Saturday, 20 July 2019

නිමක් නොදුටු වෛරයක්


                අපේ අම්මා කීවේ ඇව වඩාත්ම ආදරය කරන ඥාති සහෝදරිය නාමලී නැන්දා බවය. එහෙත් අප කිසි දිනෙක නාමලී නැන්දා දැක තිබුණේ නැත. වරින්වර ඇය අපට පින්තූර එවූ නිසා ඒ නැන්දාගේ පුතා රවින්ද්‍රන් හා දුව පාර්වතී ඉතා පැහැපත් හා සුන්දර බව ද දැන සිටියෙමු.
    දිනෙන් දින රූපශ්‍රීය දැඩි ලෙස ඔප මට්ටම් වී හැදී වැඩුණු නාමලී නැන්දා ගමේ සිටින හැඩකාරම තරුණිය ලෙස අම්මා කියන ලද ප්‍රකාශ වලින් මට යම් තාක් දුරට වැටහී යන කරුණකි. ඇය දිහා නෙත් කොනකින් හෝ නොබලන ලද තරුණයෙතු ගමේ සිටින්නට නැතැයි අම්මා සැරින් සැරේ මට ඉඟි කරයි.
    “අපේ නාමලී ඒ කාලේ ශිවාලිංගම් අයියගේ වාසගමට හිටං ප්‍රේම කරානේ” අපේ අම්මාගේ කතාවට ආතම්මා රැව්වේ ළමයින් ඉන්නා තැන එවැනි කතා නුසුදුසු යයි අඟවන්නටය.
    දිනෙක අම්මා කරන ලද එම ප්‍රකාශය මා සිතේ මේ තරම් වර්ණනා කරන මවගේ සිතේ මේ තරම් ආදරයත් බැඳුණු මවගේ ඥාති සොහොයුරිය පිළිබඳ දැන ගැනීමේ කුහුල තව දුරට් වර්ධනය කරන්නට සමත් විය.
    මට තව දුරටත් ඉවසා සිටිය නොහැකි තැන අම්මගෙන් ඒ ගැන අසා දැනගනන්වා යන්න තරයේ සිතේ පැල පදියන් වන්නට විය. ආතම්මා ටිකක් එළියට පහලියට වනතෙක් මග රැකගෙන සිටින්නට මට සිදු වුණි.
    ආතම්මා සිටින තැව ඇසුවොත් බැණුම් අවලාද මිස මගේ සිතේ නලියන දේ දැන ගැනීමේ ආශාව කිසි දිනෙක සැබෑ නොවන බව මං දැන සිටියෙමි. මම කල් යල් බලා සිටි අවස්ථාන එළඹිණි.
“මොකක්ද අම්මෙ නාමලී නැන්දට වුණේ ”
    අම්මා ඉදිරියේ මගේ මුවින් ඉබේටම එම වදන් වැල ගලා ආවේය.
    නාමලී ශිවා ප්‍රේම වෘත්තාන්තය ටෙලි නාට්‍ය මෙන් සැබවින්ම සිදු වූ පුදුමාකාර කතාවකි. අම්මා කතාවට මග විවර කර ගත්තේ මේ අයුරිනි.
    ශිවා මාමා අප රටට ඇවිත් තිබුණේ තේ වත්තක සිට නෑයෙකු බලන්නටය. ඒ කාලයේ අපේ ී නැන්දා සිටියේ අපේ අම්මලාගේ ගෙදරය. නාමලී නැන්දාට තනිව දුම්රියෙන් යන්නට අවසර තිබුණේ ඇලේ පියා ගම්පොළ දුම්රිය ස්ථානාධිපතිව සිටි හෙයිනි.
    දිනක නාමලී නැන්දා තම යෙහෙළියකගේ නිවසට කළුතර බලා පිටත් වන්නට විය. තේ වත්තක නෑයෙකු බලා පැමිණ ශිවා මාමා නැන්දා ඉදිරිපිට අසුන්ගෙන තිබුණේ චිත්‍රපටයක මෙනි. දෙන්නා කතාවට වැටුණු හැටි හා කතා කළ දේවල් පවා අපේ අම්මා අකුරක් නෑර දැන සිටින්නට ඇත. එහෙත් ඒ දෙබස් හා ඉන්පසුව ඔවුන් රහසින් හමු වූවා ද නැතිද කාරණාව අම්මා සංස්කරණය කරන්නීය.
    නාමලී නැන්දා යහළුවාගේ ගෙදර සිය ආපසු දුම්රියේ එන ගමනේ දී ශිවාලිංගම් ද දුම්රියේම එන්නට ඇත්තේ ආපසු එන දිනය හා දුම්රිය ඇය ඔහුට කියූ නිසා විය යුතුය. අත්තම්මා කියන්නේ කරුමේ කෝච්චියට ගොඩ වූ බවය. දෙසතියක් ලංකාවේ ඉන්නට පැමිණි ශිවාලිංගම් මාමා තේවත්තේ සිටි තම මාමාගේ ගෙදර නැවතී රැකියාවක කිරීමට සිතා ගත්තේ නාමලී නැන්දා නිසාය.
    මෙලෙස දුම්රියේ දී හමු වූ ප්‍රේමය දින සති, මාස ගෙවී ගියේ සිතට ගතට නොදැනීය.
    සති දෙකකට නැවතීමට සිතා පැමිණි ශිවාලිංගම් මාමා මෙසෙ ලංකාවේ නතර වී සිටීම ඔහුගේ නිවසේ අයට මහත් සේ ගැටළුවක් විය. ඔහු තම ගෙදරට ඔවුන්ගේ පෙ5්මය ගන කියා සිටිය අවස්ථාවේ දැඩි විරෝධයක් එල්ල විය.
    එසේ දැඩි ලෙස විරුද්ධත්වය එල්ල වූයේ නාමලී නැන්දා ආගම්කාරයෝ නිසාය.
“බුද්ධාගමේ නං කමක් නෑ. එතකොට කෝවිලකට ගිහින් පුරුද්දක් තියෙනවනේ” ශිවාලිංගමගේ අම්මා කියා තිබුණා
“ලංකාවේ බෞද්ධයන්ගේ තරම දන්නවා නං ඒ මනුස්සයා කියන්නේ ආගමේ උනත් කමක් නෑ. ලංකාවේ හින්දා අකමැතියි කියලයි”
    වතාවක් අපේ අම්මා සුදර්ශනී නැන්දා එවූ පින්තූර බලමින් සිටින විට අපේ තාත්තා පැවසීය.
    අපේ අම්මා හැර හතර වරිගයම මේ ප්‍රේම කතාවට විරෝධය පා තිබිණි. අපේ පවුල් වල අපේ වයසේ කාටත් එය රෝමියෝ ජුලියට් මෙනි. නොයෙකුත් දුෂ්කරතා ත්‍රාසජනක සිදුවීම් වලින් පසුව දෙදෙනාටම මුහුණ දීමට මධුරාපුරයට පැන යන්නට දෙදෙනාගේ ප්‍රේමය උත්සුක විණි.
“ඉතිං ඒ ගොල්ලෝ බාර ගත්තාඳ’
“නෑ... එහෙනුත් විරුද්ධයිනේ. ඒ වුණාට අපේ නාමලී හින්දු විදියට හැඩ ගැහුණා. කෝවිලකට ගිහින් ඒ චාරිත්‍ර අනුව තැල්ලක් බන්දලා හින්දු සංස්කෘතිය වැළඳ ගන්නට තරම් නාමලී ශක්තිමත් වුණා”
“එයා අපිට අවනම්බු කරලා එහෙම ගියාට එහෙදී සෑහෙන කරදර විඳින්න ඇති. ඒ නැන්දම්මලාට ගැලපෙන විදිහට වැඩකරන්නේ කොහොමද? මෙහෙදී කිරි හොද්දක් හදලා නැහැනේ” ආතම්මා කියන්නේ මටත් අක්කාටත් අනතුරු අඟවන ස්වරයෙනි.
“ඒ නැන්දාට එහෙදී අර දෙම චිත්‍රපටි වල වගේ නැන්දම්මාගෙන් කරදර වුණාද අම්මේ?”
“එයා එහෙම දෙයක් ලියලා තිබුණෙ නැහැ. එයා දැන් හැමදාම ගෙදරටත් පිච්චමල් වැලක් කොණ්ඩෙ ගහගෙන සාරියක් ඇඳගෙන ඉන්න හින්දු භාර්යාවක් කියලා නං ලියලා තිබුණා”
    නාමලී නැන්දාගෙන් ශිවාලිංගම් මාමාගේත් මෙම ආදර කතාව මට මහත් පුදුමයක් විය. කෙතරම් බාධක හමුවේ වවු ද මෙම බාධක ගැන නොසිතා සංස්කෘතින් අතර ගැටුම පවා නොසිතා තම උත්තරීතර ප්‍රේමය ජය ගැනීමය තරම් ඔවුන් දෙදෙනා ශක්තිමත් විය.
    මම දිනක මාගේ මිතුරිවක්ට නාමලී නැන්දාගේ පවුලේ ඡායාරූපයක් පෙන්වූ අවස්ථාවේ නාමලී නැන්දාගේ පුතා වූ රවින්ද්‍රන් මස්සිනා දැක කෙල්ලන් රැල වශීකෘත විය.
“මේ කොල්ලා නං නියමයිනේ.. ෂාරුක් ඛාන් වගේමනේ ”
    අපේ කෙල්ලෝ මට විහිළු කලේ රවින් ද්‍රන් මස්සිනා ලංකාවට පැමිණියොත් ස්වයං වරයක් පැවැත්විය යුතු බව කියමිනි.
“අපි ඔක්කොම ඉදිරිපත් වෙනවා”
“වැඩක් නෑ... මිනිහා අපේ අක්කා දැක්කාට පස්සේ අපි සේරම කැලේ තමයි” ඒ මොහොකේ නිකමට විහිළුවට එසේ කීවත් පසුව මට සිතුණේ අපේ අක්කා වැනි රෝස මල් පෙත්තකට රවින්ද්‍රන් අයියා කදිමට ගැලපෙන බවය.
“රවින්ද්‍රන් අයියා අවුරුදු විසි හත වන විට ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමට හැකි වූ කථිකාචාර්යවරයෙකි. ඔහු ආචාර්ය උපාධිය ලබන දිනයේ උත්සවයට අපට ආරාධනා කොට තිබිණි.
“මේ කාලේ එහෙදි සිංහල මිනිස්සුන්ට කරදර වෙනවා. මේ ළමයි අරගෙන යන්නේ මොකටද? ගම්පොළ මාමලාත් අමනාප වෙන වැඩක්” ආතම්මා කීවාය.
“අපි යමු අම්මේ.. රවි අයියා ආචාර්ව උපාධිය සම්පූර්ණ කරන නිසාම නෙමෙයි... අම්මාට නිවාඩුවකටත් එක්ක අපි යමු” අක්කා යෝජනා කළාය.
    පෙරැත්තයකින් අනතුරුව අම්මා කැමති කර ගැනීමට අක්කා සමත් විණි. අක්කාත් මාත් බොහෝ පෙරැත්ත කළ නමුත් අප තිදෙනා පමණ් ඉන්දියාවට යවන්නට තාත්තා කැමති වූයේ නැත. අයියා ද අපගේ ගමනට සහභාගි වෙන බව පැවසීමෙන් අනතුරුව තාත්තා අපගේ ගමන සඳහා අවසරය ලබා දෙන ලදි.
    නාමලී නැන්දාත් රවී අයියාත් ගුවන් තොටුපළට පැමිණ තිබිණ. රතු පොට්ටුවත්, කොණ්ඩව බැඳ ඒ වටා තුන් පොටකට වැටෙන්නට සැකසූ පිච්ච මල් මාලයත්, සිහින් රන් බෝඩරයක් සහිත තැඹිලි පාට සාරියත්, කශයක් වැනි තාලියත්, අත පිරෙන රන් වළලුත්, රන් පැහැති ඔරලෝසුවත් නිසා නැන්දා සිංහල ගැහැනියක ලෙස නොපෙණින. හින්දු සංස්කෘතිය වැළඳ ගත් නියම දෙමළ ගැහැණියකගේ ගති ලක්ෂණ ඇය තුළින් දිස් විණි.
අපේ අම්මා සාරි අඳින්නට කම්මැලිය. එහෙත් නැන්දා, කියා එවා තිබුණේ හොඳ සාරියක් හැඳගෙන එන ලෙසය. අම්මාත් අප දෙදෙනාත් රන් ආභරණ පළඳින්නට කැමති නැත. එහෙත් නැන්දා කියා තිබුණේ අත කර පාලුවට එන්නේ නැතිනම් හොඳ බවයි. ඒ මාමාගේ පවුලේ අයට පෙනෙන්නට සිංහල ගැහැණියක පවතින මාන්නය තව දුරටත් නැන්දාගෙන් ගිලිහී ගොස් නැතැයි මට සිතිණි.
    නාමලී නැන්දා අප කැටිව ගියේ තට්ටු නිවාස සංකීර්ණයක පහතම මාලයේ නිවසකටය. එහි පිච්ච මල්වලින් ආවරණය වූ බිම් තීරුවක් ද තිබිණ.
    පාර්වතී අක්කා ගෙදර සිටියේ නැත. ශිවාලිංගම් මාමාගේ අම්මාට නාමලී නැන්දා අපව හඳාුන්වා දීමෙන් අනතුරුව අප ඒ ආච්චිගේ මුහුණ සිඹින විට ඇය නුහුරු කෝල ගතියකින් පස්සට වූවාය.
“මෙහෙ අපි වගේ මූණ ඉඹලා කතා කරන්නේ නෑ... අම්මාට පුරුදු නෑ. නාමලී නැන්දා සෙමින් මිමිණුවේ සිංහලෙනි. ඇගේ ස්වරයෙහි වූයේ දෙමළ උච්චාරණයකි”
    රවි අයියා දෙමළනේ හා ඉංග්‍රීසයෙන් වාඩි වෙන්නට ආරාධන කළේ ඒ ආරම්භක අසීරු මොහොත සමනය කරන්නට මෙනි.
    අපට දරා ගන්නට බැරි තරම් සංග්‍රහ සත්කාර ලැබිණ. එය යාබද නාන කමර සමි කාමර තුනක් තිබෙන තට්ටු නිවසක් නිසා අම්මාටත්, මටත්, අක්කාටත් එක් කාමරයක් ලැබිණි. අයියාට රවි අයියාගේ කාමරයේ ඇඳක් වෙන් කොට තිබිණි.
    පාර්වතී අප හා නිදහසේ කතා කළ නමුදු දෙමාපියන් හා නෑදෑයන් ඉදිරියේ හැසිරුණේ බොහෝ ගරු සරු ඇතිවය. ඇය නාමලී නැන්දා කිසි විටෙක අප හා කම මේසයට වාඩි වූයේ නැත. ඔවු් දෙදෙනාගේ රාජකාරිය වූයේ උණු තෝසේ හා පූරි ආදිය උණු උණුවේ මේසයට ගෙන ඒමය.
“ඇයි තෝසේ ටික එකපාර හදලා අපිත් එක්ක කන්න එන්න පුළුවන්නේ” යි අම්මා කී විට නාමලී නැන්දා, කීවේ එය හොඳ ගෘහණියකගේ ලක්ෂණයක් නොවන බවය.
“දන්නවාද අපේ පන්තියේ ළමයින්ගේ අම්මලාගෙන් අපේ අම්මා විතරයි දක්නේ කේක් හදන්න. අයිස් කෝපි හදන්න. කට්ලට් හදන්න. පැටිස් හදනන්න දැන ගෙන හිටියේ.” රවී අයියාද කතාවට එකතු විය.
“මුලදී මට තෝසේ, ඉට්ලි හදා ගන්න බැරුව හරි ප්‍රශ්නයක් වුනේ. ශිවාගේ අම්මා කිව්වා ඉට්ලි ටිකක්වත් හදා ගන්න බැරි නං ගෑනියෙක් නෙවෙයි කියලා” නාමලී නැන්දා එය කීවේ සිංහලෙනි.
    අපේ අම්මාටත් නාමලී නැන්දාටත් කතා කරන්නට බොහෝ දේවල් තිබිණ. එහෙත් නාමලී නැන්දාට විවේකයක් නොතිබිණ. පාන්දරින් අවදිවන ඇය කුස්සියට යා යුතු වූයේ උණුවතුර හා සාරියක් ඇඳ දෙවියන්ට පහන් දල්වා නළළේ විභූති ද ආලේප කර ගැනීනේ පසුය.
“ඉතිං කෑම හදලා ඉවර වෙන කොට නාපු එක වැඩක් නෑනේ” අම්මා කීවාය.
“මේ පවුලේ සිරිත එහෙමයි. කිසිම ලේලියෙකුට ඒවා බිඳින්න බෑ. දැන් මටත් ගානක් නෑ. මුල් කාලෙ නං පිස්සු වගේ තමයි. හැම මාසෙම එක එක දෙවිවරුන්ට පූජාවන් තියෙ දවසුත් එනවා. දෙවියන්ට හඳුන්කූරු පත්තු කරලා කටින් පීමලා හිටන්නේ නෑ කියල වත් මං දැනගෙන හිටියෙ නැහැනේ”
    හින්දු සංස්කෘතිය ගැන නැන්දාගෙන් අසන විට මම මහත් පුදුමයක් දැනුණා. සිංහල ගති සිරිත් ඇති කාන්තාවක් මෙතරම් ඉක්මණට එම සංස්කෘතියට හැඩ ගැසීමට පුළුවන් වුණේ කෙසේද යන්න මට මහත් කුතුහලයකි. මට විටෙක නැන්දා ගැන මහත් ආඩම්බරයක් සිතේ.
    නැවතත් නාමලී නැන්දා කටහඬ අවදි කරන්නට විය. නැන්දම්මා උයන පිහන භාජන තිබුණේ වෙනමය. ඒයායේ ආහාර පිසින්නට නාමලී නැන්දා අවසර නොතිබුණත් ඒවා ඔප වැටෙන්නට මැදිය යුත්තේ නැන්දාය.
“ඒක මාර නීතියක්නේ. මං නං එයාට ඕන එකක් කර ගන්න කියලා ඉන්නවා” මට ඉබේටම කියවුණි. අම්මා යාන්තමට රවා බැලුවාය.
“එයා නරක නෑ. එයා වයයි මේ වෙන කුලේක ගෑනියෙක් මස් මංශ උයන හැන්දක්වත් මුහවෙයි කියලා. එයා බාල දුවගේ ගෙදරින් කන්නෙත් නෑ. අපි නං ඉඳලා හිටලා මේ පුතාට ඕන හින්දා කුකුල් මස් උයනවා. මෙහෙ ඔය ආගම් පවුලක් වගේ මස් මාංශ කන පුරුද්දක් නෑ”
    නාමලී නැන්දා මේ විස්තර කීවේ වැඩ කරන අතරය. දින තුනක් ගෙවී ගොස් තිබිණ. එහෙත් ඇයට අම්මා හා විවේකීව දොඩමළු වන්නට වේලාවක් නොතිබිණ. ඒ තරමට ඇය හින්දු කුල කාන්තාවකගේ චරිතය මැනවින් ඉටු කළාය. දවස් ගෙවී ගියේය. අයියාට හා අක්කාට පමණ් නොව අම්මාට ද මා එපා වී ඇතැයි සිතින. මා කළේ ඒ අවට ඇවිදින්නට අවසර ගෙන පාරවල් ගානේ යාමය. මම ගමන් කරන මාර්ග වල හැරෙන දිශාව මගේ සටහන් පොතේ ලකුණු කර ගත්තේ පාර වරදෙතැයි බියෙනි. නව දේශයක් සොය ගත් ගවේෂකයෙකු මෙන් ඒ පාරවල් නිවාස, පාසල් හා කුඩා දේවස්ථාන රාශියක් මා සටහන් පොතේ ලකුණු කර ගත්තේ පාර වැරදෙතැයි බියෙනි.
    පටු පාරකින් හැරී මා යන විට එළවළු කඩ හා පාර අද්දර කූඩ තපා ගත් වෙර හන්දියක් රැසක් හමු වුණි. මා මද දුරක් අවට පරිසරයේ සිරි නරඹමින් ගමන් කරන විට මා පුදුම කරණ ගණයේ සිදුවීමක් මා නෙත ගැටුණි. එනම් රවී අයියා  අපේ අක්කාගේ හිසේ පිච්ච මල් වැලක් පටලනු දැකීමය. මා ගෙදරින් එන විට ඔවුන් සිටියේ මිදුලේ කතාබස් කරමිනි. ඔවුන් මා පසුපස ආවා නම් මට ඉව වැටෙන්නට තිබිණි. එසේ නම් ඔවුන් එන්නට ඇත්තේ වෙනත් කෙටි පාරකින් විය යුතුය. මම වහා එළවළු කඩයක් ඇතුළට රිංගුවෙමි. ඔවුන් පටුපාර අවසානය දක්වා ගොස් දකුණට හැරෙණු පෙනිණ.
    මා රහස් පරික්ෂකයෙකු මෙන් මිනිස්සුන්ට මුවා වෙමින් ඔවුන් පසුපස ගියේ ගැහෙන හදවතිනි. කොයි මොහොතේ හෝ ඔවුන් මා දකිනු ඇතැයි යම් තැති ගැන්මක් තිබබි. ඒ සමඟම මා නැතිව එසේ ඇවිද්නනට පැමිණීම ගැන සියුම කෝපයක් ද දැණින.
    රවි අයියාත් අක්කාත් අයිස්ක්‍රීම් තෝරනු පෙනින. මගේ දෙපා එතැනට ඇදුනේ නොදැනීමය. මම අක්කාගේ කොණ්ඩයන් ඇද හොර හිනාවකින් දෙතොල් තද කර ගතිමි.
“මෙයා... අපේ පස්සෙන් ආව ද?”
    මා නිදහසට කිව යුතු කාරණය ඇය විසින්ම සපයා දුන්නාක් බඳු විය.
“ඔව් ඕගොල්ලෝ මට කියන්නේ නැතුව ආවනේ ඉතිං. මාත් පස්සෙන් ආව..”
“මං ඔයාට කිව්වේ මේ අපේ නගා ලේසි පහසු බට්ච්කේ නෙවෙයි කියලා....”
    මට තවත් රසවත් දෙයක් රැගෙන නුදුන්නොත් පාර අයිනේ මල් මාල බැඳිමේ කතාන අම්මාට කියකවා යයි කියන්නට සිතින. එහෙත් එය මතු මාගේ අක්කාට කියා ප්‍රයෝජනයක් ගැනීම සඳහා ඉතිරි කර ගැනීම වඩා නුවණක්කාර යයි හැඟුණි.
“ඔයා මෙයා එක්ක මොකක් හරි තියේ නේද?” මා සිංහලෙන් කී විට අක්කා උත්තර නොබැඳ මඳ සිනා නැගුවාය.
    රණ්ඩු කෙක්කක් බඳු අපේ අක්කා එතරම කෝල වී එපමණ මෙල්ල වී සිටීම පුදුමකාරය.
    රවි අයියා අප කැටිය ඇඳුම් බලන්නට යාමට අපගෙන් කැමැත්ත විමසන ලදි. මටත් ඒ පිළිබඳ ආසාවක් කලින් සිටම සිතේ මතු වී තිබිණ. මටත් මොනවා හරි ගන්න ඕන” මා කීවේ ඉතා කපටි ස්වරයෙනි.
    අක්කා සල්වාර් ඇඳුම් කීපයන් ගත්තාය. රවි අයියා කීවේ මගේ වයසේ ළමයින් අඳින්නේ සිග සායවල් බවය. දිලිලෙස රත්තරන් පැහැති ඉරි වැටුණු සායවල් හා හැට්ට කෑලි ලංකාවට ගෙන ගොස් ඇඳිය නොහැකි නිසා ඒවාට මුදල් නාස්ති කිරීම නිෂ්ඵල යැයි අක්කා කීවාය.
“මටත් දිග සායක් ඕන. ඇන්කල්ට්ස් දාන්නත් ආසයි. එතකොට මං ඔයාලගේ ගෙදර ගියාම මං ලංකාවෙද කියලා කවුරුවක් අහන එකක් නෑ”
“ඒක හොඳයි. නංගි මෙහෙ නවතින්න. එතකොට හැමදාම මෙහෙ විදියට අඳින්න පුළුවන්. මේ අක්කාත් ආසයි කියන්නේ පිච්ච මල් දාගෙන ඉන්න” රවි අයියා කීවේ අක්කා දෙස බලාගෙනය. එය මට වඩා අක්කාටම එහි නවතින්නටැයි කීමක් බඳුය.
    මට දැන් දෙදෙනා අතර මොන මොනවද වෙනවා යන සැකය තව දුරටත් උත්සන්න විය. අක්කා කෙසේ වෙතත් රවි අයියා අක්කාට පිසසු වැටී ඇතැයි මට බලන බැල්මෙන්ම තේරී ගියේය.
    ඇඳුම් ගැනීමෙන් අනතුරු අප සියල්ලෝම නැවත නිවස බලා පිටත් විය. නිවසට යන විටත් අම්මා සහ නාමලී නැන්දාත් රාත්‍රී ආහාරය පිළියෙළ කරමින් සිටින්නට විය.
    සියල්ලෝම රාත්‍රී ආහාර ගැනීමෙන් අනතුරුව දවසේ ඕපාදූප නැවක කතා කිරීම එක් රොක් විය. රවී අයියා එකවරම කටහඬ අවදි කරන්නට විය.
“අපේ අම්මායි අප්පායි එකතු කරන්න උදව් කරපු එකම නෑයා ඕගොල්ලන්ගේ අම්මා විතරයි කියනවනේ..”
“අපිත් ඒක නම් අහලා තියෙනවා.” තොරතෝංචියක් නැතුව අම්මා නිතර දෙවේලේ නාමලී නැන්දා ගැන කියවන බව මට ඒ වේලේ සිහි විය.
“ඉන්ඩකෝතත මේ පාර ගියාම මං ඕගොල්ලන්ගේ පින්තූර ගම්පොළ සීයාට පෙන්නන්නම්කෝ.. එතකොට එයාටක් හිත උණුවෙයි” මට එකවර නැන්දා හා ගම්පොල සීයා අතර තියෙන විරසකය සිහි විය. ඒ දෙදෙනා නැතත් සමාදාන කරන්නට මට මහත් ආසාවක් විය. මා මෙසේ සිතුවිල්ලේ ගිලී පවතින විට එකවරම රවී අයියා නිහැඬියාව බිඳ දමන ලදි.
“ඒවා කියන්න බෑ. අපේ අම්මා අප්පාට හොරෙන් ලියුමක් දැම්මා. අපේ පින්තූරත් යැව්වා... කෝ උත්තරයක්වත් නැහැනේ ”
“ඒ ගොඩක් ඉස්සරනේ. මේ පාර බලන්ඩකෝ. මං කොහොමහරි එයාගේ හිත වෙනස් කරනවා.” මා එය තරයේම කීවෙමි.
    මෙලෙස දින කිහිපයක් ගෙවී ගිය පසු අප නැවතත් නිවස කරා යන දිනය ළඟා විනි. උf්ම ඇහැරුණ අප සියල්ලම තම බඩු මළුත් රැගෙන ගුවන් තොටුපල කරා යාමට සැරසිනි.
    නාමලී නැන්දාගේ, පාර්වති අක්කාගේ ඇස්වල කඳුළු පිරී පැවතිණි. මගේ හිතට ද මහත් පාළුවක් කාන්සියක් ආරූඪ වී තිබුණි. නමුත් කවදා හෝ මේ සියල්ල අතහැර දමා නිවසය යෑමට සිදුවනු බැවින් මම ලහි ලහියේ ගමන කරා සූදානම් විය.
    අච්චාරු වර්ග, රසකැවිලි, රිදී හා තඹ පැහැති ආහාර පිසින් බඳුන්, සාරී , ඇඳ ඇතිරිලි, සඳුන් සබන් හා වෙනත් තෑගි බෝග ද රැගෙන අප ගෙදර පැමිණෙන විට තාත්තා කට ඇරගෙන බලා සිටියේ විහිළුවටය.
“තමිල්නාඩුවම ගෙනත් වගෙයි”
    තාත්තා කීවේ අම්මා ඒ බෑග් විවෘත කොට පෙන්වන්නට ගත් විටය.
“නාමලී නෑදෑයෝ එක්ක හොඳින් ඉන්නවා වගෙයි”
“ ඒගොල්ලන්ට ඕන විදිහට ඉන්න හින්දා? හොඳින් තමයි එයා තාර කේරළේටවත් ගිහින් නැහැලු”
“ඉතිං ඕගොල්ලන්ට තිබුණානේ එයාවත් අරන් උතුරට ගිහින් බලලා එන්න”
“නෑ තාත්තේ නාමලී නැන්දා අපිත් එක්ක මධුරෙයි යක්ක ආවෙත් නෑ. ශිවා මාමාට කෑම හදනන් ඕන කියලා”
    මට එකවරම ඔවුන් ඉදිරියේ වූ පොරොන්දුව සිහිපත් විනි. නාමලී නැන්දාගේ තාත්තාගේ සිතේ පවතින වෛරය නැති කරනවා යන්න මම ඔවුන් ඉදිරියේ පොරොන්දු විය.
    මා අම්මාගේ අවසරයත් රැගෙන ලහි ලහියේ ගම්පොල සීයාගේ නිවස බලා යාමට ලැහැස්ති විය.
    එකවරම නිවසේ දුරකථනය නාද වන්නට විය. අම්මා දුවගෙන ගොස් රිසීවරය අතට ගැනීමට ලැහැස්ති වූවා පමණි. අම්මාගේ අත වැදී වීදුරුවක් බිඳී යන අයුරු නිවස දෙදරා යමින් රාවය දසත පැතිරී ගියේය.
    සියල්ලෝම එම සද්දයට සාලයට එකතු විය. තාත්තා නාද වන රිසිවරය තව දුරටත් නාද වීමට ඉඩ නොතබා අතට ගත්තේය. එම පණිවිඩයෙන් තාත්ාගේ ඇස් උඩ යන අයුරු දැක සියල්ලෝම බියට පත් විය.
    තාත්තාගේ මුවින් වචනයක් පිට වන තුරු අප නෙත් අයා සිටියේය. එකවරම තාත්කා කියන ලද දෙයින් අප සියල්ලෝම මුහුණට මුහුණ බලා ගත්තේය.
“ගම්පොළ සීයා නැති වෙලා..”
                                        
                                                                           නිමි.


   

7 comments: