයට ලැබිය හැක. මෙම පොදු ධර්මතාව ඉසාගේ චරිතය ඔස්සේ මනා ලෙස විග්‍රහ කරනු ලබයි.
       “මේ එකදු දෙයක්වත් මවිසින් අභිලාසීව ඇති කර දෑ නොවේ’‘ එහෙත් කිසියම් ආකාරයකින් ඒවා එසේ සිදුවී ඇත. මා දැඩි ලෙස අපේක්ෂා කල සැප සම්පත් ඒ අවදිවල ලබාගත නොහැකි වූ බව මේ වෘත්තාන්තය කියමන ඔබට පෙනී යන්නට ඇත. ඒවා ලබා නුදුන් අදෘශමාන බලවේගයම ඒවායේ ඇලුම් හලවිට දැන් මා වඩාත් ප්‍රිය කරන අපිස් ජීවිතයට පරඩලා පතක් මෙන් මා ගෙන ගොස් දමා ඇත.”
මිනිස් ජීවිතය තුළ පවත්නා පොදු ධර්මතාවක් මේ ඔස්සේ විග්‍රහ කිරීමට කතුවරයා උත්සාහ දරා ඇත. ජීවිතය පිළිබඳව ඉසා දන්නා ලද අයුරින් කතුවරයා මනාවූ විග්‍රහයක් ලබා දේ. ඉසා නැමති පුද්ගලයා ජීවිතය තුළ ආශා කරන සැප සම්පත් ඔහුට මේතාක් දුරට හෝ ලැබීමට හැකි වන්නේ ඔහුගේ ජීවිතය අන්තිම භාගයේදීය. නමුත් මෙම කාල වකවානුව තුළ ඔහුට එම සැප සම්පත් ලැබුන ද එම සැප සම්පත් භුක්ති විඳීමට තරම් ඔහු තුළ ප්‍රියතාවයන් නොමැත. මන්දයත් ඔහු තම මව, පියා මෙන්ම තම ආදරය කරන ලද ලලිතා නැමති ස්ත්‍රිය ද අහිමි වී තනිකඩ ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් බවට පත්ව ඇත. ඔහු පරඩලක් මෙන් ජීවිතය පිළිබඳ කිසිඳු ආශාවක් නොමැතිව හුදකලාව සිටින ඔහුට ඔහු ආශා කරන ලද ජීවිතයට ඔහු කාලය විසින් ගෙන ගොස් ඇත්තේ පරඩලක් මෙනි. එනම් කිසිඳු සොම්නසක් ඔහුගේ ජීවිතය තුළ ඔහුට විදින්නට නොලැබේ. මේ ඔස්සේ ඔහුගේ ජීවන දෘෂ්ඨිය කතුවරයා තම නිර්මාණ්‍ය තුළ මැනවින් හසුරුවා ඇත.
        තව ද නිර්මාණයක සාර්ථකත්වය කෙරෙහි දෘෂ්ඨි කෝණය ද වැදගත් තැනක් උසුලයි. අත්දැකීම ලේඛකයා විසින් ඉදිරිපත් කරනු ලබන ආකාරය දෘෂ්ඨී කෝණය නම් වේ. චරිත තුනක් නව කතාවේ දෘෂ්ඨි කෝණය යොදා ගැනීම එය මහත් වූ විචාරක අවධානයට ලක් වී ඇත. කතාව ඉදිරිපත් කිරීමට අතිශයින්ම උචිත මාර්ගය තෝරා ගැනීම මත නිර්මාණායේ සාර්ථකත්වය රදා පවතී. මේ අනුව මෙම නිර්මාණය සඳහා දෘෂ්ටි කෝණය වී ඇත්තේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයයි. මම නැමති පුද්ගලයාට විදීමට අත්දැකීමක් ලෙස මෙම කතා මාලාව විහිද යයි. කේ. ජයතිලකයන්ගේ තම ගම්මානය ඔස්සේ ලත් අත්දැකීම් ඉසා නැමති පුද්ගලයාගේ ආත්මකථනයක් ලෙස ඉදිරිපත් කරනු ලබයි. නිර්මාණය යථාර්ථමය පිළිබිඹුවක් බව විශ්වාස කිරීමට පාඨකයා පෙළඹිමත් කතාව කියන තැනැත්තා පාඨකයන් අතර සමීප සම්බන්ධයක් ඇති කරලීමත් කතුවරයා මහත් පරිශ්‍රමයන් දරා ඇත.
    “තාත්තා අප කරන සෑම දෙයක්ම ළමයින්ගේ සෙල්ලමක් හැටියට සලකා කිසිවෙකුට සහභාගී නොවෙයි. කාට කතා කරන්නේත් නම කියා මෙම ආකාරයටය. ඔහුගේ ආදරය බෙදී ගොස් ඇත්තේ කොයි ආකාරයට ද කියා දැනගැනීමට ක්‍රමයක් නැත.”
