
ලතැවිල්ල නිවා දමන
සුසුම් මාත්‍රයක් වන්නට හැකිනම් මට........
තනි තරුවක් වී රෑ අඹරේ
පායන්නට ඇත්නම් මට
සද නැති රෑ අහසේ
අන්ධකාරය දුරලන්නට.....
වැහිබිදුවක් වනු හැකිනම්
අකලට වහිනා වැස්සක
දිය ඉල්ලා හඩන බිමට
සිසිල ගෙනෙන්නට....
මදනල වන්නට ඇත්නම්
හමා ගොසින් දසතපුරා
විඩාබිදු පිසදා හරින්නට.....
පහන් එළියක් වන්නට හැකිනම් මට
අදුර රජයන ලෝකයට
ආලෝකයක් ගෙනෙන්නට.......