     කේ. ජයතිලකයන් තම නිර්මාණය මෙලෙස උත්තම පුරුෂ දෘෂ්ඨි කෝණය ඔස්සේ ඉදිරිපත් කරනු ලබයි. පියා තුළ පවත්නා ළමයින් කෙරේ සැගවුණූ ප්‍රේමය කතුවරයා ඉතාමත් සංවේදී අයුරින් ඉදිරිපත් කරනු ලබයි. මෙම පියා හා ඉසා අතර පවත්නා සම්බන්ධය කේ. ජයතිලක විදින ලද අත්දැකීම් බව ඇතැම් අවස්ථා වල ප්‍රකාශ කොට ඇත. තාත්තා කිසි විටෙකත් තමා තුළ පවත්නා ප්‍රේමය තම දරුවන් ඉදිරියේ නොපෙන්වයි. මේ සෑම පීතෘත්තවයටම පොදුය. අසීමිත ආදරය සිත තුළ සගවාගෙන ඉසාගේ පියා ද කටයුතු කරනු ලබයි.
නමුත් ඔහු කිසි විටෙකත් තම ප්‍රේමය නොපෙන්වයි. උත්තම පුරුෂ දෘෂ්ඨිකෝණය ඔස්සේ මෙය මැනවින් ඉදිරිපත් කරනු ලබයි.
       ඉහත කරුණූ ඔස්සේ චරිත තුනක් නව කතාව සුවිශේෂී වූ නිර්මාණයක් බවට පත් වී ඇත. කතුවරයා තම නිර්මාණය සදහා පාදක කරගනු ලබන අත්දැකීම් මෙන්ම ඒ සඳහා යොදාගනු ලබන නිර්මාණෘත්මක බස් වහර ගැමි ජීවන ශෛලිය මැනවින් නතු කර ගැනීමට උචිත වන අයුරින් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව නිර්මාණය දෙස විමසුම් ඇසින් බැලීමේදී පෙනී යන කරුණකි. සරල කාව්‍යමය ගුණයන් ද එකතු කර ගනිමින් නිර්මාණය මැනවින් හසුරුවා ලීමට කතුවරයා යොදා ගනු ලබන පරිශ්‍රමය සාර්ථක වී ඇත. සැබෑ සාහිත්‍ය කරුවා නිරතුරුවම සමාජ ප්‍රභවයන් සමඟ අනොන්‍යය වශයෙන් බැඳී සිටිය යුතුයි. ඒ වගේම සමාජය නැමති ප්‍රපංචය නිවැරදි අවබෝධ කරගත් පුද්ගලයකු විය යුතුයි. මෙම ගුණයන්ගෙන් කේ. ජයතිලකයන් මැනවින් සන්නද්ධ වී ඇති බව ඔහු නිර්මාණය තුළ චරිතාංග නිරූපණය යොදාගැනීම ඔස්සේ හඳුනාගත හැකිය. සමාජය තුළ විහිදී පවතින පුද්ගල චරිත තුනක් තම නිර්මාණය කෙරෙහි යොදාගෙන ඔවුන් තුළ පවත්නා පොදු සමාජ ධර්මතා මැනවින් හසුරුවාගෙන කතුවරයා ඉදිරිපත් කරන අයුරු ඉසා, සනා සහ රංජිත් යන පුද්ගලයන් තිදෙනා අතර පවත්නා මනුෂ්‍යත්වයන් තුළ පවත්නා අසමානකම් ඔස්සේ හඳුනාගත හැකිය. මේ ඔස්සේ කතුවරයා නිර්මාණය තුළ ඉදිරිපත් කිරීමට දරන හෝ මනුෂ්‍යත්වය සාර්ථක අයුරින් පාඨක සිත් තුළ එම චරිත කෙරෙහි යම් කුහුලක් ඉස්මතු වන ලෙස ඉදිරිපත් කරනු ලබයි. කතුවරයා තම නිර්මාණය තුළින් ඉදිරිපත් කිරීමට උත්සා හදරන අරමුණ සාර්ථක අයුරින් ඉදිරිපත් කිරීමට සමත් වී ඇත. මේ හේතුවෙන් මෙම නිර්මාණය කේ. ජයතිලකයන් අතින් බිහිවූ සුවිශේෂි නිර්මාණයක් ලෙස මෙන්ම සාර්ථකත්වය කරාද ලගා වූ නිර්මාණයක් ලෙස හැඳින්වීම වඩා අගනේය. ඒ ඔස්සේ මෙම නිර්මාණය සාර්ථක නිර්මාණයක් බවට ප්‍රත්‍යක්ෂයෙන්ම පත් වී ඇත.


ආශ්‍රිත ග්‍රන්ථ

  •   බණ්ඩාර තිඹිරියාගම, කේ ජයතිලක සහා ඔහුගේ නිර්මාණ, ඇස් ගොඩගේ ප්‍රකාශකයෝ
  •     ජයතිලක කේ, චරිත තුනක්
  •     කමාරසිංහ කුලතිලක, කෙටි කතා විචාර මුලධර්ම හා සම්ප්‍රදාය,ශීලා ප්‍රින්ටින් වර්කස්
  •     අන්තර්ජාලය ඇසුරින්

9 comments: